බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් සමග බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී සාකච්ඡාවක් පැවැත්වීය.
ඇමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රටේ ගැටුම් ඇතිනොවීමට ගතයුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරගැනීම සඳහා සාකච්ඡාව පැවැති බව කියති.
‘ජාතින් අතර පවතින සුහදතාවය ගැන එක් එක් පාර්ශව චෝදනා කරගනිමින් හැම ජනවර්ගයකම සිත්වල ආතතියක් ඇතිවී තිබෙනවා. ඔවුනොවුන් කෙරෙහි සැකසංකා ඇතිකරගෙන තිබෙනවා. එවැනි වටපිටාවක බුද්ධ ශාසන ඇමැති පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා රටේ මොන අන්තවාදයක් ඇතිවුණත් එය පරාජය කිරීමට නීති අන පණත් ගෙන එන බව. හාමුදුරුවරු කිහිප දෙනෙක් කටයුතු කරන ආකාරය ගැනත් කිව්වා. ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ විරෝධය පළ කළා. අපි සතුටුවෙනවා අපේ බුද්ධ ශාසන ඇමැතිවරයා අපට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කරගැනීමට අවස්ථාව දීම ගැන. ඉතාම හොඳ සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැමදාම ප්‍රශ්න ගැන කියනවා අහන කෙනෙක් නෑ. මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබේ යැයි අපි සංවාදය ගැන විශ්වාසය තියනවා.‘ යැයි සාකච්ඡාව අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඥානසාර හිමියෝ කීහ.
‘ආගමික වෙනස්කම් මත නොයෙක් කණ්ඩායම් ඇති කළ මතවාද නිසා එහි ප්‍රතිඵලය භයානක විය හැකියි. ඒ ගැන මම අවධානය යොමු කළා. රටක ඕනෑම ප්‍රශ්නයක් සාමයෙන් සමගියෙන් සාකච්ඡාවෙන් විසඳාගැනීමේ හැකියාව තිබෙනවා. සියලු පාර්ශව එකට එකතු කර ප්‍රමුඛතාවය හඳුනාගෙන ඒවා සමගියෙන් විසඳාගැනීමේ හොඳ පරිසරයක් නිර්මාණය වී තිබෙනවා‘ යැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද හිමියන් ජාතිය අවදිකළේ ක්‍රෝධය, වෛරය වපුරා නොව අවිහිංසාවෙන්. මොන ජාතිය වුණත් ජාතින් අතර අන්තවාදීන් සිටිනවා. ඔවුන්ට උඩගෙඩි දෙන කවුරු වුණත් දං ගෙඩියට දක්කන්න ඕනෑ. පක්ෂ, පාට වැඩක් නැහැ. ඔය රූකඩ නටවන අය කවුද කියා ඉදිරියේදී දැකගන්න ලැබේවි (නි)
මේ අය මෙච්චරම නාහෙන් අඬන්නේ, නිදහසින් පසුව අපේ රට පාලනය කළේ සිංහල බෞද්ධ නායකයින් කියලා අමතක වෙලාද? එතකොට ඔය සිංහල බෞද්ධ නායකයින් අන්‍ය ආගම්වලටද මෙච්චරකල් සේවය කරලා තියෙන්නේ? සුද්දෝවත් හොරකම් කරගෙන ගියේ නැති අපේ රටේ කෞතුකාගාරයේ තිබුන සිංහලේ අන්තිම රජු වන රාජසිංහ රජුගේ කඩුවත් හොරකම් කළේ සිංහල මහා බෞද්ධයෙක් නේද. මගේ මේ අදහස සංවාදය සඳහා විවෘතයි. (නි)
