මුදිතා දයානන්ද
වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කරන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අබේවර්ධන මහතා මේ බව පැවසීය.
සමෘද්ධි අධිකාරිය යටතේ දහස් ගණනක් සේවය කළ නමුත් ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් නොලැබීම පිළිබඳව සාකච්ඡා කර එය දිවිනැගුම නමින් දෙපාර්තමේන්තුවක් බවට පත්කළ බවද ඒ අනුව සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කළ නිලධාරින්ගේ සේවය ස්ථිර කර හෝ අලූත් පත්විම් ලෙස ලිපි ලබාදිය යුතුව තිබුණත් ආණ්ඩුව පෙරළීම නිසා එය කළ නොහැකි වු බවද අබේවර්ධන මහතා පැවසීය.
2015 බලයට පත්වූ ආණ්ඩුවෙන් එම පත්වීම් ලිපි ලබාදිය යුතුව තිබුණ ද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මඟහැරිය බවද ඒ නිසා සේවකයින් දවස් ගණනක් තමන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවකට පත්ව සිටි බවද ඔහු පැවසීය.
වසර තුනක් තිස්සේ එලෙස පමා කරමින් සිටි පත්විම් ලබාදීමේ කාර්යය නව ආණ්ඩුව බලයට පත්වී මාසයක් වැනි කාලයක් තුළ ඉටු කිරිමට නව ඇමැති විමල් වීරවංශ මහතා කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වන බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි කාලයක් ඇමති වෙලා හිටියේ එස්.බී. බව අමතකද ? ජාතික ආණ්ඩුවක් කියලා හදාගෙන ඇමතිකම් අරගෙන සියළු වරප්‍රසාද භුක්ති විදලා අද ගිය ආණ්ඩුව කාලේ කියලා මිනිස්සු රවටන්න එපා. මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ.
අපි දැක්කා මැතිවරණ රැස්වීම් වලට සෙනඟ එකතු කරගන්න සමෘද්ධි නිලධාරීන් ගමේ මිනිස්සුන්ගේ නම් ලැයිස්තු අතේ තියාගෙන ලංගම බස් වලට කට්ටිය පටවපු අකාරය. එහෙම කරලත් මැතිවරණ දෙකකින්ම පරාජය වෙච්ච එකේ තව 7000 ක් අරගෙන දිනන්න වෙන්න ඇති උතසාහ කරන්නේ.
ඡන්දවලට එන සෙනඟ වැඩි කරගන්න වෙන්නැති.
වසන්ත හා සිරිමල් කියපුදේ හරි. සමෘද්ධිය කියන්නේ දියුණුව හා සංවර්ධනයට. 1994 සිට අවුරුදු 24 ක් සමෘද්ධිය කලානේ එයින් මේ රටට සිදුවුනේ සමෘද්ධි නියාමක/නියාමිකාවන්ගෙන ඉතාම ටික දෙනෙකුගේ දියුණුව පමනයි. රජය 1994 සිට වැයකල බිලියන ගණනක මුදලට සාපේක්ෂව ලැබුණු ප්‍රතිලාභයක් නැහැනේ. සිදුකලේ මැතිවරණ අවස්ථාවල මැතිවරණ වැඩට මිනිස්සු ගෙනයාම පමණයි. ජනමතයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින්ගසා පාලනය කරනවිට පත්වීම් කිරීමට බලයක් නැහැ