IMG-LOGO

සමෘද්ධි දෙපාර්ත‍‍මේන්තුව වසාදමයි

(විනීතා එම් ගමගේ)
 
කළමණාකරණ සහයක නිලධාරිනියකට කොවිඩ් 19 රෝගය වැළඳී තිබීම හේතුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අද (29) වසා දමා තිබේ.

 
එම නිලධාරිනියගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
සතියට දින තුනක්  පමණක් සේවයට එන ලෙස දන්වා තිබියදීත් මෙම නිලධාරිනිය සතියේ දින පහේම සේවයට පැමිණ ඇති  බවත් ඇගේ සැමියා මාළු ව්‍යාපාරිකයෙකු බව ඉහළ  නිලධාරින්ට දන්වා නැති  බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
අද දහවල් එම දෙපාර්තමේන්තුව වසා දැමුණු අතර එහි සියලු සේවකයන් පීසීආර් පරික්ෂණ  සඳහා යොමු කළ බවද එම නිලධාරියා සඳහන් කළේය.



අදහස් (1)

සමෘද්ධි දෙපාර්ත‍‍මේන්තුව වසාදමයි

කපිල Thursday, 29 October 2020 04:45 PM

පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ සියලු ආශ්‍රිතයන්ට ඉදිරිපත් වනලෙස යුද හමුදාපතිතුමා සතියකටත් කලින් නිවේදනයක් නිකුත් කළා. රජයේ නිලධාරිනියක් ලෙස මෙය නොදන්නවා යයි සිතිය නොහැක. එබැවින් ඇය නිරෝධායන නීතිය උල්ලංඝනය කර ඇත. එහෙත් දඬුවම් නොලැබෙන බව අපි දනිමු.

:       3       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 59 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 247 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site