
(නිමල කොඩිතුවක්කු)
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව රටේ නීතිය අභිබවා යාමට කටයුතු කොට ඇති බවත් එම කොමිසන් සභාව රජයේ මුදල් අව භාවිතා කරනු ලබන බවත් පවසමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අද(6)අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
අල්ලස් හා දූෂණ පනතේ 70 වන වගන්ති යටතේ ඉන් වරදක් සිදු කර ඇති බැවින් මෙම කොමිෂන් සභාවට අල්ලස් පනතේ හැත්තෑ වන වගන්ති යටතේ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කරනු ලබයි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දහ දෙනෙකුගේ අත්සන් සහිතව මෙම පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කළ බවද මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට හා මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට එම කොමිෂන් සභාව මගින් අභියෝගයක් වනබවද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇත.
දැනටමත් මහධිකරණයේ හා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා මත විභාග වන නඩු වලට අදාළව එම චෝදනාවන්ගේ හරය හා චෝදනා ගොනු කිරීමට අනුගමනය කරන කාර් ය පටිපාටිය අභියෝගයට ලක් කරමින් ව්‍යවස්ථාව මඟින් පිළිගෙන ඇති මෙරට යුක්තිය පසදලීමේ ක්‍රියාපටිපාටිය අභියෝගයට ලක් කරමින් කොමිෂන් සභාවේ ක්‍රියාකාරීත්වය තුළින් සිදු වෙන බව ද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත.
එමෙන්ම මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ගොනු කිරීමට ව්‍යවස්ථාවෙන්ම වගකීම පවරා ඇති නීතිපතිවරයාට ඔහු දැනටමත් පවරා ඇති අපරාධ චෝදනා වල ඇති නිරවද්‍ය භාවය පිළිබඳව අභියෝග කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ සද්භාවය කොමිසම ඉදිරියේ පරීක්ෂණයට ලක් කිරීම පිළිබඳවද මන්ත්‍රීවරුන් සිය පැමිණිල්ලෙන් කරැණු දක්වා ඇත .
නීතිපතිවරයා විසින් නඩු පැවරීමට ගනු ලැබූ තීන්දු තීරණවලට පදනම් වන්නාවූ අපරාධ පරීක්ෂණයක් හරහා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ ඒකක මගින් සොයාගන්නා ලද කරුණු පිළිබඳව එම කරුණු සොයා ගන්නා ලද කාර්ය පටිපාටිය හා එම කරුණු ගොඩනගන්නා වූ සාක්ෂිවල හරයාත්මක භාවය පිළිබඳව අධිකරණයට සමාන්තර ක්‍රියාවලියක් මඟින් එම කරුණු විශ්වාසනීයත්වය අභියෝගයට ලක් කිරීම ගැටලුවක් බවද පැමිණිල්ලේ සඳහන් වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මුදල් යනු මහජනතාවගේ මුදල් බව මෙම ගොන්රැලට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මහජන මුදල් අවභාවිතා කරන්නේ බලයේ "ඉන්න එකාද, බලය නැතිව මහජන මුදල් අවභාවිතා කිරීමට නොහැකිව වේලි වේලි ඉන්න එකාද" අපට නම් අදාළ නැත. එවන්නන්ට උපරිම දඬුවම් ලැබේවා..!!!
මන්ත්‍රීලා පක්ෂ මාරුකිරීමේදීත් අල්ලස් ගන්නවා ඇතැයි සිතේ. ඒවාට පැමිණිලි කරන්න බැරිද? එලෙස පක්ෂ මාරුකර මඩිය තරකර ගන්නා මන්ත්‍රීලා ඡන්ද දායකයින්ගේ අයිතිවාසිකම්ද පැහැර ගන්නවා කියලා හිතෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ පද්ධතියට පරිබාහිරව විශ්‍රාමලත් විනිසුරුවන් යොදාගෙන දේශපාලකයන් තමන්ගේ වාසියට කෙරෙන කටයුතු තිබේ නම්, එරටෙහි නීති පද්ධතියට එය ඉතාමත් හානිකර හා අවැඩදායක දෙයක් බව යම් කෙනෙකුගේ තම හෘදය සාක්ෂියට හා සිතීමේ නිදහසට අනුව හදවතට හැඟී යන්නට පුළුවන්. රටේ පිළිගත් අධිකරණ සම්ප්‍රදායට පටහැනිව විශ්‍රාමලත් විනිසුරෙකු හට රටේ පිළිගත් අධිකරණ සම්ප්‍රදායට ඉහළින් කටයුතු කිරීමට නොහැකි බව තමයි බොහෝවිට සිතීමට හැකිවන්නේ. රටේ බලලත් අධිකරණයට හා බලලත් විනිසුරුවරුන් හට ඉහළින් කටයුතු කිරීමට මොන ජගතාට හෝ නොහැකි විය යුතුයි නේද? එසේ කරන කවුරුන් හෝ රටේ පොදු නීතිය යටතේ දඬුවම් ලැබීමට සුදුසුකම් සපුරනවා නොවේද..?