අසාධාරණ ලෙස විවේචනය කළැයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිගේ සංගමය විසින් අද (22) බණ්ඩාරගම නගර මධ්‍යයේ පවත්වයි.
අසාධාරණ ලෙස විවේචනය කළැයි විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතාට විරුද්ධව උද්ඝෝෂණයක් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිගේ සංගමය විසින් අද (22) බණ්ඩාරගම නගර මධ්‍යයේ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නිදහස තිබෙන නිසා එදා සමෘද්ධි නිලදරියකු ගස් බැඳීමට විරුද්දවත් උද්ඝෝෂණයක් කරමුද? (අ)
අජිත් පෙරේරා බැන්නේ අසාධාරණ වැඩක් කරලා තියෙන නිසා. මෙයාල හිතන් ඉන්නේ මේගොල්ලෝ තමයි ලොක්කෝ කියල. අහිංසක මිනිසුන්ගේ සමුර්ධියෙනුත් ගසාකන පොඩ්ඩක් බැන්නම රිදෙනවා(අ)
මේ අය වැරදියි. මොන පක්‍ෂයේ වුණත් ගරු නි.ඇමතිතුමා ඒ වෙලාවේ කතාකළේ ප්‍රජාතන්ත්‍රවාදීව. (නි)
නීතියටම වැඩකරන කට්ටියනේ මේ (නි)
මේ කට්ටිය ඡන්දෙට කලින් කොහොමද කිවුවේ? මහා ලොකු යහපාලනයක් ගැන කතාකළා. අද කොහොමද වැඩ? (නි)
ලජ්ජා වෙන්න ඕනි ජාතික ධනය පිනට කන්න. සමෘද්ධි දෙන්න ඕනි අන්ත අසරණ මිනිසුන්ට නමුත් සමෘද්ධි ගන්නේ ගොඩක් රැකියාවක් කළහැකි නිකමෝ ඉතින් කොහොමද රට ගොඩ නගන්නේ ? (අ)
බොහොම සන්තෝෂයි. ගොඩක් හොඳයි. හැබැයි ගිය ආණ්ඩුව කාලේ, මෙයාලගේ කෙනෙක් "ගස් බඳින" කොට, මෙයාලා වලිගෙ පස්ස පැත්තේ ගහගෙන කොහෙද දන්නේ නැහැ හිටියේ....? (අ)
මේ අයගේ කෙනෙක්ව ගහක බැදලා මාධ්‍යවලින් පෙන්වනකොට උද්ගොෂණකාරයෝ මුහුදු ගිහින්ද හිටියේ .මේ පින්හමිලට හැමදේම ආණ්ඩුවෙන් දෙනකම් ඉන්නේ නැතුව කම්මැලි කමට ඉන්නේ නැතුව රට වටේම තියෙන මුහුදෙන් මලුවෙක්වත් අල්ලගන්න ශක්තිය නැතිද ? (අ)
මේ වගේ වෙලාවට තමයි මර්වින් ඇමතිතුමා වටින්නේ .බණ්ඩාරගම පොලිසියේ වතුර බවුසර නැතිනම් ළඟ පාතකින් හොයල බලන්න (අ)
මේකට තමයි කියන්නේ යහපාලනය කියලා. ඕනෑම කෙනෙකුට බය නැතුව උද්ඝෝෂණ කරන්න පුළුවන්. ඇමතිවරයා ටිකක් සැරෙන් කතාකළත් පාරට බැහැලා කෑගහලා කියන්න අපිට නිදහස තිබෙනවා. ඉස්සර නිලධාරියෙක් ගස්බැන්ඳත් ගැහි ගැහි හිටිය අපිට දැන් තිබෙන ගැම්ම ආඩම්බරයක්. (නි)
කිය යුතු දෙය විජේරත්න මයා විසින්, පළකර ඇත. (ර)
ඔය එක්කෙනෙක් නම් මහින්ද සුළගට අහුවුණ කෙනෙක්නෙ. අපි නොදන්න මොණරතැන්න. (නි)
