(හර්ෂණ තුෂාර සිල්වා)
පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කඩිනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට සෘජුව උපදෙස් දුන් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.සීමා නිර්ණය වාර්තාව ගැසට් කර ප්‍රසිද්ධියට පත් කර තිබෙන බව අමාත්‍යවරයා කියයි.
සීමා නිර්ණය අභියාචනා ක්‍රියාදාමය අවසන් කර ඇති අතර තවත් සංශෝධන කිහිපයක් ඇති බවත් එම සංශෝධන ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කියයි.
“ඡන්ද තීරණය කිරීමේ හැකියාවක් මට නැහැ. දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම. මගේ වගකීම නිසි ලෙස ඉටු කර තිබෙනවා. මම මැතිවරණය ප්‍රමාද කර නැහැ. සීමානිර්ණ වාර්තාව ගැසට් කර තිබෙන බව මම නැවත වරක් වගකීමෙන් කියනවා.“යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
සීමා නිර්ණය වාර්තාව ගැසට් කළේ කවදාදැයි මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසුවද ඊට නිසි පිළිතුරක් ලැබුණේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද තීරණය කිරීමේ හැකියාවක් මට නැහැ. දිනය තීරණය කරන්නේ මැතිවරණ කොමිසම 2020 දී. මේ ළමය මගේ නෙමෙයි මම බලා ගත්තට වගකීම තියෙන්නේ ළමා කොමිසමේ.
මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය මෙහෙම අමු අමුවේ උල්ලංගනය කරන්න පුලුවන්ද? මේක හරි සෙල්ලමක්නේ, පුදුම ප්රජාතන්ත්රවාදයක්,
මේ යන විදිහට ආපහු ලාම්පු කලගෙඩි සෙල්ලම එයි වගේ. එයාගේ ඥාති පුතෙක් නේද ආණ්ඩුවේ ඉන්න ලොකු ලොක්කෙක්.