ජීවිතයේ බොහෝ දේවල් සිද්ධ වෙන්නෙ නොහිතන විදියටයි. ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත‍්‍රයේ ”තරු” යුවළක් වන අතුලxසමිතා හටත් ජීවිතයේ නොසිතූ දෙයකට මුහුණ දීමට සිදු වුණා. ඒ මීට වසර කීපයකට පෙරදීයි. සියල්ල එලෙසින් අතීතයට මුසු වෙද්දී, සංගීතය තම ආත්මීය ප‍්‍රකාශනය කරගෙන ජීවිතයට මුහුණ දෙමින් සිටිය දී, අතුලගෙ ජීවිතයට එබිකම් කරමින් තවත් කෙනෙක් හිටියා. ඒ තමයි අමායා. ජීවිතය මායාවක්ම නොවේ යැයි සඵත කරමින් අමායා අතුලගෙ ජීවිතයේ ආදරණීය සහකාරිය බවට පත් වුණා. දැන් ඒ සියල්ල සිදු වෙළත් කාලයක් ගෙවී ගොස් අවසන්. මේ ගෙවී ගිය කාලයේ දී ”අතුල-අමායා” යුවළ මාධ්‍ය හමුවේ පෙනී සිටියේම නැහැ. අද මේ දෙදෙනාගේ කැදැල්ලට තවත් පුංචි අමුත්තියක පැමිණ සිටිනවා. ඒ තමයි ග්ලෝරිආනා ශෙනානියා. අතුල, අමායා සහ ශෙනානියා පුවත්පතක ඡුායාරූප පෙළකට පෙනී සිටි මුල්ම අවස්ථාව මෙයයි. ඒ වගේම ”අමායා” තව දුරටත් වූ නිහඬතාව බිඳ දමමින් පුවත්පත් පිළිසඳරකට එක්වූ මුල්ම අවස්ථාව ද මෙයයි.
ජීවිතේ ගොඩාක් හොඳයි. පුංචි දුව සහ අතුල එක්ක ගෙදරට වෙලා ගෙවන මේ ජීවිතයට මම ආසයි.
ඇයි මෙච්චර කාලයකට පුවත්පත් පිළිසඳරකට හෝ රූපවාහිනියේ හෝ පෙනී නොසිටියේ?
විශේෂ හේතුවක් තිබුණෙ නැහැ. නමුත් පෙනී සිටියෙ නැහැ. මුලින්ම හිතුවෙ වෙඩින් එකේ පිංතූර පළ කරන්න ඕනෑ කියලයි. ඊට පස්සෙ බබා ලැබුණට පස්සෙ බබා එක්කම පිංතූරවලට පෙනී හිටියොත් හොඳයි කියලා හිතුවා.
අතුලගෙ පසුගිය ජීවිතේ තිබුණු බැඳීම ගැන යමක් කතා කරන්න කැමති ද?
කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඇත්තටම අද වන විට සමිතයි මමයි කියන්නෙ හොඳ යෙහෙළියන් දෙදෙනෙක්. බොහෝ දේ ගැන අපි බොහෝ වෙලාවට කතා කරනවා. සමහර වෙලාවට මට අසනීපයක් වුණාම, ඒ වගේම දුවට අසනීපයක් වුණත් මම සමිතාගෙන් කෝල් කරලා අහන වෙලාවල් තියෙනවා. එච්චරටම සමීප බැඳීමක් තියෙන්නෙ.
”අතුලයිxසමිතයි” වෙන් වුණා කියලා ඒ දෙන්නා අතර විරසකයක් නැද්ද?
කොහෙත්ම නැහැ. සමහර වෙලාවට අපි කට්ටියම එකට ඉඳලා ඡුායාරූප ගත්ත ඒවා ”ෆේස්බුක්” පළ වෙලා තිබුණා. ඉතින් ඒ වගේ අවස්ථාවල දී සමහරු ඒවාට කමෙන්ට් කරලා තිබුණෙ ලැජ්ජා නැද්ද? එහෙම කියලයි. ඇත්තටම මිනිස්සු ගහ මරා නොගෙන සාමයෙන් සතුටින් සිටීම කොච්චර හොඳ දෙයක් ද? ඒ ළමයි දෙන්නටත් තාත්තා ඕනෑ. විනෝද ගමනක් ගියත් එයාලට එකට යන්න පුළුවනි.