මෙහෙම ආවේගශීලී පුද්ගලයින් එක්ක මොන සාකච්ඡාද? (නි)
අද සිංහලයෝ කියන්නේ කිසිම හැඟීමක්, කැක්කුමක් නැති නිවට මනුස්ස කොට්ඨාශයක් (නි)
සිවුරේ ගරුත්වය නැතිකරගන්න එපා. ජාතිවාදය අවුස්සන්න එපා (නි)
රටේ මොන අන්තවාදයක්වත් ඇතිවෙන්නේ නැහැ බුදුදහමේ විදියට අඩුවශයෙන් හැසිරෙන්නවත් ඉගෙනගත්තොත්. (නි)
මෙවැනි හමුවක් පැවැත්වීම ඉතාම කාලෝචිත පියවරක්. බොදු බල සේනාවේ ඥානසාර හිමිට මමත් අන්‍යාගමිකයෙක් ලෙස බොහොම ගරු කරනවා (නි)
ගැටුමට මුල්වුණ දෙපාර්ශවයේම තියෙන්නේ අසමානකම් වලට වඩා සමානකම්. ඔය කාගේවත් සරණක් නැතුව බෞද්ධයාට තමන්ගේ දහම ආරක්ෂා කරගන්න හොඳටම පුළුවන්. (නි)
ටෙෂන්, සිංහලයා ගැන කතා කරන එක ජාතිවාදය නම් අනිත් ජාතින් ගැන එයාලා කරන ප්‍රකාශ සංහිදියාවද? මේ වගේ හිමිවරුනුත් නැත්නම් අපිට මුහුදට පනින්න තමා වෙන්නේ.. (නි)
සිවුරට තියෙන ගරුත්වය නැතිකරන්න එපා. හැම අන්තවාදයක්ම නැතිකළ යුතුයි. (නි)
ප්‍රීති, ලංකාවේ පාලනය කරපු සිංහල බෞද්ධයෝ කවුද...? පොඩ්ඩක් හිතලා බලන්න. අනගාරික ධර්මපාලතුමා කියපු කළු සුද්දෝ තමා රට පාලනය කළේ. කළු සුද්දෝ කියන්නේ කවුද කියා හොයා බලන්න (නි)
සමහරු නම් පහුගිය කාලේ කරන තරමක් කළේ ජාතිවාදය වපුරපු එකයි (නි)
සිවුර ගළවා කරන දෙයක් කරන්න. සිවුරට මුවාවෙලා රට ගිනිතියන්න එපා. අපිට උපතින් ලැබුන ආගම ගැන ඔය අයට වඩා අපිට හැඟීමක් තියෙනවා. සිවුරු ඇඳගෙන චණ්ඩි වගේ හැසිරෙන්න එපා. බුද්ධාගමවත්, ඉස්ලාම් ආගමවත්, හින්දු ආගමවත් නරක නැහැ, හැබැයි කොයි ආගමේත් ඉන්න අනික් අය මරන්න කොටන්න ඉන්න අය තමයි නරක (නි)
රට තුළ බරපතල ලෙස අන්තවාදයක් ක්‍රියාත්මක බව නොරහසක්. මෙය මැඩපැවැත්වීමට වගකිවයුතු අංශ ඉදිරිපත් නොවීම මතයි මෙලෙස බහුතර හිමිවරුන් කරලියට පැමිණෙන්නේ. (නි)
නිදා උන් ජාතියක් අවදි කල හිමි නමක් . ඔබ වහන්සේව සාසනය රකින දෙවියෝ රකිත්වා!!(හේ)
ඉතාම හොද දෙයක්. සැහෙන කාලයක සිට අපේ හාමුදුරුවෝ මේ ගැන කතාකලා එත් දැන් අපට බලපොරෝතුවක් තියාගන්න පුළුවන් යම් දෙය වෙයි කියලා. (හේ)
නුවන් ! අවදි කල ජාතිය කුමක්ද ? නිදා උන් ජාතිය අවධි කලේ ඇස. මහින්ද හිමිපාණෝ. ඒ යටත් විජිත කලේ. (හේ)
ජනතාව අවධියෙන් සිටිය යුතුයි .(හේ)
අර්ජුන , අපි කියන්නේ මහින්ද හිමියන්ට පස්සේ.(හේ)
අපි මේ කියන්නේ මේ මෑත කාලය ගැනයි.(හේ)
