(අජන්ත කුමාර අගලකඩ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම,රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය,රිෂාද් බදියුදින් මහතාගේ පක්ෂය ඇතුළු පක්ෂවල හා කණ්ඩායම්වල පිරිසක් ද මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇතැයි දැන ගන්නට තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා එම පක්ෂවලට හා කණ්ඩායම් වලට ද ඉදිරියේ දී ආරාධනා කරනු ඇතැයි දැනගන්නට ඇත.
නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් සමන් වනු ඇති අතර,එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
දිනේෂ් ගුණවර්ධන මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ,හිටපු කැබිනට් මණ්ඩලයම අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සිකුරාදා (22)දිවුරුම් දුන් අතර,ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී,එම ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වනු ඇති බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුනට සහාය දුන් 134ක්ම පාර්ලිමේන්තුවෙ ඉඳිද් දි මොකටද සර්ව පාක්ෂික ආණ්ඩුවක්? බොරුවට ඇමතිකම් පැටව් ගහන්න ද? මොන ආණ්ඩු පිහිටවුවත් පාර්ලිමේන්තුවට විපක්ෂයක් නම් අත්‍යාවශ්‍යයි.
එතකොට නාමල්ටත් ලැබෙයි නේද?
කුට්ටම කොපමණ ඇනුවත් පලක් නෑ. පවතින පාර්ලිමේන්තුව දැනට ඇති ජනමතයට අනුව පිහිටා නැත. මැතිවරණයක් පමණයි විසදුමකට මග.
40 විතර එකක් හදල ගජ මිතුරෝ ටිකටත් තැන දීලා තමයි ඔය මිනිහ පස්ස බලන්නේ... හැබැයි රජෝ ඔහේට වැඩි කාලයක් නටන්න ලැබෙන්නේ නෑ...
දැන් පචවෙලා ඉවරයි. පොත් 2500ක් කියෙව්වට හොරා හොරාම තමයි.
දැන් පටන් ගනියි ඇමැතිකම් ගන්න බලු පොරේ...
ජෙප්පන්ට කියන්න ඇමතිකමක් බාර අරගෙන වැඩ කිඩ පෙන්නන්න කියලා. රටට ඩොලර් අද්දලා පෙන්වන්න කියලා...
ජවිපය 3ම ගත යුතුයි.
කැබිනට් නෙවෙයි.. ෂෝකේස් එකක් හැදුවත් මේ රට ආයෙත් ගොඩගන්නවා බොරු. දැන් මේක ඉවරයි. මේකේ ඉන්න ජනතාව හැමදාම කළේ තමන්ගේ කෙනාව ඔලුව උඩතියන් නටපු එක.. ඒ අයට ඕනෑ වුණේ එච්චරයි.
එහෙම නම් මේ පත්වන ආණ්ඩුව සියලු වර්ගයේ හොරුන්ගෙන් ඇතුළත් වූ ආණ්ඩුවක්. දකින්නත් අපුරුයි. සුනාමි හොරුන්, මහ බැංකු හොරුන් ඇතුළු අංග සම්පූර්ණ හොරු රංචුවක්...
කැබිනට් ඇමැතිලා 30, රාජ්‍ය ඇමැතිලා 30යි - කෙලවුණු රටකට මෙහෙම නඩත්තු, ඒ මදිවාට ඔයතරම් ඉස්සර ඉඳලත් මේ රට මෙච්චර වලපල්ලට ගෙනිච්චා නම් (ඒ ගෙනිච්ච සෙට් එකමනේ ඔය ආයෙත් එන්නේ), ආයේ ගොඩ එනවා බොරු.. ඉක්මණින්ම මේ රටිං යන එක තමා හොඳම...
දැන් ඉතින් බලු පොරය පටන් ගනියි ඇමැතිකම් බෙදාගන්න...!
ඔක්කොම හොරු ආයෙත් එකතු වෙනවා.
බිලිබා ගත් මන්ත්‍රීවරු ඇතුළත් කැබිනට්ටුවක් මිස පක්ෂ එකඟතාවයකින් සෑදූ කැබිනට්ටුවක් නොවේ.
දැන්වත් රට ගැන හිතලා තක්කඩි දේශපාලනය පිටුදකින්න. සියලුම පක්ෂ නායකයින්ගේ එකඟතාවයෙන් අන්තර්වාර ආණ්ඩුවක්, කැබිනට් එකක් පත්කරන්න පක්ෂවලින් බිලිබාගෙන නැවත අටවන කැබිනට්ටුවලින් දේශපාලනය තවත් අලුවෙයි...
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ඒ ගැන දැනුමක් ඇති ඇමැති කෙනෙක් පත්කළ යුතුය. රමේෂ් පතිරණ ඉවත් කළයුතුයි...
මේ රටේ දේශපාලනය යහමගට ගන්න නම් වංචාව, දූෂණය පිටුදකින කාර්යක්ෂම ක්‍රියාදාමයක් ඇති කරන්න. එවිට මේ දේශපාලනය කරන අය අතර සංයමයක් ඇති වෙනවා. මහජන නියෝජිතයින් පමණක් නොව නිලධාරීන්ටද වංචාව, දූෂණයට ඉඩතැබිය යුතුය. උසාවියෙන් වරදකරුවන් වී ඇති අයටත් පාර්ලිමේන්තුවේ තානාන්තර දෙනවා නම් මේවාගැන කතාකරලා වැඩකුත් නෑ. පාර්ලිමේන්තුවේ උත්තරීතරබව වැනසෙන්නේ ඒ වැඩ නිසා...
සර්වපාක්ෂික ආණ්ඩුවක් කෙසේ වෙතත් සර්වපාක්ෂික විපක්ෂයක් නම් දැනටමත් හදලා තියෙනවා. හැමෝම බලයට පොරකනවා විතරයි.
දැන් කාදිනල්තුමාට ගොඩක් සතුටු හිතෙයි. ඇයි රිෂාඩ් උන්නැහේත් ඉන්නවනේ...
ජනවරමක් නැති ජනපති කෙනෙක් එක්ක මොන ආණ්ඩුද? ඉක්මණින්ම මහමැතිවරණයක් තියලා හොරු අයින් කරන්න ඕනෑ...
රනිල්, ඔයා ලෑස්ති වෙලා ඉන්න 09 වෙනිදාට කළින් ගෙදර යන්න...
18ට වඩා වැඩිකරන්න එපා.
ඇමැතිකම්වලට සුදුසුකම් බලන්නේ කොහොමද බලමු. කප්පම් සිද්ධියට උසාවියෙන් වරදකරුවකු වුණාම ඇමැතිකමට සුදුසුද බලමු...?
අනේ රාජිතත් හිතේ අමාරුවෙන් ඉන්නේ, එයාව සෞඛ්‍ය ඇමැති කරන්න..
අඩුවට තියෙන්නේ ජොන්ස්ටන්, රෝහිත සහ මහින්දානන්ද විතරයි. ඒ 3ත් ආවොත් නියමයි.
අපරාදෙ මේ නාස්තිකරන කාලේ. හැමෝම එකඟ වෙලා ආණ්ඩුව විසුරුවලා සල්ලි ටිකක් අච්චුගහලා හරි ඡන්දයක් තිබ්බා නම් මේ වෙලාවේ වටිනවා.
රනිල්ට ඡන්දෙ දීපු පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් ෂුවර් එකටම දෙයි. මේ විදියට ඇමැතිවරු පත්කර, කර ගැසට් ගගහා කාලේ කකා ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති...