පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සුමන සමන් දේවරූපය සිරිපා මළුව වෙත වැඩම කරවීමට පෙර ප‍්‍රථම දේවා පූජාව අද (11) සවස දුමින්ද දිසානායක මහතා විසින් සිදුකලේය.
2016 , 2017 සිරිපා වන්දනා වාරය හෙට (13) ඇරඹෙයි.
ශ‍්‍රීපාදස්ථානාධිපති සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් ප‍්‍රමුඛ මහා සඝරත්නය හමුවේ ශ‍්‍රීපාදස්ථානයේ සමන් දේවාලයේ සහ ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහා විහාරස්ථ සමන් දේවාලයේ තේවාබාර කපු මහතා ඇතුළු පාරම්පරික කපු මහත්වරු විසින් චාරිත‍්‍රානුකූල තේවා කිරීමෙන් අනතුරුව මහජනයා වෙත පුදපූජාවන් ස`දහා අවස්ථාව හිමිවෙයි.
ඒ අනුව ප‍්‍රථම පූජාව දුමින්ද දිසානායක ඇමතිවරයා විසින් සිදුකරන ලැබීය. ඒ සමගම මධ්‍යම පළාතේ ආණ්ඩුකාවර සරත් ඒකනායක මහතා ද සබරගමු පළාතේ අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික ඇමති භානු මුණිප‍්‍රිය, සබරගමු පලාත් සභා මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රභාත් මහේෂ ද අල්විස් සහ වරුණ ලියනගේ යන මහත්වරු ඇතුලූ විශාල බැතිමතුන් පිරිසක් මේ අවස්ථාවේ එහි සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික වැඩ වලට දේශපාලන අය (පක්ෂ භේදයකින් තොරව) ගාවාගැනීමට අපි කැමති නැහැ. පන්සල ආගමික ස්ථාන කියන්නේ පොදු තැන්. මේ අය මේ තැන් වලට ගියාම ඇතැම් අයගේ පහන් හැඟීම් තුරන් වෙනවා. දේශපාලන අය කියන්නේ කට්ටියක් කැමති තව කට්ටියක් අකමැති පිරිසක්. (නි)
සියලු දෙනාට සමන් දෙවි පිහිටයි! (නි)
මේ සිරිපා සමයේ සියලු දෙනා හට සුමන සමන් දෙවි පිහිට ලැබේවා..(හේ)
පාලිතගේ අදහසට මාත් එකයි .(හේ)
සාදු සාදු සාදු!!! (නි)