සම සෞඛ්‍ය උපාධි අපේක්ෂයන්ට අවශ්‍ය නම් වසර හතරක කාල සිමාවකින් සිය උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සලසා දීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟතාව පළ කළ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම පාඨමාලාව වසර තුන දක්වා අඩු කිරීමට එරෙහිව සිසුහු මාස ගණනාවක් තිස්සේ උද්ඝෝෂණය කළහ.
ජනපති සමග අද පැවති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම එම එකඟතාවයට පැමිණි බව ඇමති කිවේ විපක්ෂ නායක රනිල් වක්‍රමසිංහ මහතා ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ එම උපාධිය වසර 4 ක් කරගැනීමට මෙතෙක් අවස්ථාව නොදුන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟතාව නොදුන්නා නිසාද? අධ්‍යාපනය කප්පාදු කිරීමේ කොන්ත්‍රාත්තුව දැන් බාරගෙන තියෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද එහෙනම් ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දුප්පත් දරුවොන්ගේ අද්‍යාපනය කප්පාදු කරන්න කටයුතු කරන්නේ ඇයි ? ලැජ්ජයි මහත්තයෝ. ලජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයිලුනේ! ආය එන්නකෝ ජනතාව සොයාගෙන, පෞද්ගලික වෛද්‍යපීඨ එපා කියල. නිදහස් අධ්‍යාපනය අනතුරේ කියලා. එතකොට හම්බවෙයි ඔයාලට සහයෝගේ උඩින්ම! (නදී)
ඒකක 120 වසර 3කින් ඉවර කරන්න පුළුවන්. කැමති අයට වසර 4කින් අවසන් කරන්න පුළුවන්, දැන් කව්ද බලමු වැඩිපුර වසරක් එකම උපාධියට ගතකරන්න කැමති කියල! (නදී)
මේක ඇත්ත නම් ඇයි ඇමති තුමා සිසුන් ඉදිරිපිට (නැත්නම් ප්‍රසිද්ධියේ) ප්‍රකාශයක් කරලා ප්‍රශ්නය විසඳන්නේ නැත්තේ? මේක විපක්ෂ නායකගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් කියන්නේ ඇයි? විපක්ෂනායක ඇහුවේ නැත්නම් ඇමති තුමා නිහඬව ඉන්නවද? (නදී)
ඕක බොරුවක් ද? ඔය වචනයට සටන දිනුවා කියා කියන දෙයක්ද? සටන නවත්වන්න හොඳ නැහැ නේද? මතකනේ විදුලි ගාස්තු සංශෝදනයේදී ජනාදිපති කියූ යුනිට් 120 කතාව ඇමතිට කරන්න බැරිවුණා. මේකත් පුස්සක් වෙයි.(නදී)
වැඩේ කියන්නේ මෙච්චර දරුවෝ ගැනම හිතන අයටත් මේ සාකච්ඡාව තියන්න මාස 6ක්ම ගිය එකනේ (නදී)
ප්‍රශ්න අච්චාරු කරගෙන පස්සේ මෝජු කියල විකුණනවා. මෙම ප්‍රශ්නය මීට මාස හයකට ඉස්සෙල්ල විසඳන්න හැකියාව නැතිවීම ඇමතිගේ හැකියාව පෙන්නුම් කිරීමක්. (ස)
ඕක කලින්ම කරන්න තිබුනේ. (නදී)
සුබ පැතුම් ! (නදී)