කොහෙත්ම නැහැ. සමිතයි-මායි හරිම එකතුයි. අතුලගෙ සමහර දේවල් ගැන කතා කරලා විහිළු කර ගන්න හරි පුළුවනි. අතුල සමිතා වෙන් වුණා කියලා ප‍්‍රශ්නයක් නැහැ. දරුවන්ට එයාලගෙ ”අම්මා-තාත්තා” තව දුරටත් සමීපයි. මගේ දුවට ශෙනානියා කියන නම දැම්මෙත් අතුලගෙ පුතා ෂේන්.
අමායාට මතකද අතුල ඔබට හමුවූ මුල්ම දවස?
හොඳට මතකයි. ඒ කාලයේ දී මම අතුල අයියා කියලා කිව්වෙ. මොකද එයාගේ ගීතයක රූප ජවනිකාවලට පෙනී සිටියා. ඒ 2005 දී විතර. මුලින්ම අපි එහි නර්තන ජවනිකාවකට පෙනී සිටියා. ඊට පස්සෙ නර්තන සහකරු ලෙස අපි පෙනී සිටියා. ඇත්තටම අපි අතර එදා තිබුණෙ හොඳ මිත‍්‍රත්වයක්. කාලයක් තිස්සෙ මේ දැන හඳුනා ගැනීම තිබුණා.
පසුව කෙදිනක හෝ අතුලxසමිතා අතර විරසක වීමක් වුණා නම් ඒ ඔබ නිසා නොවේ ද?
සහතිකෙන්ම නැහැ. මම කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. ඒ වගේම කවදාවත් අතුල මට එයාගේ පුද්ගලික ජීවිතයේ කිසිවක් කිව්වෙ නැහැ. මොකද අතුල කියන්නෙ හරි ගෞරවයකින් ජීවත් වන, අනෙක් අයගෙත් ගෞරවය රකින කෙනෙක්. මාත් එහෙමයි. හැබැයි කාලයක් යද්දි මට තේරුණා මේ දෙන්නා අතර දුරස් වීමක් ඇති වග. ඒත් එයාලගෙ පුද්ගලික ජීවිතයට එබිකම් කරන්න මට ඕනෑ වුණේ නැහැ. මම අතුල අතර හොඳ යාළුකමක් විතරයි එදා තිබුණෙ. එයාලගෙ වෙන් වීමෙන් පසුව තවත් කාලයක් ගිහින් තමයි අපි තීරණයකට ආවේ. හොඳම යාළුවෝ අන්තිමට පේ‍්‍රමවන්තයින් වුණා. ඊට පස්සෙ 2010 දී විවාහ වුණා. දැන් අවුරුදු හතරක් ගෙවිලා. අපිට දුවෙකුත් ඉන්නවා. අපි අපේ ජීවිත ගොඩ නගා ගෙන යනවා. කිසිදු හැල හැප්පීමක් කා එක්කවත් නැහැ.
අතුලට කලින් පේ‍්‍රමයක් තිබිලා නැද්ද?
තිබුණා. නැහැ කිව්වොත් ඒක බොරුවක්. තාරුණ්‍යයට බොහෝ විට ඒවා අමුතු දේවල් නෙවෙයිනෙ.
අද අතුල සමග ගෙවන ජීවිතය ගැන ඔබ හිතන්නෙ කොහොම ද?
දැන හඳුනාගෙන සෑහෙන කාලයක්නෙ. ඇත්තටම අතුල කියන්නෙ ”නිදහස” කියන දේ උපරිමයෙන් අපේක්ෂා කරන කෙනෙක්. ඒ කියන්නෙ ජීවිතයට තහංචි දානවාට, බලපෑම් කරනවාට එයා කැමැති නැහැ. අතිශය සරල චරිතයක්. මම හිතන්නෙ එයාගෙ නිර්මාණකරණයේ යෙදෙන විට ඒ නිදහස අවශ්‍යයි. ”තේ” එක බොන්න කියලාවත් දෙපාරක් කියන්න ඕනෑ නැහැ. එයාට අමතක වුණොත් හවස හරි තේ එක බොයි. ඒ සිතිවිලි තේරුම් ගන්න ඕනෑ. එහෙම තේරුම් ගන්න මම උත්සාහ කළා. දැන් මට තේරෙනවා එයා හරිම සාමාන්‍ය චරිතයක්. එයා එයාගෙ වැඩ නැති වෙලාවට ජීවිතය ගෙවෙන්නෙ ගෙදර. එයා කැමැති ඒ විදියටයි.
