(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇත.
මේ අනුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන 25 වැනිදා අඟහරුවාදා දිනයේද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ලබන 26 වැනිදා බදාදා දිනයේද කෝපා කමිටුව හමුවට කැඳවෙනු ඇත.
එම ආයතනවල පසුගිය වසරවලට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තා සහ වත්මන් කාර්ය සාධනය ඇතුළු කරුණු පදනම් කරගෙන මෙම විමර්ශනය පවත්වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට
පුරවැසියෙක්..... Tuesday, 18 April 2023 04:26 PM
විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් මෙම කමිටු හමුවට කැඳවා කරුණු විමසීමේ තේරුමක් නැත. අක්‍රමිකතාවලට වගකිවයුතු නිලධාරීන්ට තරාතිරම නොබලා අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් දඩුවම් ලබාදීම මෙන්ම රජයට සිදුකළ පාඩුව පෞද්ගලික ධනයෙන් හෝ දේපලවලින් අයකර ගැනීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. වැරදි කළ අයට දඩුවම් නොමැතිව කෝප් / කෝපා කමිටු රැස්වී තේ පානයට වැය කරන මුදල් වැය කිරීම පවා රජයට පාඩුවකි. බලධාරීන් මේ ගැන සිතිය යුතුය.