වසර තුනක් උනත් හතරක් උනත් ලැබෙන්නේ එකම උපාධි සහතිකය නේද? ලෝකයෙන් ලැබෙන්නේ එකම ප්‍රතිචාරය නේද ? පාඨමාලාවේ වෙනසකුත් නැහැ නේද ? එතකොට වඩා සුදුසු වසර තුනෙන් සහතිකය ලබාගෙන රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීම නේද ? දැන් ඉතින් පාඨමාලාව සහ සහතිකයේ පාට වෙනස් කරන්න කියා නැවත උද්ඝෝෂණය පටන් ගන්න එහෙම එපා. (ස)
කුමාරිහාමි හරි.ඒක තමයි ඇත්ත.අවුරුදු 3න් ලැබෙන්නේ ඩිප්ලෝමා එකක්.හෙදියන් වින්නඹු පුහුණුව ලබන එකටත් විරුද්ධ වුණානේ... එතකොට ඒ පුහුණුවත් වසර 4ක් වෙනවා. තේරුම් ගන්න මිනිසුනේ! (නි)
දැන් ඉතින් අතපසු වූ පාඩම් ටික බලාගෙන ඉගෙනගන්න පටන් ගන්න එක හොඳයි. ඊටත් වඩා වැදගත් වෙන්නේ තමන්ගේ උගත්කම තමන්ටත් රටටත් ලෝකයටත් වැඩදායී ලෙස යෙදවීමයි. (නි)
ජයවේවා! (නදී)
දර්ශන කැමැති උනත් එ්කක 120 වසර 3 කින් ඉවර කරන්න බෑ මහත්තයෝ. එහෙම කරන්න නම් රෑ දවල් දෙකේම දේශන තියන්න වෙනවා. (නදී)
මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම පිලිබඳව රජයට කෘතඥ වන අතර තමන්ගේ කාලය කැපකරමින් සම සෞඛය සිසුන් කල කැපවීම අගය කරමි (නදී)
සෙනරත්, වසර 3න් ලැබෙන උපාධියයි වසර 4න් ලැබෙන උපාධියයි ගොඩාක් වෙනස්. ටිකක් දන්නා කෙනෙකුගෙන් අහල බලන්නකෝ. ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාරය ගැන කියනවා නම් ලෝකේ පිළිගන්නේ නෑ වසර 3න් ලැබෙන උපාධිය උපාධියක් කියා. (නදී)
සටනට වැටුන නංගිලා මල්ලිලා අන්තිමේ දිනුවා. දැන් ඉතින් හොදින් ඉගෙන ගන්න ශ්‍රී ලංකා මාතාවට පලදායී ලෙස වැඩ කරන්න (නදී)
අම්මෝ ඇති යන්තම් (නදී)
ඉතා සතුටු දායක ආරංචියක්. දරු දැරියන්ගේ කැපවීම ඉතාමත් අගය කළ යුතුයි. දොස්තර මහත්තුරු මේක පරාජයක් හැටියට හිතලා පළිගැනීමේ අදහසක් නැතුව මේ අයට සහයෝගය දෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා.(නදී)
වසර තුනෙන් ගත්තත් හතරෙන් ගත්තත් එලියට ආවට පස්සේ කරන්නේ එකම දේ. ඒ කියන්නේ තමන්ගේ පඩිපත පහසුකම් හා අයිතිවාසිකම් වෙනුවෙන් රෝගීන් ප්‍රාණ ඇපයට ගැනීම. මම නම් කියන්නේ නිදහස් අධ්‍යාපනෙන් ඒ කියන්නේ මහජන බදු මුදලින් ඉගෙන ගෙන එලියට එන හැම කෙනාවම යම් නිත්‍යානුකුල බැදීමකට ලක් කරන්න ඕනා. උපාධියේ වටිනාකම වෙනුවෙන් යම් මිලක් නියම කරන්න ඕනා. එම මිල මාස් පතා කරන රැකියාවෙන් ලැබෙන පඩි පතෙන් අඩු කර ගන්න ඕනා. වටිනාකම ගෙවෙන කම් වර්ජනය කරමින් කරන සියලු ආකාරයේ සේවය පැහැර හැරීම තහනම් කරන්න ඕනා. වෘතිය සමිති වලට සම්බන්ධ වීම් තහනම් කරන්න ඕනා. අන්න එහෙම කරන්න පුලුවන් නම් අපේ රට හැදේවි. නිදහස් අධ්‍යාපනය කියන වදනට අරුතක් ලැබේවි. අනේ එහෙම වෙනවා නම් අපිත් පාරට බහිනවා නිදහස් අධ්‍යාපනය රැක ගන්න. දැන් තියෙන එකේ මොනවා රැක ගන්නද? මේ ඔක්කොම කරන්නේ ඒ වචනේ තමන්ගේ වාසියට අපහරණය කරන එකනේ. (නදී)