නිදහසේ ගෙදර සිටින විට මොනවද ඔහු කරන්නෙ?
ෆිල්ම් පිස්සෙක් කිව්වොත් හරි. වැඩිපුරම කරන්නෙ චිත‍්‍රපට නරඹන එකයි.
එයාගෙ කෑම බීම පවා හදලා දෙන්නෙ ඔබම ද?
ඔව්, බබා ලැබෙන්න සිටිය දී එයා ගෙදර වැඩට කෙනෙක් ගනිමු කිව්වා. ඒත් මට ඕනෑ වුණේ මගේ අතින්ම සියල්ල කර දෙන්නයි. ඒකට මම කැමැතියි. මහා ලොකු දේවල් හදලා ඉල්ලන්නෙ නැහැ. හැබැයි වෙලාවට කෑම ටික තියෙන්න ඕනෑ.
සම්බෝල, කිරි හොදි එක්ක අඹ හදලා තියෙනවා නම් ගොඩාක් ආසාවෙන් බත් කනවා. සංකීර්ණ නැහැ. හැම දෙයක්ම හරි ලෙහෙසියි.
අතීතයේ දී කවුරු හරි ඔබට දෝෂාරෝපණය කළා නම්? අතුලxසමිතා වෙන් වුණේ ඔබ නිසා කියලා?
කළා නම් නොවෙයි. සමහරු එදා මට කෝල් කරලා පවා බැන්නා. ඒත් කවදාවත් මම පවුල් කඩන කෙනෙක් නෙවෙයි. සමිතා පවා ඒ ගැන දන්නවා. පවුලක් වෙන් කොට පවුල් කන්න තරම් අවශ්‍යතාවක් මට තිබුණෙ නැහැ.
මම කලාවට ලැදියි. නර්තනය හැදෑරුවා. පසුව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කළා. විවාහයෙන් පසුව ඉවත් වුණා. මතුපිටින් දකින විදියට පෙනෙන විදියට වඩා මම ඇතුළාන්තයෙන් අර්ථවත් කියලා හිතෙනවා.
ඔබ අතුලට ආදරය කළාට ඔබගෙ ප‍්‍රියතම ගායකයා ශිහාන් නේද?
ඔව්. ඒක හරි.
අතුලගෙ ඔබ කැමැතිම ගීතය?
දවසක් අතුල වැඩ සටහනක දී ගීතයක කොටසක් ගැයුවා. ඒකට මම හරි ආසයි. අදටත් ඒකට ආසයි.
මොකක්ද ඒ?
”මා ඔබට ආදරේ බව” කියන සිංදුවට.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු සාමකාමී නම් ලංකාවේ උසාවි වල අවුරුදු ගණන් ඇදි ඇදී ගොඩගැහිලා තියෙන දික්කසාද නඩු සෑහෙන ප්‍රමාණයක් ඉවත්වෙනවා. වෛරය පළිගැනීම නිසා රටේ සම්පත්, කාලය, සල්ලි හා ජීවිතය නැවත ගන්න බැරි බොහෝ දේ අහිමිවෙනවා. මේ අය එ් අතින් වාසනාවන්තයි. (නි)
අම්මපා! අපේ ගැහැණු අපිව දාලා යන්නෙම නැහැනේ දුම්මල ගැහුවත්.. (නි)
සුබ පැතුම්! (නි)
ලස්සන පවුලක්. වාසනාවන්ත ජීවිතයකට සුභ පතමි. (නදී)
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්...හැඩූ දා කදුලයි දකින්නේ සිනාවේ සරදම්. (නදී)
ගැළපෙන ජෝඩුවක්! (නි)
අමතක කරලමු පැරණි කතා. එක්වෙමු ජිවිත දියුණ පතා.(හේ)
පුදුම ලස්සනක් තියෙන්නේ. විශේෂයෙන් දූ පැටියා. දැක්කම හරිම ආසයි. නඩු කිය කියා රණ්ඩුවෙන පවුල් වලට වඩා කොච්චර හොඳද. (නි)
හරිම සතුටුයි මේ විස්තර වලට. මුළු ලංකාවේම අයට මේ විදියට ජීවිතේට මුහුණ දෙන්න පුලුවන් නම් ළමයින්ගේ ලෝකය කොච්චර සුන්දර වෙයිද....... (නි)
