සෝමහිමියන්ගේ 13 වැනි ගුණ සමරුව නිමිත්තෙන් පැවැත්වූ වැඩසටහනක් කොළඹ තුරඟ තරග පිටියේදී අද (04) පැවැත්විණි.
සෝම හිමියන්ගේ මව සහ සහෝදරයන් ඇතුළු නෑයෝද, මැති ඇමැතිවරුද, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහානාම, උපුල් චන්දන ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
(සෝම හිමියන්ගේ ආදාහන උත්සවයේ වීඩියෝවකි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට පතන්නා වූ බෝධියකින් නිවන් අත්වීමට අප කරනා කුසල්ද උපනිශ්‍රය වෙත්වා! (නි)
අකමැත්තෙන් වුවද ඔබ වහන්සේට නිවන් සුව නොපතා මේ සිංහල රටේම නැවත ඉපදේවායි පැතීම ගැන සමාවන්න. ඔබ වහන්සේ එදා පැවසු දේ අද වර්තමාන සිංහල බෞද්ධයාට යමපාලනයෙන් අකුරටම සිදුවෙමින් පවතී. (නි)
මෙවන් පුතනුවනක් ජාතියට බිහිකළ මව්නි ඔබට නිවන් සුව! (ම)
අපි පින් කරලා නැතුව ඇති හාමුදුරුවනේ ඔබේ බණ පදක් අහන්න තරම් (ර)
ඔබ වහන්සේගේ අගය අදට වඩාත් වටී හිමියනි! (බ)
ඔබවහන්සේ එදා වදලා සියලු කරුණු අද පෙනෙන්න තිබෙනවා. තවම වසර 50 වුනේ නෑ. නැවතත් ඔබ වැනි බුද්ධ පුත්‍රයන් අපට ලැබෙන්නේ නෑ. (බ)
සෝම හිමියන් දෙවරක්ම අපේ නිවසට වැඩම කරලා තියනවා. උන් වහන්සේගේ පාද ස්පර්ශකර වදින්න මට හැකියාව ලැබීමම මගේ පෙර පිනක්. අපේ හාමුදුරුවනේ නිවන්සුව ලැබේවා. (ර)
අපේ රටෙත් ජාතියේත් පිනට පහල වූ උතුම් යතිවරයාණනි, ඔබවහන්සේට නිවන්සුව ලැබේවා. (ර)
මේ වැඩසටහන සංවිධානය කිරිම පිළිබඳ අපේ ස්තූතිය සංවිධායකයින්ට පුද කර සිටිනවා.(හේ)
ඔබවහන්සේ එදා පැවසු සියලු දේවල් අද සිදුවෙලා ඉවරයි .සුවාමින්වහන්ස ! ඔබවහන්සේ කොහේ සිට හෝ මේ දේවල් දැකලා දුක්වෙනවා ඇති.ඔබවහන්සේට නිවන්සුව ලැබේවා.(හේ)
පින්වතුනි අනගාරික ධර්මපාල තුමා වගේ උත්තමයෝ සිංහල ජාතියට හම්බවෙන්නේ පෙර පිනින් මේ තුමා එවැනි අනුගාමිකයෙක් ,වරද තියෙන්නේ ඒ උත්තමයෝ ජිවත්ව සිටිද්දී ඵල ප්‍රයෝජන ගන්න සිංහල ජාතිය නොදැනීමයි ,ඒ යුග පුරුෂයාට සිරස නමා ආචාර කරමි.(හේ)
දයානි. ශ්‍රී ලාල් ඔබගේ කතාව තමා මටත් කියන්න තියෙන්නේ..... අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....... (ම)
අපේ රටෙත් ජාතියේත් පිනට පහල වූ උතුම් යතිවරයාණනි, අපේ රටෙත් ජාතියේත් අපෙත් අවාසනාවට ඔබ වහන්සේ සියල්ලටම අහිමි විය.මේ රටට ඔබවහන්සේ නැති අඩුව දැන් මෙතෙකැයි කියා නිම කළ නොහැක.සසර වසනා තුරු මේ පින්බිමේ ඉපිද අපට දහම් දේශනා කර අවසන අති උතුම් නිර්වාන සම්පත්තිය අවබෝධ කර ගනිත්වා! (හේ)
මෑත කාලීන බොදු පුනරුදයේ නියමුවාණන් වන්නේ සදා වන්දනීය පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේයි.. සැමවිට අභීතව සත්‍යම දේශනා කළ උන්වහන්සේ කිසිදා අප සිත් සතන් තුළින් ඈත්ව නොයනු ඇති. මෙම කෘතගුණ පිදීම සංවිධානය කළ අයටත් බොහොම පින්.. (ර)
අපි පව් කරලා ඇති හිමියනි. හිමියනි නිවන් සුව පතමි. (ර)
අපි අසරණයි අපේ හාමුදුරුවනේ . අපේ හමුදුරුවන්ට නිවන් සුව ලැබේවා (ර)
ආගමානුකූලව ජීවත් වීමට ඔය කිසි කෙනෙක් නැති... (ර)
රොටි කන්න බලාගෙන තැටි රත් නොකරපු අපේ හෙට දවස ගැන ඇත්තටම හිතපු ඔබවහන්සේට නැවත මෙහි එන්න කාලය හරි. (නි)
සම්මා සති මොහොතකට අමතක වුණා. කියපු දේ සියල්ල ඇත්ත. එය ක්‍රියාවට නැංවීමේදී ප්‍රායෝගික නොවීමේ විපාකයට වන්දිය ජීවිතයෙන් ගෙවන්න සිද්ධවුණා. (නි)