"සටන" වැඩ සටහන ඇසිපිය නොහෙලා මමත් බලාගෙන හිටිය. අපිත් සරසවියේ හිටිය ඔය උසස් අධ්‍යාපන ඇමති ඉන්න කාලේම. අන්තරේ නියෝජනය කල පුතා හරිම සංයමයෙන් හැසිරුණා. ඔබලා දිනුම්. අපිත් දිනුම්. රටත් දිනුම්. ඔයාල ඉගෙන ගෙන දෙමව්පියන්ට කිරුළු පළදවන්න දරුවනේ. (නදී)
මේක විතරක් නොවෙයි අනෙකුත් උපාධි පාඨමාලා ලබා ගත්තෙත් රැක ගත්තෙත් මේ විදියට සටන් කරලා. සමහර විට ජීවිත පවා පූජා කරලා. ඒ සියල්ලේ ගෞරවය හිමි වෙන්න ඕනේ "අන්තරේට". එත් රටේ බොහෝ අය ඒ බව දන්නේ නැහැ. ආණ්ඩුව ට ඔය තීරණය ගන්න මාස 6 ක් ගියේ ඇයි කියලා හිතන්න. (ස)
දර්ශන, ඔබ නොදන්නා නිසා ඉගෙන ගන්න. වසර හතරක උපාධියක් විශේෂ උපාධියක්. තුන සාමාන්‍ය උපාධිය. ජාත්‍යන්තරය පිළිගන්න මට්ටම වසර හතර. අනිවාර්යෙන් මේ උපාධිය වසර හතර විය යුතුයි. (නදී)
දැන් ඔය දිනුම වෙනුවෙන් ගුටි කාපු පන්ති තහනම් උන අයට මොකද වෙන්නේ? (නදී)
සටන දිනුවාට උණුසුම් සුභ පැතුම්! (නි)
අවශ්‍ය නිසානේ අවශ්‍යයි කියන්නේ. වසර හතරක් දෙනවා කියලා සෘජුව කියන්න පුලුවන්නේ. (නි)
තම දෙමාපියන්ගේ සිහින සැබෑ කිරීමට පාසල් යන අවදියේ පටන් හොඳින් ඉගෙනගත්, උසස් පෙළින් ඉහළින්ම සමත් වී විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ ආදරණිය දුවේ, පුතේ, ඔබට ජය! (නි)
හදවතින්ම සුභ පතනවා! (නි)
ඕක බොරුවක් වගේ පෙන්නේ , වසර 3 ද 4අද කියන එක කැමතිනම් කරන්න පුළුවන්, ඒ කියන්නේ කලින් හා සමන්‍යයිනේ . මේක පැහැදිලි මදි. (ස)
ඔබට ජයවේවා! (නි)
වසර තුනෙන් ගත්තත් හතරෙන් ගත්තත් එළියට ආවට පස්සේ කරන්නේ එකම දේනේ.ඒ ගැනයි අපිට හිතට දුක (නි)
දොස්තරලා කැමති නෑ රෝහල්වල වෙනත් සේවක පිරිසක් උපාධි ලබනවට. ඔවුන් කියන්නේ රෝහල්වල ඉන්න එකම උපාධිධාරීන් දොස්තරලා වෙන්න ඕනා කියා. සම සෞඛ්‍ය සිසුන්ට පුහුණුව දෙන්න විරුද්ධ වුනා මතකයිනේ. සම සෞඛ්‍ය උපාධිධාරීන්ට පත්වීම් දෙනවටත් විරුද්ධ වුනානේ. අනික ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති වෙන්න නම් වසර 4ක උපාධියක් කරලා තියෙන්න ඕනා. සම සෞඛ්‍ය උපාධිය වසර 4ක් වුනොත් සම සෞඛ්‍ය වෘත්තිකයෙකුටත් සභාපති වෙන්න පුළුවන්. දොස්තරලා හිතන්නේ සභාපතිකම දොස්තර කෙනෙකුටම යන්න ඕනා කියලනේ. ඒකයි මේ වැඩ ඔක්කොම කරන්නේ.(නදී)
කොහොම හරි වසර 4 වුණා නම් ඒ ඇති. .නංගිලා මල්ලිලාට ජයෙන් ජය!.මොනවා වුණත් හරියටම ස්ථීර වෙනතුරු සටන අතහරින්න එපා. (නි)
රටකට ගිය කලක්! (නි)