පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් තම කීර්තිනාමයට හානිවන මේ ප‍්‍රකාශ සිදු කළැයි කියමින් නිළි දමිත අබේරත්නගෙන් රුපියල් කෝටි 50ක වන්දි අය කර දෙන මෙන් ඉල්ලා ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය අද (21) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළාය.
නීතිඥ මයෝමි රණවක මහත්මිය මඟින් මෙම නඩුව ගොනුකළ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ ඉකුත් ජනවාරි 13 වැනිදා දිවයිනේ ප‍්‍රකට පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡවකදී තමාගේ නම සඳහන් කරමින් දමිතා අබේරත්න යම් යම් ප‍්‍රකාශ සිදුකළ බවත් එමගින් තමාට අගතිදායක හා කීර්තිනාමයට පිරිමැහිය නොහැකි හානියක් සිදුව ඇති බවත්ය.
ඒ බැවින් එලෙස කල අපහාසයට සිය පැමිණිල්ල විභාගයට ගන්නා ලෙසත් රුපියල් කෝටි 50ක වන්දියක් අයකර දෙනමෙන් සිය පැමිණිල්ලෙන් සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි 50 කියන්නේ කජු ඇටද කොස් ඇටද (දී)
ඔයාලට නඩු දාන්න පුලුවන් මේවා දැක්කොත්.(නදී)
ඔය දෙන්නම එකයි.(නදී)
නිලියන්ට මොන කීර්තිනාමද?(නදී)
නළු නිළියන්ට එහෙම නාමයක් තියනවද හැබෑටම.(නදී)
අනේ ෂෝක්.(නදී)
නිළියන්ට කීර්ති නාම තියෙනවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මිනිස්සුන්ට පටි තද කරගෙන බලන්න හොද මාතෘකාවක්. (ත)
මේකත් නාට්‍යයක්ද (දී)
අයියෝ සල්ලි (දී)
දමිතාට කොහෙන්ද මෙච්චර සල්ලියක්? (නි)
අපිනම් ඔය කාගේ කාගෙත් විස්තර දන්නවා (ස)
මල කෙලියයි. ජූලි හතයි.(නදී)
කා ලගත් දුබලතා තියෙනවා. ගරහන්න හොද නැහැ.(නදී)
අන්න හොදයි සේමනි අක්කේ අපි ඔබ සමගයි (දී)
මොකද්ද ඒ වැඩ සටහන (දී)
දෙයියෝ සාක්කි (දී)
එකම ශේත්‍රයේ අය නේද මේ (දී)
මොකද්ද මේ වැඩේ තේරුම (දී)
කීර්ති නාමය අනේ අපටද මේවා කියන්නේ.(නදී)
ගාන මදි තව නඩුවක් දාලා වැඩිකරගන්න බලන්න.(නදී)
අපි දන්නවා ඔය කාගෙ කාගෙත් කීර්ති නාම ගැන. (නි)
අදනේ දන්නේ එහෙම දෙයක් (ස)
කියලා වැඩක් නෑ...දෙන්නම එකයි (ස)
එයාලා මෙච්චර වටිනවද? (නි)
මේවා බොරුවට දුරදිග ගෙනියන්න ඕන ප්‍රශ්න නෙමෙයි (ස)
මෙච්චර ගාණක් ලැබෙන්න නම් තමන් තමන්ව රක්ෂණය කරලා තියෙන්න ඕනෑ. (නි)
ටෙලි නාට්‍ය 500 රගපෑවත් ඔවැනි මුදලක් හොයන්න බැහැ. දැන් රගපානවට වැඩිය නඩු දානව නම් වාසියිනේ.(නදී)
ඔච්චර ලොකු ගාණක් ඉල්ලන්න මේක ඇමරිකාව කියලද හිතාගෙන ඉන්නේ? (නි)
බුදු අම්මෝ එයාගේ වටිනාකම! (නි)
අම්මෝ! මෙයාලගේ වටිනාකම. (නි)
කෝටි 50ක් වටිනා කීර්ති නාමයක්? (නි)
ලොකු පොරයක් වගෙයි. (නි)
මට නම් මේ දෙන්නම එකයි. (නි)
කීර්තිනාමයේ මිල තක්සේරු කරන්නේ කොහොමද?(නදී)
අදාල ගුවන් විදුලි වැඩසටහන සවන්දීමට හැකි ක්‍රමයක් මෙතැනින්ම තිබුණා නම් වඩාත් පැහැදිලිව අපිටත් මෙම පුවත දැනගත හැකියි. (නි)
මදිනේ ඉල්ලලා තියෙන ගාණ. (නි)
අපි මෙයා ගැන හොදට දන්නවා.(නදී)
ගුවන් විදුලියේ ප්‍රචාරය වන දේවලින් කීර්ති නාමය වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නැහැ. (නි)
කරලා තියේන්නේ වරදක් නම් වන්දි ගෙවන්න (දී)
පිස්සු නැත්නම් ෂොක් නේද?(නදී)
මෙන්න සලිල් හොයන්න හොද වැඩක්.(නදී)
ඔය නඩුව දිනලා ඒ මුදල් ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට දෙනවා නම් කොච්චර හොදද? (නි)
දම්මි, කුමාර - ඇයි නිළියන්ට කීර්ති නාමයක් නැත්තෙ? මෙන්න මේ වගේ කතා තමයි නියම අපහාස!(නදී)
කෝටි පනහක් වැඩි නැද්ද? අක්කේ මේක ගොඩින් බේරගන්න. ඔයාලා එකම පවුලේ අයනේ.(නදී)
මොකක්ද මේ කීර්ති නාමය කියන්නේ? (නි)