
(විනීතා එම් ගමගේ)
කළමණාකරණ සහයක නිලධාරිනියකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබීම හේතුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අද (29) වසා දමා තිබේ.
එම නිලධාරිනියගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
සතියට දින තුනක් පමණක් සේවයට එන ලෙස දන්වා තිබියදීත් මෙම නිලධාරිනිය සතියේ දින පහේම සේවයට පැමිණ ඇති බවත් ඇගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු බව ඉහළ නිලධාරින්ට දන්වා නැති බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අද දහවල් එම දෙපාර්තමේන්තුව වසා දැමුණු අතර එහි සියලු සේවකයන් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කළ බවද එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ සියලු ආශ්‍රිතයන්ට ඉදිරිපත් වනලෙස යුද හමුදාපතිතුමා සතියකටත් කලින් නිවේදනයක් නිකුත් කළා. රජයේ නිලධාරිනියක් ලෙස මෙය නොදන්නවා යයි සිතිය නොහැක. එබැවින් ඇය නිරෝධායන නීතිය උල්ලංඝනය කර ඇත. එහෙත් දඬුවම් නොලැබෙන බව අපි දනිමු.