(විනීතා එම් ගමගේ)
සමෘද්ධි සහනාධාරය ලබා දීම සඳහා කළ සමීක්ෂණයේ දී තුන්වේල කන්නේ දැයි පුදුම සහගත ප්‍රශ්නයක් අසා ඇතැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.
තුන්වේල නොකන මිනිස්සු මේ රටේ නැති බව නොදන්නා, මේ ප්රශ්නය හැදු තැනැත්තා කවුදැයි තමන් තවම සොයන බව ද ඇමතිනිය කියයි.
මෙම ප්රශ්නය ඇත්තේ එකී සමීක්ෂණයේ 17 වන පිටුවේ යැයි කී ඇමතිනිය මෑතක දී කළ එම සමික්ෂණය හෙළා දකින බවත් පවසයි.
පසුගිය දිනවල සමෟද්ධිය කපා දැමූ බවට ආන්දෝලනයක් පැවති බව පැවැසූ අතුකෝරල මහත්මිය පසුගිය කාලයේ සමෘද්ධි සහනාධාරය දේශපාලනීකරණය වි තිබු බව රහසක් නොවේ යැයි ද කියයි.
විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය හරහා සෑම පහසුකමක්ම ලබා දෙන බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
ඇය මේ බව කීවේ ශ්‍රමික සුරැකුම ජංගම සේවය මගින් අම්පාර දිස්ති‍්‍රක්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ ගැටලූවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් පැවති වැඩසටහනට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
”පහුගිය දවස් වල ලොකූ ආන්දෝලනයක් තිබුණා සමෘද්ධිය කැපුවා කියලා. එහෙම එකක් නැහැ. මේ පණිවිඬේ අපි පුලූවන් තරම් දෙන්නේ. සමීක්ෂණයක් කරලා තියෙන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ .ගමේ විරුද්ධ පක්ෂයේ දේශපාලනය කරන අය තමයි මේ සමීක්ෂණය කරලා තියෙන්නේ. ලබා දීලා තියන තොරතුරු අනුව එයාලම කැපුවා කියනවා. එයාලම ලිව්වා කියනවා. මේක පුදුම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරලා . “
“සියලූ දෙනාම දැනුවත් වෙන්න ඕනි. සමෟද්ධිය දෙන්නෙ මේ රටේ අඩු වරප්‍රසාද තියන අඩු ආදායම්ලාභී අයට. පහුගිය දවස් වල ඒක සම්පූර්ණයෙන්ම ලබා දුන්නේ දේශපාලනීකරණය මත. “
“තවත් අහලා තියෙනවා මස් මාළු කනවද කියලා. මේක පුදුම නීතියක් බවට පත්කරන්න යනවා. මිනිස්සුන්ගේ ආදායම හොයන්නේ මේකෙන්ද. අපි ඒක හෙලා දකිනවා. නියම වශයෙන් ජනාධිපතිවරයා පිළිබඳ මේ රටේ මිනිස්සු විශ්වාසයක් තිබ්බේ මේ රටේ සියළුම පක්ෂ එකතුවෙලා ගෙනියන මේ සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්කළේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව.“

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලාගේ පාර්ශවයේ උදවිය මහා බැංකුව මංකොල්ල කාලා විනාශ කරපු රටේ අයහපත් ආර්ථිකය නිසා තුන්වේල නොකන මිනිස්සු මේ රටේ වැඩියෙන් සිටින බැවින්, ප්රශ්නය සැදූ තැනැත්තා පවතින අයහපත් ආර්ථිකය පිළිබඳ සාධරණව සිතා ඇතිබව පැහැදිළියි. රටේ ජනතාවට මස් මාළු හැටියට කන්න වෙලා තියෙන්නේ මහා බැංකුව මංකොල්ලකාපු අයගේ මාළු තමයි.
සමෘද්ධි සහනාධාර අරන් ඒකෙන් දියුණු වෙච්ච කෙනෙක් මම නම් දැකලා නෑ. නමුත් අන්ත දුගී දුප්පත් අයට සහනාධාරයක් විදිහට නැඟී සිටින තෙක් දෙනවා නම් හොඳයි. ඒත් ප්‍රශ්නේ කාලයක් තිස්සේ මේක දේශපාලනීකරණය වෙච්ච එකයි.
මා සිතන්නේ "තුන්වේල කන්නේ දැයි" අසා ඇත්තේ සමෘද්ධිලාභීන් හට ලැබෙන අදායම, තුන්වේලක් කෑමට ප්රමාණවත්දයි සොයා බැලීමටයි. මස්, මාළු කනවද කියලා අසා තිබෙන්නේ ඔවුන්ට රටේ පිළිගත් ප්‍රමිතියට තරම් ප්‍රෝටීන් ලැබෙනවද යන්න සොයා බැලීමටයි.
තුන් වේල නොකන මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. මෙයාල ඒක නොදන්නා එකයි ගැටළුව.
රටේ තුන්වේල නොකන දුප්පත් අය මේ රටේ ඉන්න බවවත් මේ ගොල්ලන් දන්නේ නෑ. ඇමතිවරු ජනතාවට කිට්ටු තරම එ්කෙන්ම පෙනෙනවා. මෙයත් අර ප්‍රංශයේ ඉස්සර හිටපු, "පාන් නැත්නම් කේක් කන්න" කියපු රැජින වගෙයි. මෙහෙම යනකොට, එයාට වෙච්ච සිද්ධියම තමයි මෙගොල්ලන්ටත් සිදුවෙන්නේ...