අජිත් පෙරේරා කියන්නේ නැගී එන, අවංක , වැඩක් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක්. එය උගත් සහ බුද්ධිමත් විදියට කතා කරන්න පුළුවන් දක්ෂයෙක්. ඒ නිසා මේ සද්ද වලට කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මේ සැළසුම් කරලා කරන දෙයක්. විජේරත්නගේ කතාව හරියටම හරි. (නි)
ඒක හොඳ නැහැ කියලනේ මේක පත්කර ගත්තේ. මේකෙනුත් ඒකම වෙනවා නම් යහපාලනෙන් වැඩක් තියෙයිද..? දෙයක් වුණාම පරණ දේවල් කතා කරලා වැඩක් නැහැ. ඒවා ආයේ නොවෙන්න වැඩ කරන්න ඕනෑ (නි)
සමෘද්ධි නිලධාරීන් කියන්නේත් රජයේ සේවකයින්.තමන්ගේ පෞද්ගලික දේශපාලන මතිමතාන්තර රාජකාරිට සම්බන්ධ කරගන්න හොඳනෑ.මේ අය පහුගිය පාලන කාලේ කාටද කඩේ ගියේ කියලා හැමෝම දන්නවා.මෙයාලට තාමත් බැරිවෙලා තියෙනවා වහල්භාවයෙන් මිදෙන්න.(හේ)
ගිය ආණ්ඩුව නරක නිසා ඒ අය එලවලා දැම්මා.දැන් අය නිසා අපි කරාම මොකද කියන ගොන් ප්‍රශ්නේ අහන මිනිස්සු ඉන්න රටක්. (හේ)
දැන් ඔය දේට ගන්න පියවර මොකක්ද?(හේ)
සාධාරණ ලෙස මිනිස්සුන්ට උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නීති රීති වහා ගෙන එන්න. ඉන්පසු ඒ ගැන දැනුවත් කරන්න. හැම නගරයකම එලෙස ආරක්ෂාකාරීව උද්ඝෝෂණය කළ හැකි තැන් ප්‍රසිද්ධ කරන්න. (හේ)
වැඩක් නැති වැඩක්.(හේ)
බලය ලබාගත්තට පස්සේ කියන්නේ මොනවාද කියලා දන්නේ නැහැ.(හේ)
අජිත් පෙරේරා හොඳ කෙනෙක් (නි)
කොහොමත් එතුමා කතාකරනකොට කියන්නේ මොනවද කියලා දන්නේ නැතුවා වගෙයි කතාකරන්නේ. මේකෙන්වත් හැදෙයිනේ (නි)
මේ උද්ඝෝෂණයට විරුද්ධව අදහස් දාපු අයගෙන් අහන්න තියෙන්නේ යහපාලනය කියන්නෙත් මොන තාලේ එකක්ද කියලා. අපි නම් ඡන්දෙ දුන්නේ ඇමතිවරු එහෙම නැතුව වැදගත් මහත්වරු වගේ හැසිරෙයි කියලා හිතාගෙන. (නි)
මේ අය බඳවාගෙන තියෙන්නෙ පසුගිය ආණ්ඩුවෙ දේශපාලන වැඩවලට. ඇත්තටම මේ අයට ඩියුටි ලිස්ට් නෑ. තියෙන්නෙ පෝස්ටර් ගහනව වගෙ වැඩ. බොහෝ දෙනෙක් ඉන්නෙ ගෙවල්වල. ඉස්සර ග්‍රාමසේවක කරපු වැඩවලින් කොටසක් නාමිකව දුන්නාට ඒව කෙරෙන්නෙත් නෑ. අජිත් පෙරේර කියපු කතාව හරි. නමුත් උඩ අය දන්නෙ නෑ.මර්වින් මෙයාලගෙ කෙනෙක් ගස් බැදපු වෙලාවෙ මර්වින්ගෙ ගේ වටකරන්නත් මේ අය ගියා. මීට වඩා දැවැන්ත උද්ඝෝෂණයක් කළා. මෙයාලව සනසන්න මහින්ද මර්වින්ව ඇමතිකමෙන් අයින් කලා. (අ)