රජය එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් සමෘද්ධි සහනාධාර දෙතියි ද එයින් සමෘද්ධි ව්‍යාපාරය කඩා වැටෙතියි ද කියමින් සමෘද්ධි ව්‍යාපාරය රැක ගැනීමේ සංවිධානය බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිටදී අද (24) උද්ඝෝෂණයක් පැවැත්විය.
දිස්ත්‍රික්ක දහයකින් 5000ක් පමණ ඊට එක් වුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමිලා, ජොබ් කාඩ් ගැන දහම් කියපු කතාව ඇත්තයි. ඒ කාලේ අපේ ගමේ එකම පවුලේ සුදුසුකම් තියෙන දරු තුන් දෙනෙකුටම ආණ්ඩුවේ රස්සා නැති වුණේ තාත්ත ශ්‍රී ලංකා පාක්ෂිකයෙක් වුණු වරදිනුයි.එයින් දෙදෙනෙක්ම උපාධිධාරීන්. හැබැයි මහින්දගේ ආණ්ඩුව උපාධිකාර හැමටම රැකියා දුන්නත් ඒවා ලැබූ හුඟ දෙනෙක් ගොඩ තවත් ලොකු කරගන්න හිතාගෙන විළි ලජ්ජා නැතිව කොටි සමග එක පිලක සිට හංසයාට ඡන්දේ දුන්න. පාක්ෂිකයන්ට පමණක් සැලකීමත් විරුද්ධ පාක්ෂිකයන්ගෙන් එලව එලවා පළි ගැනීමත් යුඑන්පියේ ජන්ම ගති තමයි. ගමටම උපකාර කරගෙන හිටපු ශ්‍රිලනි පාක්ෂික දොස්තර කෙනෙකුගේ ගෙදරක් 1977දි බිමටම සමතලා කරපු පුවතකුත් මං අහලා තියෙනවා. (අ)
බුදු අම්මෝ උදිත ලොකුබණ්ඩාරත් සමෘද්ධිය ගන්නවද (බ)
කාට හරි පිස්සු (බ)
හොරු ටික ඉස්සරහින්ම යන්නේ. (ස)
ගරු මෛත්‍රිපාල මහතා ජනාධිපති උනේ අරාජික උන රට තුල නීතිය ස්තාපිත කර යහපලයකට මාවත හදන්න නේ... මිනිස්සුනේ තේරුම් ගන්න අලුත් දෙයක් කරන්න තවමත් බැරි බව. (ස)
දැන් ඉතින් අර යු එන් පි නඩේට ඕන විදියට අල්ලසුයි කප්පමුයි දෙයි.පොදු අපේක්ෂකයා හොඳ රූකඩයක් තමයි. (ස)
අනේ අහිංසක සමෘද්ධි ප්‍රතිලාභීන්, දේශපාලකයින්ගේ උගුල්වලට හසුවී තවතවත් දුප්පත්කමින් පීඩා විදිනවා. ලැබෙන ප්‍රතිලාභ අරන් ගෙදරටවී ඉන්නේ නැතිව නිකන් දුක්විදිනවා. පව් අසරණ මින්ස්සු. (ර)
මහා බැංකුවෙන් කොල්ල කපු සල්ලි වත් බෙදල දෙමුද.(ස)
පතෝල නායකයෝ ඉන්න කොට කොහොමත් සමුර්දිය කනවා.ප්‍රශ්නයකදී තොලකට ඇලවෙන පාලකයෝ. (ස)
සුමුදුහේවා මෙතන ලියන්නේ සමුර්දිය අරගෙනද ටිකක් මහන්සිවෙලා වැඩක්කරන්න බැරිද මෙතන බොරු ලිය ලියා ඉන්නේ නැතිව. (ස)
තම පක්ෂයේ අයට විතරක් සලකන එක යූ එන පී උපන් ගෙයි සිරිත. දැන් ඉන්න තරුණයෝ දන්නේ නැහැ ඒ කාලේ රස්සාවල් දෙන්න ජොබ් කාර්ඩ් දුන්නේ ගමේ යූ එන පී සමිතියට බැඳුනු අයට විතරයි. නමුත් මහින්දගේ ආණ්ඩුව උපාධිධාරී හැම දෙනාටම රස්සා දුන්න. වැඩිය හිටියේ යූ එන පී අය. ඒ අය ඡන්දෙ දුන්නේ මහින්දට නෙමෙයි හංසයාට. (ස) ඉතින් සමුර්ධිය යූ එන පී අයට විතරක් දෙන එක පුදුමයක් නෙමෙයි.
බුද්ධිමත් ජනතාවක් සිටින ශ්‍රී ලංකවේ මෙවැනි වැඩ විහිළුවක්! බලන්න අද කීදෙනෙක් නිකරුනේ කාලය කා දමනවද? රටකට ඕනෑ ඉදිරිය දකින මහන්සිවී කැපවීමේ වැඩකරන පිරිසක් (නි)
මම වගකීමෙන් කියන්නේ . මේ කතාව ඇත්ත. දැනට විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ දේ වෙනවා. (දිල්)
කෝටී ප්‍රකෝටි ගණන් ජනතාවගේ මුදල් කාපු ආඩම්බරකාර තාත්තාගේ පුතත් ඉන්නවනේ .කොහොමහරි බාප්පා බේරගන්නත් එපාය. (ස)
මෙන්න සුමුදුහේවා මහත්තයා යන යන හැමතැනටම ඇවිල්ලා සද්දේ දානවා. (නි)
ප්‍රතිලාභින්ගෙ මුදල් අරගෙන අස්වෙච්ච සේවකයන්ට දුන්න බව දන්නවනම් හා මිනිස්සුන්ව ඡන්දෙ දාන්න ගේන්න දුප්පතුන්ගෙ සල්ලි ත්‍රීවිල් වලට දුන්න බව දන්නවනම් අපිට විරැද්ධව මීටත් වඩා එයි නාමල් පුතේ. (ස)
සුමුදු හේවාට කෙනෙක් බුරාගෙන පැන්නා නේද? ඔහොම තමයි ඇත්ත කතාකරනකොට (නි)
මේ ටික දැක්කම පුදුම සන්තෝෂයක් තියෙන්නේ. මෙච්චර කාලයක් සීත කාමර වල හිටපු එවුන් පාරට ගේන්නත් යහපාලනයට හැකි වුණා ඕනා.(අ)
මම ඔය සමෘධිය ගැන නම් දන්නේ නැහැ . නුමුත් දහම් කියපු කතාව හරිය ට හරි .(අ)
දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන්ගත්තේ විභාග තියලද පහුගිය රජය (බ)
දැන් ඉතින් විසඳුම් ලැබුනද? (නි)
දැන් උද්ඝෝෂණ රැල්ලක් වෙලානේ... (නි)
දැන් හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටිලා.තව ඉදිරියට දුප්පත් අපට අයිතිවාසිකම් ලබාගන්න මේ විදියට පාරේ ඉන්න වේවි. (නි)
මේ ඉන්න අය සමෘද්ධි ගන්න අයමද ? එහෙමනම් පරික්ෂා කළ යුතුයි (දිල්)