‘සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරය අපේ අතට අරගන්න මේ ආණ්ඩුව පලවා හැරීමට දැවැන්ත බල වේගයක් ලෙස මහා සංඝරත්න ඇතුළු අපි පෙරට එනවා කියලා මුරුත්තෙට්ටුවේ හිමි හා ඕමාරේ කස්සප හිමි ඇතුළු පිරිසක් පසුගියදා කිව්වා. සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ගොඩනගන්න පළමු පෙරමුණේ අපිත් පුරෝගාමී වුණා. ඒ නිසා මේ ව්‍යාපාරය කිසිදු දේශපාලන පක්ෂයක් ගණිකා වෘත්තියේ යොදවන්න අපි ඉඩ දෙන්නේ නැහැ. හමුදුරුවන්ට අපි කියනවා මේ ව්‍යාපාරයට දායක් වුණු අය සිටිනතාක් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදවන්න ඉඩ දෙන්නේ නැහැ කියලා‘ යැයි පළමු පෙරමුණේ මාධ්‍ය හමුවක් අද(28) කොළඹ රාජගිරිය පක්ෂ කාර්යාලයේ දී පැවැත්වූ අවස්ථාවේ එහි කැඳවුම්කරු හා චන්ද්‍රසේන විජේසිංහ මහතා පැවසීය.
“බලයට එන්න කවුරු හරි පටු මාවත් හොයනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රතිරුපය විනාශ කරන්න එපා. මේ ප්‍රතිරුපය බාල වැඩවලට හා දුෂිත පාලකයින් කරලියට ගේන්න පාවිචි කරන්න එපා‘ යැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරුත්තෙට්ටුවේ උන්නාන්සේගේ වැඩ කිඩ මේ රටේ මිනිසුන්ට රහසක් නොවෙයිනේ. ගණන් ගන්න එපා! (බ)
මහත්තයෝ, මහාවංසය හොඳට කියවලා බලන්න. තුල්ලත්තන සහ ලංජිතිස්ස පලහිලව්වේදී, රජකම හිමි තැනැත්තා ඉවත් කර සංඝයා එකතුවෙලා ඔවුන්ගේ බාලයාව රජකෙරුවා. මිනී මැරුමක් සිද්ධ වුනා. ඒක තමයි ලංකා ඉතිහාසේ හාමුදුරුවරු කරපු පළමුවෙනි වරද. ඊ ලඟට විජේබාහු රජුගේ මරණින් පසු ඔහුගේ පුතාට උරුම යුව රජකමට හාමුදුරුවරු එකතුවෙලා`පෙරසිරිත් කඩකොට` අහක හිටපු මානාභාරනව තෝර ගත්තා. ඔවුන් කරපු ගොන්කම නිසා අවුරුදු 40 ක් පමණ කලක් රට අවුලින් අවුලට පත් වුනා. (බ)
නිකම් සම්පප්‍රලාප කියන්න එපා. බුදුන්වහන්සේ කාගේවත් ආණ්ඩු පෙරලන්න ගියේ නැහැ! හාමුදුරුවන්ගේ කර පිටින් දේශපාලකයෝ බලයට එන්න හදනවා නෙවෙයි, දේශ පාලකයන්ගේ කරපිටින් හාමුදුරුවරු වගයක් බලයට එන්න පොරකනවා තම තමන්ගේ වාසියට! (බ)
අපේ ඇත්තෝ සෝභිත හිමියන් ගේ ප්‍රතිරූපය නොවෙයි, බුදුසමිඳුන්ගේ රුව වුනත් තමන්ගේ වාසියට යොදා ගන්නවා.(බ)