මමත් එකපාරක් වැරදුන කෙනෙක්. නැවත ලස්සන ජීවිතයක් හදාගන්න දුක් විදිමින් සිටින කෙනෙක්. මටත් මේ වගේ ලස්සන පවුලක් හදාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. (නි)
සුභපැතුම්.(හේ)
අමායාගේ හිතේ කිසි කුහකකමක් නැහැ වගේ පෙනෙනවා ඇය කතා කරන විදියෙන්. ඒක තමයි ඇයට හරි යන්නත් හේතුව මම හිතන්නේ. ඹබ පවුලටම මගේ සුබ පැතුම්. (නි)
පළමු කසාදේ කැඩුනයි කියලා බාර් ගානේ බිබි ඇවිද්දේ 70 ගනන් වල ෆිල්ම්ස් වල. ඇත්තටම මේක හොදයි. කොච්චර ලස්සනද? කවුරුත් ජිවිතේ තනි වෙන්න අවශ්‍ය නැහැ. සතුටින් ඉන්නයි ඔිනේ. (නදී)
අතුල-සමිතා මම ආශා කරන දෙදෙනෙක්. ඉදිරියට තව හොඳ නිර්මාණ බිහිකරන්න (නි)
හොඳට ගැළපෙනවා. සුබ පැතුම් අතුල සහ අමායා! (නි)
මෙහෙම ගියොත් මේකත් ඇමරිකාවක් වෙයි වගේ වැඩි කාලයක් නොයා! (බ)
සුබපැතුම් (අ)
ලංකාවෙ කොල්ලො නැති නිසාද මේ වයසක ඉලන්දාරියා හොයා ගත්තෙ ?? මේ හාදයගෙ දුව හෙට අනිද්ද බඳින්න ඉන්නෙ. කියන කතා විතරක්...පවුල් කඩන්නෙ නෑලු...ලැජ්ජා නැතිකම මහ මුදලිකමට වඩා ලොකුයිලු (අ)
සමිතා ගැන මට දුකයි (නි)
කන්න ඕන වුණාම කබරගොයා තලගොයා කර ගන්නව කියන්නෙ ඕකට තමා (අ)
දෙන්නා හොඳට ගැලපෙනවා. (ර)
බොහොම හොඳයි (නි)
රන්ඩු වෙලා මරාගන්නවට වඩා මෙහෙම වෙන එක ගොඩාක් හොඳයි (නදී)
කිසිදෙයක් ගැන ඕනවට වඩා හිතන්නෙපා, (අ)
සීමා මායිම් වලින් එහට ගිහින් මේ හිතන කියන දෙවල් අත්තටම හොදයි. සීමා දාගෙන හිරවෙලා විඳවලා මොකටද සතුටෙන් ඉඳලා අවුරුද්දක් හරි මැරෙන එක ඊට සෑපයි (නදී)
කිසිම ගානක් නැතුව කියන හැටි! (නි)
මේවා කරගත්තට කමක් නෑ. ලෝකෙට කියන්න ඕනේ නෑ. අම්ම, තාත්ත, වෙන් වෙනවා කියන්නේ දරුවන්ට ලොකු වේදනාවක්. කරන කසාදෙ පුළුවන් තරම් හොදට හොයල කරගන්න එතකොට දෙකක් බදින්න වෙන්නේ නැහැ. දෙමාපියෝ ලඟ නැති ගොඩක් දරුවෝ සමාජයේ කොන් වෙනවා. මේ දෙන්නට සුබ පතනවා නමුත් අනෙක් අය දික්කසාද වෙන්න යන්න එපා. (ර)
අතුලගේ දුවගේ වයස වගේ නේද (නදී)
ඔබ දෙපළට සුබ අනාගතයක්! (නි)
මෙයාලාගෙ නිර්මාණ රසවින්ඳාට මෙයාලාගෙ පෞද්ගලික ජීවිත නම් ආදර්ශයට ගන්න එපා (නි)
සුභ පැතුම්.(හේ)
අමතක කරමු තිදෙනාගේ පැරණි පෙම්කතා. එක්වමු පවුලේ දියුණුව පතා.(හේ)
දැන් අරය එතකොට ? (නදී)
සඳ තරු මල් සින්දුව ඇහෙන වාරයක් ගානේ, මට මහා අමුතු මොකද්ද හැඟීමක් දැනෙනවා. අතුල සමිතා කියන්නේ එක නමක් කියලයි මම ඇත්තටම පුංචි කාලේ හිතාගෙන හිටියේ. ගොඩක් සතුටුයි දෙන්නා එකට වේදිකාවේ දකිද්දී. පුද්ගලික ජීවිත කොහොම වුණත්, අතුල සමිතා කියන්නේ අදටත් මට එක නමක්. (නි)
