(ඩයනා උදයංගනී)
තාවකාලිකව ඊයේ සිට (5) රාත්‍රී සිට අවහිර කර තිබූ සමාජ මාධ්‍ය යළි සුපුරුදු ලෙස ක්‍රියාත්මක බව රජය පවසයි.
මීගමුව ප්‍රදේශයේ ඊයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් වෛරී ප්‍රකාශ ප්‍රචාරය වීම නැවැත්වීමේ සහ සමාජයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබුණි.
ඉන්පසු මේ වන විට ෆේස් බුක්,වට්ස් ඇප් ඇතුළු සමාජ මාධ්‍ය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවායින් මොනවද ඇත්තටම කරන්නේ? අනුන්ගේ කුණු හෑරීම. තමන්ගේ පංපෝරිය ගැසීම. දවසේ පැය 24න් පැය 6කට වැඩිය ඕකෙ. කාලය, ශ්‍රමය, ජීවිතය කාදමනවා!
ලසන්ත - ඕනෙම දෙයක් අනවශ්‍ය විදිහට භාවිතා නොකර ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීමට උගත යුතුයි. මම කියවපු අදහසක තිබුණා... මේ සමාජ මාධ්‍ය අවහිර කිරීමෙන් රටින් එපිට ඉන්න අයට තමන්ගේ පවුලේ උදවියට කතා කරන්නවත්, මුහුණ බලන්නවත් නොහැකිව ලතැවුණු වග... තවත් කියන්න බොහෝ දේවල් ඇතත් ඔබට කල්පනා කරන්න ඉතිරි කර නවතිමි.
බහුතරය youtube , facebook කාලය කා දැමීමට පාවිච්චි කලද එයින් ලද හැකි ප්‍රයෝජන ඇති මහත් වේ. Quatum physics වැනි විෂය විශ්ව විද්‍යාලයේදී ලද දැනුමට වඩා විශාල දැනුමක් ලබා ගැනීමට මා හට උපකාර උනේ youtube ජාලයි. වරද ඇත්තේ තාක්ෂණයේ නොව, භාවිත කරන්නාගේ දුර්වල මානසික ස්වාභාවයේය.
ඕපාදුප පතුරවමින් කාලය කා දැමීමක් සිදුවන බව නම් ඇත්ත. නමුත් කුඩා ව්‍යාපාර වලට ඔවුන්ගේ ප්රචාරක කටයුතු කර ගැනීමට මේවායින් රුකුලක් ලැබේ.