අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ගේ 74 වැනි ජන්ම දිනය යෙදෙන ලබන 29 වැනිදා සමාජ සේවා රැසක් සිදුකිරීමට මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම සැරැසෙයි.
සෝභිත හිමියන් විසින් ඉදිකරන ලද විලච්චිය සමීපයේ ඇලපත්ගම දී සිදු කැරෙන බව පදනමේ ප‍්‍රධාන පැවිදි අනුශාසක කෝට්ටේ කල්‍යාණි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක ඉත්තැපාන ධම්මාලංකාර නාහිමියෝ පැවැසූහ.
‘‘ඇලපත්ගම ජනතාවගේ පහසුකම් වැඩි දියුණු කරන වැඩ පිළිවෙළක් අරඹනවා. එමෙන්ම උන්වහන්සේ ගේ පිළිරුව හැදීමට මේ වන විට පාර්ලිමේන්තුව අසල ඉඩමක් වෙන් කර එහි මූලික වැඩ සිදු කෙරෙමින් පවතිනවා’’ යැයි ද ඒ හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේට කරන්න පුළුවන් උපරිම ගෞරවය තමා ජනතාවට උපරිම සහන දීම හා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම. උන්වහන්සේ හිටියත් කතාකරන්නේ ඔයදෙක ගැන තමා (බ)
හොඳ ශ්‍රමදානයක් සංවිදානය කරලා ගං වතුරෙන් හානි වෙච්ච පළාත් සුද්ද කරලා ගස් ටිකක් හිටවන්න. ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ මෙය පිළිගනී කියලා මම හිතනවා. උන්වහන්සේත් ඉතාම ගුණ ගරුක හිමි නමක්. (හේ)