තරහක් නැතිව ජීවත් වෙන්න.(හේ)
චූටි බබා හරිම ලස්සනයි. හුරතල් කෙලි පැටික්කියෙක්. (බ)
අතුල අධිකාරි කියන්නේ හරි ආදරණීය චරිතයක්. ඔහුට කවදාවත් වරදින්නේ නැහැ. සුබ පැතුම් අයියේ. (නි)
සුභ පැතුම් දෙන්නටම.(හේ්)
අද කාලේ සමාජේ දිහා බැලුවාම දකින්න ලැබෙන පළි ගැනීම වලට ගහ මරා ගැනීම් වලට මේ දෙදෙනා හොදම උදා හරණය සහ ..ආදර්ශය වෙලා තියන එකට මම ගොඩාක් සතුටු වෙනවා ..! ප්‍රශ්න ඇති හැමෝම පවුල පරිසරය ගැන මේ ආකාරයෙන් හිතනවානම් ..මිනී මරණ එක අඩුවෙවී ..!.(හේ)
මනෝජ් ඔයා හරියටම හරි. කෝච්චර හොඳද මෙහෙම ඉන්න එක. නමුත් ලංකාවේ හුගක් මිනිසුන්ට ඕනෑ රණ්ඩු වෙලා කෙස්වලු පටලාගන්නවා බලන්න. තිත්ත ඇත්ත ඒකයි. (නි)
ලස්සනයි. සුබපතනවා පවුලටම.......(අ)
මේක පුදුම ලෝකයක්.(හේ)
අනේ මට නම් ඔය බහු බුත තේරෙන්නෙම නැතෝ (නදී)
දෙවැනි විවාහය වුණත් කොච්චර ලස්සනට දරුවෙකුත් හදාගෙන ගෙනියනවද? ඹබ දෙපලට හදවතින්ම සුබපතනවා. (අ)
පොඩ්ඩා හඳ පෑව්වා වගේ. ඇත්තටම ලස්සනයි. හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න සුබපතනවා. (නි)
ජීවිතයේ සිදුවන වැරදීම් හදාගෙන ඉදිරියට යන්න. නමුත් සිදුවූ වැරදීම් ගැන පුරාජේරු දොඩවන්න එපා. (නි)
ඔබ දෙපලට ආශිර්වාද කරමි. එහෙත් මේ සංසිද්ධිය පූර්වාදර්ශයක් කරනොගන්නා ලෙස තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටිමි. (නි)
මහසෙන්, මමත් මේ තනිවම ගෙදර ඉන්න අවිවාහකයෙක්. පළමු විවාහයෙන් ඔයා ඉගෙනගත් පාඩම් අපිටත් කියන්නකෝ. එතකොට අපේ පළමු විවාහය වරදින්නේ නැතුව කරගෙන යන්න පුළුවන්නේ. (නි)
ඔබට සුබ පැතුම්.! (ර)
අනේ මන්දා! ඔවුන් කියනවා, අපි අහනවා (නි)
ලස්සන පින්තූර ටික. ජිවිතෙත් සාර්ථක වෙන්න කියලා පතනවා..(හේ)
බලාගෙන පරණ දේවල් මතක්වෙයි . එහෙම වුනොත් ඔක්කොම ඉවරයි. සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා. ස්තුති.(අ)
වාසනාවන්ත ජීවිතයකට සුබපතමි. බුදුසරණයි...! (ර)
රොබට්,දිල්, ඔයාලා එහෙම කිව්වට සමිතා නම් එහෙම කියලා නැහැ. ඇය හැමවිටම මේ දෙපළට ප්‍රසිද්ධියේ සුබ පතනවා මම දැකලා තියෙනවා රූපවාහිනී මාධ්‍යයෙන්. ඔබ හදන්නේ මේ දෙන්නා කොටවලා සාම්ප්‍රදායික විදියට මඩ ගහගන්නවා බලා සතුටු වෙන්න. (නි)
මෙහෙම ඉන්නවා දකිනකොට ඊර්ෂ්‍යා කරන්න එපා. මේ පවුල් දෙකම හොඳට ඉන්නවා. දරුවොත් හොඳින් ඉන්නවා. ඉතිං කොච්චර හොඳද? (නි)