හොඳයි ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ, කියන විදියට පිටු 17 කටත් වැඩි ප්‍රශ්න පත්තරයක්නේ? මේගොල්ලන්ට ඔය මහජන නියෝජිත ලැයිස්තුවට නම දාගන්නවත් මෙතරම් ලොකු ප්‍රශ්න පත්තරයක් දීල නැතුව ඇති මගේ හිතේ?
තරහ වෙන්න එපා ඇමතිතුමි මෙහෙම කිව්වට. තුන් වේල කෙසේ වෙතත් කහට කෝප්පේන් වේල සරි කරගන්න ම්නිස්සුත් අපේ රටේ ඉන්නවා..
ඇමතිනිය රටේ ඇත්ත තත්වය දන්නේ නැතුවද , එහෙම නැත්නම් දැනගෙනම නොදන්නා බව අගවන්න හදනවද කියන්න මම දන්නේ නැහැ. එත් තුන්වේල තිය එක වෙලත් බොහොම අමාරුවෙන් කන මිනිස්සු රටේ ඕනේ තරම් ඉන්නවා. අද උතුරුමැද ගොවියට මොකද වෙලා තියෙන්නේ ? තුන්වේල තියා එකවේලක්වත් කන්න පුලුවන්ද ? උතුරේත් සමහර පැතිවල තත්වය මෙකමයි. හේන් වගාකරන මිනිසුන්ගේ තත්වයත් මෙකමයි. නියගය නිසා, එහෙම නැතිනම් අලි වගේ වනසතුන් උන්ට කන්න නැති නිසා හේන් විනාස කරලා.
පසුගිය ආණ්ඩුව මගින් දේශපාලනීකරණය කකරලද මෙම සමෘද්ධි සහනාධාර ලාබීන් සංසෝදනය විය යුතුය. එය සිදු කිරීමට පෙර සහනාධාර ලාබීන්ට සහනාදාර ලැබීමේ සැබෑ තත්වය හා ඒ තුලින් රටේ ආර්ථිකයට වන බලපෑම පැහැදිලි කරදිය යුතුවේ. මා විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලැබීම හේතුකොට අපගේ සමෘද්ධි සහනාදරය කැප දමන ලදී. ඒ වන විටද මාගේ දෙමාපියන් වයෝවුර්දය. මා හා මගේ මල්ලිට පවුලේ බරද දරාගනිමින් අධ්‍යාපන කටයුතු දැඩි අසීරුවකින් කරගෙන යාමට සිදුවිය මෙවැනි තත්වයන් දේශපාලන බලපෑම මත සිදුවිය මෙය වළක්වමින් සහනාදාර බෙදාහැරීම සිදු කලයුතු බව මගේ අදහස.
අතිගරු ජනාදිපති තුමනි, යහපාලනය පිරිසිදුව ඉදිරියට යනවනම් අපි කැමතිය නමුත් SB කිරිඇල්ල් රාජිත වහාම ඉන්න තනතුවලින් ඉවත් කර පසුපෙලට යවන්න. නැත්නම් මේ තුන්දෙනාගේ වැඩ අනුමත කරන හෝ වැඩවලට ඉඩදීඔබ බලා හිටියොත් ඔබත් එම ගණයට වැටෙනවා නියතය.
තුන්වේල නොකන මිනිස්සු රටේ නැත්නම් සමෘද්ධි දෙන්නත් අවශ්‍යතාවයක් නෑ නේ. රජය සහනාධාර දෙන්නේ ඕනේ මුලික අවශ්‍යතා සපුරගන්න බැරි අයට විතරයි. නිකමුන්ට කසිප්පු බොන්න ආධාර දෙන්න ඕනේ නැහැ.
පසුගිය කාලයේ සමෘද්ධිය දුන්නේ ඒ අයට ඡන්දෙ දාන අයට. ඇත්තටම ආදායම නැති අය වුණත් කැපිල ආදායම් තියෙන අයටත් දුන්න. මේ ගැන සමීක්ෂණය කරන එක හොඳයි. ඒවගේම වැරදි අයට සමෘද්ධි සහනාධාරය නිර්දේශ කරන ඒවගේම සුදුසු අයට නිර්දේශ නොකරන ග්‍රාම නිලධාරීන්ට විරුද්ධව අපරාධ නීතිය ක්‍රියාත්මක නොකලොත් මේක තවත් නාස්තියක් විතරයි.
තලතා නෝනා, ඔයාලා තුන් වේලට, හය වේලක් කනවා ඇති. එ්ත් මේ රටේ තුන් වේල තියා එක වේලක් වත් කන්න නැති මිනිස්සු ඇත්තේම නැද්ද?
සමෘද්ධිය පමණක් නොවෙයි, පහ වසරේ ශිෂ්‍යත්වය සමත් වුණාම දෙන ආධාරයත් නුසුදුසු අයට ලැබෙනවා. මම දන්න එක දරුවකුගේ පියෙක් ඔහුගේම ප්‍රාඩෝ රථයෙන් කිලෝමීටර 50ක් පමණ ගොස් එම මුදල් ලබා ගත්ත නමුත් රජයේ හෝ ගාමන්ට් එකක සුළු සේවකයකුට මෙම මුදල් දෙන්නේ නැහැ.