අැයි කලබල වෙන්නේ. සෝභිත හාමුදුරුවෝ ඔය ගොල්ලන්ගේ දෙස්පාලනවලටත් අයිති නැහැනේ. පරීක්ෂණයක් තියන්න ඕනෑ. අපිටත් මෙය ගැන සැකයක් තියෙනවා. සිංගප්පූරුවට අරන් ගියේ සෝභිත හාමුදුරුවෝ පණ පිටින්ද නැත්නම් සිහි නැතුවද නැත්නම් මලකඳද. ප්‍රශ්න ගොඩක්. අන්තිමට හමුදුරුවන්න්ට මොන පිලියම්ද දුන්නේ. ඒවාට තමුන්නාසේල ළඟ පිළිතුරු නැහැනේ. වෙන එකත් තියා තමුන්නාසේල බොරුවට කයිවාරු ගැහුවට ආදාහන කටයුතු කරන්නවත් නායකත්වයවත් තමුන්නාන්සේලට අහිමි වුනානේ. කලබල කොරන්නේ නැතුව ඉන්න ටිකක්. (බ)
ලංකාවේ ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් දේශපාලන වේදිකාවට ගෙන්න පුළුවන්. අසික්කිත මිනිස්සු ඉන්න රටක් මේක. (බ)
මේ සිදුවන දේවල් ගැන අපේ ගරු ස්වාමින්වහන්සේලා කතා නොකරනවනම් කවුද ඒ ගැන කතා කරන්නේ ? මොලේ ටිකක් හරි තියනවනම් හිතන්න අර්බුදයක් තියනබව. .(බ)
භික්ෂුවගේ කාර්යය කුමක්ද යන්න බුදුන්වහන්සේ අනුදැන වදාළ සේක (බ)
කට්ටියක් සෝම හාමුදුරුවෝ විකුණලා බලයට ආව.දැන් සෝභිත හාමුදුරුවෝ ඉන්නකොට අපවත් කරන්න හදපු අයම සෝභිත හාමුදුරුවෝ විකුණලා බලයට එන්න දගලනවා. (බ)
නිතිය නමැති සැඩ පහරේ ගිලීන්න යන මිනිස්සු අම්මගේ ඇඳිවතද ස්වාමින් වහන්සේගේ සිවුරද , මල් පොහොට්ටුවද කියල බලන්නේ නැහැ, මොකේ හරි එල්ලිලා බේරෙන්න බලන්නේ. ඔන්න කෙටියෙන්ම කීවා. (බ)
සෝභිත හිමි විනාශ කළේ කවුද කියලා අපිට දැනෙනවා (නි)
සමාජයට විෂබිජ දමන්නේ ඒ වගේ කට්ටිය තමයි (නි)
මේ රටේ ඉතිහාසය නොදන්නා රැලක් ඉන්න බව අපි හැමෝම දන්නවා. හාමුදුරු නමකට කටක් ඇරලා කිසිදෙයක් කියන්න ගිහියෙකුට බැහැ. (නි)
සෝබිත හාමුදුරුවන්ගේ ප්‍රතිරූපය විතරක් නොවෙයි ජීවිතයම නැතිකළේ ඔබලා වාගේ අය (අ)
මෙගොල්ල් කරන්නෙත් සිංහල බෞද්ධ විරෝධී බාල වැඩනේ. විරුද්ධ අයගේ සොරකම් සොයනවා.ගැතිකම් කරන අයගේ සොරකම් සොයන්නේ නැහැ.(බ)
ඇයි ඔයගොල්ලෝ කලබල වෙලා? (බ)
ලංකාවේ හාමුදුරුගොල්ලන්ට වෙන. වැඩ නැතිද .දේශපානය කරන්නේ මේවා බලන් ඉඳල තමයි පොඩි සාමනේරලා ලොකු වුනාම කරන්නේ හන්දියක් ,හන්දියක් ගානේ විශාල බුදු රුප ඒ අවට. සුද්ධ පවිත්‍ර. කරලා මල් ටිකක් පුජා කරන්න (බ)
සමහරු එදා ගත්ත ප්‍රයෝජන නිසා රටට හෙන ගැහුවත් නැවත බලයට පත්කරන්න හදන්නේ තමන්ගේ වාසියටයි. රටට වින කටින්න එපා කියලයි අපි ඉල්ලන්නේ. (බ)
මෙතෙක් කාලයක් නිහඬව සිට මේවා ගැන අද හාමුදුරුවෝ කතා කිරීම හාස්‍යජනකයි. හාමුදුරුවරු නීතියෙන් ප්‍රශ්න කරන කොට කරන මෙවැනි කුට ක්‍රියා මගින් ජනතව රවට්ටන්න යාමෙන් ඔව්න් තව තවත් ඔව්න්ගේ හැදියාව ජනතාවට නිරාවරණය වෙනවා විතරක් නෙවෙයි බෞද්ධ ආගමටත් ලොකු හානියක් කරනවා.(බ)
මේ කට්ටිය කලබල වෙනවා වැඩි සැකයට හේතුවක් නේද.? (ර)