නිළියො දෙන්නෙක් නඩු කියාගන්න ගියාම කට්ටිය බැන්නා ඇයි මේ උඩ බලාගෙන කෙළ ගහගන්නේ කියලා. සමිතයි, අමායයි සමාදානෙන් විසඳාගත්තම ඒකටත් බනිනවා. අනේ මන්දා ලංකාවේ සමහර මිනිසුන්ට මොනවා කළත් වැරදියි. ඇට නැති දිව හැම පැත්තටම වැනෙනවා කියන්නේ ඹ්කට තමයි. (නි)
මොනවා උනත් ලස්සන කැපෙන ජෝඩුව. සුබ පතනවා ඉදිරියටම යන්න දූ පැටියත් එක්ක. (නදී)
සමහර කලාකාරයෝ මහා ජරා මිනිස්සු. (බ)
සමිතා අක්කි නම් හැම තිස්සෙම ඉන්නේ හිනා වෙවි පුදුම තරම් සන්තෝසෙකින්. අතුල අයියලා වැඩසටහනකට ආවොත් අක්කි කතා කරලා විෂ් කරනවා. අමායක්කි ගැනත් මතක් කරනවා. (නදී)
චන්ද්‍රා මහත්මානනි, මම හිතන විදියට පවුල් 100 ක් ගත්තොත් තියෙන්නේ 1000 ක් ප්‍රශ්න. මේ ලෝකේ එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස් වගේ. මගේ පවුල් ජිවිතේ වැරදුනු තැන් ඔයාට කිව්වයි කියලා ඹයාගේ ජිවිතේ වරදින්නේ නැහැ කියලා කියන්න බැහැ. මොකද දන්නවද ඔයා මමවත්, ඹයා බඳින කෙනා මම බැඳපු කෙනත් නොවන නිසා. තමන් බදින්න යන කෙනා තමා විසින් හරිහැටි අවබෝධ කරගත යුතුයි. මගේ යාළුවා එයාගේ වයිෆ්ට සළකන්නේ මෙහෙමයි. එයා හරි සාර්ථකයි කියලා ඔයත් ඒ විදියට සැළකුවට හරි නොයන්න පුළුවන්. මොකද ඒ යාළුවගේ වයිෆ් නෙමෙයි ඔයාගේ බිරිඳ කියන්නේ. මෙම සරල සත්‍ය තේරුම් ගන්න. (නදී)
මේ බවලත්තු දෙන්නා සමගියෙන් ඉන්න එකනම් දහස් වාරයක් අගය කරනවා. තමන්ගේ අම්මා එක්කවත් රන්ඩු නැතුව ඉන්න බැරි අයනේ අද වැඩිපුර සමාජයේ ඉන්නේ. (නදී)
ලස්සන පින්තූරෙ කවුද ඉන්නේ කියලා බලන්නයි මම මේක කියෙව්වේ. සුබ පතනවා පවුලටම. මමත් දෙවැනි විවාහය සාර්ථකව ගතකරන කෙනෙක්. පළමු විවාහයේ වැරදුන තැන් දන්නා නිසා මටත් පහසුවුණා ලස්සන ජීවිතයක් ලබාගන්න. මම නැවත බැන්ඳෙ නැත්නම් මගේ ජීවිතෙත් ගෙවෙන්න තිබුනේ තැන් තැන් වල. මට වැඩකුත් නැහැ. රටට වැඩකුත් නැහැ. මම දෙවියන්ට ස්තුති කරනවා මට නැවත ලස්සන ජීවයක් ලබාදුන්නාට. (නි)
ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ. ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ. අතුල-අමායා ඔබ පවුලට සුබම අනාගතයක් වේවා. (නදී)
මම නම් තරු වලට අකමැතියි (නි)
යාළුවෙලා ඉන්න කාලෙත් හැමදාම රණ්ඩු නම්, මැසිවිලි නම්, සතුට අඩු නම්, බැඳලා හදාගන්නවා කියලා හිතලා බඳින්න එපා. රබර් බෝලෙ කොච්චර යටට එබුවත් උඩ එනවා වගේ ජන්ම ගති මතුවෙනවා. ජීවිතයක් සාර්ථක වෙන්න පොදු කරුණු ටිකක් කියන්න පුළුවන්. ඉවසීම. අවබෝධය, එකිනෙකාට ගරු කිරීම, හැඟිම් වලට වහල් නොවීම. නමුත් මේවා කියන්න ලේසියි. කරන්න අමාරුයි. (නි)