කළ යුත්තේ එකම දෙයයි. අසිංහල ජාතිවාදීන් සිංහලය ,බොදු උරුමය විනාශ කිරීමට කරන ක්‍රියා නැවත්විම. හලාල් ,බහු විවාහ වැනි ආගමික නීතිවලින් මේ රටේ සියලුම වැසියන් පාලනය කිරීමට කරන උත්සාහයන් නැවත්වීම. උදුරාගත් බොදු පුද බිම් නැවත ලබා දිම. නැතිව සින්හලයාව පමණක් පාලනය කිරීමට කරන උත්සාහයන් සාර්ථක වන්නේ නැහැ. සිංහල අපේ ඉතිහාසයේ එයට නිදසුන් එමට තියෙනවා. (බ)
මේකේ ප්‍රතිචාර දාන සමහර අයගෙන් පෙනෙනවා සිංහලයන්ගේ අසමගිය. ඉතින් සිංහල නොවන අන්තවාදීන් අපට හිනා වෙන එක පුදුමයක් නෙවේ. හාමුදුරුවන්ට ජයවේවා. මම කතෝලික වුනත් රටට ආදරේ කරන, බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය අගයන කෙනෙක්. අපේ කාදිනල් උන්නාන්සේ කියන්නෙත් බෞද්ධයන්ගේ කරුණාව අබෞද්ධ අය අවභාවිතය නොකළ යුතුයි කියලා. (බ)
දැන්වත් අපේ ජාතිය අවදිවෙන්න ඕනෑ (නි)
ඇත්ත නේන්නම්. නිශ්ශංක, ඔහේ මෙතන හංගගෙන ගහන පදේට ඔයාම නටාගන්න. (නි)
ඔබවහන්සේලා ඔය ප්‍රශ්න වලට මොනවට අත දානවද? (නි)
මහින්ද හිමියන්ට පසු ජාතිය අවදිකළ යතිවරයාණන් වහන්සේලා කළ සේවයෙන් 100/1 වත් මේ හිමි කළේ නැත. ජාතිය අවදි කිරීම කෙසේවෙතත් භික්ෂුත්වයට නොගැළපෙන දේ නම් කොපමන කළාදැයි මතක නැත. (නි)
ලංකාවේ විනාශය අත ළඟ බව දැනෙනවා (නි)
නියම දෙගොල්ලක්නේ සාකච්ඡා පවත්වලා තියෙන්නේ. වැඩේ නම් මල් හතයි (නි)
තමන්ගෙ රට,ජාතිය,අාගම, වෙනුවෙන් කටයුතු කිරීම තරම් වෙනත් වීරකමක් කොයින්ද? (නි)
නිස්සංක, කාදිනල්තුමා වගේ උත්තමයින්ට පෙනෙන දේ සහ කළහැකි දේ දියවන්නාවේ අයට කරන්න බැහැ. (නි)
විජයදාස රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කතාව අගය කළයුතුයි. මුලින්ම ප්‍රශ්නයක් තිබෙන බව පාලකයන් තේරුම් ගතයුතුයි. නැතුව ඒවාට කෑගහන අය අන්තාවාදින් කියලා හංවඩු ගහන එක නෙමෙයි සිදුවිය යුත්තේ. (නි)
අපිට අපේ උරුමයන් දුන්නා නම් ඉවරයිනේ...! (නි)
අර්ජුනට කියන්න තියෙන්නේ මහා කාරුණික අමාමහා බුදුන්ටත් මීට අවුරුදු දෙදහස් පන්සියකට පෙර ගල් පෙරළන්න දේවදත්ත කෙනක් හිටියා නම්, බුදුන්ට අපහාස කරන්න චිංචිමානවිකාව අාවා නම් අපේ මේ සඟරුවනට මොනවා කියන්න කරන්න බැරිද? සුළුතරයකට ඇස් වල කටු ඇනුනාට බහුතරයක් උන්වහන්සේ කියන දේ පිළිගන්නවා. කතෝලික අය වගේම හින්දු බැතිමතුන් උන්වහන්සේ වෙනුවෙන් පෙනී ඉන්නවා. කාට කොහොම පෙනුනත් මට උන්වහන්සේ රටක් වටිනවා (නි)
කියන විදිහට කරනවා නම් මොකද ඉතින්? (නි)
ඇමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රටේ ගැටුම් අතිකරන්න හදන්නේ කව්ද?ඇමැතිවරයා කළ ප්‍රකාශය ඇත්ත. ඇමතිවරයා බේරාගැනීමට අපි පක්ෂ බේදයෙන් තොරව ඉදිරිපත් වියයුතුය. (නි)