අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (9) ආරම්භ වෙයි.
මෙවර පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 2,06481 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත අතර දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.
විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සහ බන්ධනාගාර රැඳවූවන් සඳහා ද විභාග මධ්‍යස්ථාන වෙන්කර ඇත.
විභාගය අවසන් වන තෙක් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ හෝ උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බවත්
විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය පෙළපාලී, රැස්වීම්, උද්ඝෝෂණ, සංගීත සංදර්ශන ඇතුළු විභාගයට බාධා වන ආකාරයේ කටයුතු සිදුකිරීමෙන් වළකින ලෙසත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පොලීසිය දැනුම්වත් කර ඇති බව විභාග කොමසාරිස්වරයා කියයි.
විභාගය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු පිළිබඳ පැය 24 පුරා ක්‍රියාත්මක 1911 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දීමක් කළ හැකි බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවන්ට නිදහසේ විභාග ලියන්න අවස්තාවක් හදලා දෙන එක අපි හැමෝගෙම වගකීම, මෙවර අ.පො.ස සා. පෙ විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට අපේ සුභ පැතුම් ! (නදී)