සීමා නිර්ණය කමිටු වාර්තාව සඳහා එම කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයා වන හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා ද අත්සන් තබා ඇත.

එම කමිටුව නියෝජනය කරන සාමාජිකයින් පස් දෙනාගෙන් දෙදෙනෙකු එයට අත්සන් තබා නොතිබූ අතර සියලූ දෙනාගේ අත්සන් නොමැතිව වාර්තාව භාරගත නොහැකි බව කියමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පසුගියදා එය භාරගැනීම ප‍්‍රතික්ෂේප කළේය.

කමිටුව නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයා වන නීතීඥ මිස්බාර් සතාර් මහතා තවමත් එම වාර්තාවට අත්සන් තබා නැත.