IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුබසිංහ - ඉරිඳු 18 න් පහළ ශූරතා දිනති

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙය වු ජාතික යොවුන් චෙස් තරගාවලියේ වයස 18 න් පහළ විවෘත බාලක ඉසව්වෙන් කේ. ආර්. සුබසිංහ ද, එහි බාලිකා ඉසව්වෙන් ඉරිඳු බස්නායක ද සම්මාන ලැබුහ. මෙම අවසන් තරග කොළඹ රාජකීය විදුහලේදී පසුගියදා පැවැත්විණ. දිස්ත‍්‍රික් තරග වටය ජයගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2000 ක් පමණ වයස් කාණ්ඩ හයක් යටතේ ජාතික තරගාවලියේදී තරග කළහ. තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙම වසරේදී පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගැනිණ. ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය ජුනි මස 24 වැනිදා සිට ජුලි මස 1 වැනිදා දක්වා හික්කඩුව ෆයු ස්ටාර් බීච් රිසෝට්ස් හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ ද නිතරගයෙන්ම ආසියානු තරගාවලියට සුදුසුකම් ලබා සිටින්නීය. තරගාවලියට වයස 6 න් පහළ, 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ බාලක හා බාලිකා වයස් කාණ්ඩ හතක් ඇතුළත්විය. අවසන් තරග ප‍්‍රතිඵල: 6 න් පහළ (බාලක) 1.අමනීත් සෙනිල ගුණරත්න (7.5), 2.චමත් අත්තනායක (7.0), 3.බිම්සාත් සනුප මාරපන (6.0) 6 න් පහළ (බාලිකා) 1.ඞී. එන්. තරුෂි (7.0), 2.පංචලී රත්නායක (6.5), 3.ඔමායා ජයතිලක (6.5) 8 න් පහළ (බාලක) 1.ආලෝක ප‍්‍රනාන්දු (10.0), 2.කේ. සී. හරිකි‍්‍රෂාන් (9.0), 3.යසිදු විතානගේ (8.5) 8 න් පහළ (බාලිකා) 1.සිතුමි සමරසිංහ (9.0), 2.එස්.ගුණතිලක (8.0), 3.හංසලී නිසංසා ජයසුන්දර (8.0) 10 න් පහළ (බාලක) 1.එම්. එච්. තිලකරත්න (8.5), 2.පී.ටී.ගුණවර්ධන 8.0), 3.ඞී.තීක්‍ෂණ (8.0) 10 න් පහළ (බාලිකා) 1.නතාෂා රොසෙල් (8.5), 2.තරුෂි නික්ලේෂා (8.0), 3.චමෝද්‍යා යාපාබණ්ඩාර (8.0) 12 න් පහළ (බාලක) 1.චානක ලොරෙන්සෝවා (9.0), 2.ඒ.එස්.කළුආරච්චි (8.0), 3.කේ.ජී.රත්නායක (8.0) 12 න් පහළ (බාලිකා) 1.නවෝද්‍යා බටවල (7.0), 2.ඉෂානි දිල්හාරා වික‍්‍රමසිංහ (7.0), 3.කේ. ජී. රත්නායක (8.0) 14 න් පහළ (බාලක) 1.එම්. ඞී. සුරියබණ්ඩාර, 2.සී. ගමගේ, 3.සචින්ත චතුරංග 14 න් පහළ (බාලිකා) 1.එස්. ජයරත්න, 2.ශානිකා රණසිංහ, 3.ඒ. එස්. කොට්ටච්චි 16 න් පහළ (බාලක) 1.ටී. කුලසේකර (6.5), 2.ඞී. පේ‍්‍රමචන්ද්‍ර (6.5), 3.තිසුර දොළුවීර 18 න් පහළ (විවෘත බාලක) 1.කේ. ආර්. සුබසිංහ (6.5), පී. කේ. ජයසුන්දර (6.0*, 3.වී. කේ. කොඩිකාර (6.0) 18 න් පහළ (විවෘත බාලිකා) 1.අයි. යු. බස්නායක (7.0), 2.පංචලී පෙරේරා, 3.කාවින්දි සෙනරත් (5.5)



අදහස් (0)

සුබසිංහ - ඉරිඳු 18 න් පහළ ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site