පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා කමිටු වාර්තාවේ තවදුරටත් පවතින අඩු පාඩු වහාම නිවැරදි කර දෙන මෙන් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා එම කමිටුවේ සභාපති අශෝක පීරිස් මහතා වෙත ලිපියක් මගින් අද (27) දැනුම් දී ඇත.
මෙම කමිටුවේ අවසන් වාර්තාව පසුගිය නොවැම්බර් 27 වැනි දා එහි සභාපතිවරයා විසින් ඇමැතිවරයා වෙත භාරදුන් බවත් මින් පෙර වාර්තාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන බවට අමාත්‍යවරයා සඳහන් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුයි තව ටිකකුයි ඕනෑලුනේ! මෙයාලගෙ ප්‍රජා අයිතීන් තහනම් කරන්න ඕනෑ බොරු කරකර ඡන්දෙ කල්දානවට! (නි)
2020 වෙනකම් අඩුපාඩු හද හද ඉන්න (හේ)
මැතිවරණ කල් දාන්න.(හේ)
රබර් පටියක් වගේ ඕක අදින්නේ නැතුව පුච්චලා නළලේ අළු ටික ගා ගන්න. ඡන්දේ තිබ්බත් එකයි නැතත් එකයි. තිබ්බොත් එකම ආසනේකින් වත් ඇප වත් ඉතුරු කරගන්න ලැබෙන්නේ නැහැ.(හේ)
මේ ඇමතිය රටම ආණ්ඩුවම විනාශකරනවා බැරිනම් දාලයන්න (බ)
කල් ගත්තට කමක් නෑ හොඳ දෙයක් නම්. මොකද නව ක්‍රමය යටතේ පළාත් පාලන නියෝජිතයින් 300 විතර වැඩි වෙනවා. මහජනයා දැන ගෙන ඉන්න වෙනවා තමන් හරියටම අයිති වෙන කොට්ඨාශය හා අදාළ නියෝජිතයා. (බ)
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකකුත් ඕනෑලු (නි)
මේකත් හරියට "අද නොවේ හෙට" වගේ. (නි)