විරෝධතා පැවැත්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කළැයි සබරගමුව සරසවි සිසු පිරිසක් මොනරාගල ප්‍රාදේශිය සභාපතිට එරෙහිව මානවහිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ.
සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සත්‍යග්‍රහයක් මොනරාගල නගරයේ පවත්වද්දී ප්‍රාදේශිය සභාපති ඊට අවහිර කළැයි පැමිණිල්ලේ සඳහන්වේ.
සභාපති පවසා ඇත්තේ ඌව පළාත් සභා ඡන්දය පවත්වන අවස්ථාවේ එක්තරා දේශපාලන පක්ෂයක් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ විශ්ව විද්‍යාල අහෝසිකර ඒවා පෞද්ගලිකරණය කරන්න. එතකොට ඔය ළමයෙක්ට රුපියල් 500 ක හෝ ගාස්තුවක් ගෙවන්න වේවි. වැඩ වර්ජන හා සත්‍යග්‍රහ සියල්ලම ඉවරවේවි. ආණ්ඩුවේ ටැක්ස් ගැනීම අඩුකර බඩුමිල අඩුකරන්න. සියලු සුබසාදක දීමනා නතරකරන්න. අධ්‍යාපනයට, සෞඛ්‍ය ට ගානක් අයකරන්න ළමුන්ගේ බොරු ටියුෂන්, වැඩිහිටියන්ගේ අරක්කු සිගරට් බීම නැවත්තුවම සල්ලි ඉතුරුත් වේවි. (නදී)
මෙයාලාගේ උද්ඝෝෂණ ,කලබගෑනි නිසා පාරවල් අවහිරවී තමන් යන තැනකට යාගන්න බැරිව අපහසුතාවයට පත් වන මහජනතාවගේ මානව හිමිකම් සළකන්නේ නැද්ද ? (නි)
තව ටික කාලෙකින් රජයේ දේපල ගිනි තියන්න දුන්නෙ නැහැ කියලත් මානව හිමිකම් යාවි මේ කට්ටිය. මෙයාල පිටිපස්සෙ ඉන්න පක්‍ෂය රට පාලනය කරන කාලයක් වුනා නම් ටවුම මැද වෙඩි කන්න පුළුවන් ඕවා කරන්න ගිහින්. (නදී)
අවුල් වැඩිම සරසවි වලින් එකක් තමයි සබරගමු සරසවිය ..දැන් හොදටම තේරෙනවනේ මොකද එහෙ අවුල් වැඩි කියල.මේ ඉන්නේ බංකලොත් දේශපාලනේ කොන්ත්‍රාත්තු කාරයෝ .. එයාල නිසි පරිදි තමන්ට පක්ෂයෙන් ලැබෙන කොන්ත්‍රාත්තු ඉටු කරන නිසා තමයි ඒ...මේ දේශපාලනයේ පැවැත්ම තියෙන්නේ අවුල් තියෙන තරමට, අවුල් හදපු තරමට, අවුල් තුලින් කොහොම හරි එකෙක් දෙන්නෙක් බාවා ගත්ත තරමට. නිදහස් අධ්‍යාපනේ නම විකුණලා බලහත්කාරෙන් සරසවි සිසුන් පාරට ඇදල දාල කලට වෙලාවට සරසවියෙන් පිට වෙන්න ඉඩ නොදෙන මෙයාල තරම් නිදහස් අධ්‍යාපනේට වින කරන එව්වෝ තව කොහෙද ඉන්නේ.. .නිදහස් අධ්‍යාපනේ පැවැත්මට තියෙන ලොකුම පිළිලය තමයි මේ..තම දේශපාලන අභිමතාර්ථ සදහා සරසවි සිසුන් බිල්ලට දීම මෙයාල එදත් කලා අදත් කලා හෙටත් කරාවි..සරසවියට යන එකා නිදහසේ ඉගෙන ගෙන ගෙදර යන එක තරම් විදවන්න බැරි දෙයක් මෙයාලට තවත් නැහැ. .වර්ජන වලින් සරසවි වගේම රාජ්‍ය අංශයත් අකාර්යක්ෂම කරලා විනාශ කරලා ඒමතින් ඇතිවන ජනතා පීඩනයෙන් ඔලුව උස්සන්න හදන මේ බංකලොත් දේශපාලනේ මේ රටින් අතු ගැවිලා ගිය දාට මේ රටට යහපතක්ම වේවි..ඡන්දෙන් ඡන්දෙට ඒ දේ වුණා වගේම පාර්ලිමේන්තුවේ ආසන තිස් ගණනක් තිබුණු පක්ෂයක් පළාත් සභාවක ආසනයක් දිනා ගත්තම රට පෙරලුව,ඉන්න රජය පෙරලුව කියල හිතෙන තත්වයකට ජනතාව විසින් ඇදල දැම්ම වගේම ඌව ඡන්දෙනුත් 21 වෙනිදට අපිට බලා ගන්න පුළුවන් මේ දේශපාලනය මිනිස්සුන්ගෙන් තව දුරටත් ප්‍රතික්ෂේප වන හැටි..(අ)
රට කන්නේ ජනතා මුක්කු කාරයෝ (අ)
බන්දුල මහත්මයා, ඔබතුමා ගැන ලංකාදීපේ අදහස් දාන ඔක්කොම දන්නවා. ඔබතුමා වගේ අය නිසා තමයි ලංකාව පහුගිය අවරුදු 66 ක් තිස්සේ එක තැන පල් වෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණු රජයක් තමයි හොඳම විසඳුම. විශ්ව විද්‍යාලයට යන්නේ උගතුන්. ඒ අය කාටවත් අන්දන්න බෑ. ඔබතුමා නම් විශ්ව විද්‍යාලයක් දැකලවත් නැතුව ඇති. මම විශ්ව විද්‍යාලයට ගිහින් , දැන් ඉංජිනේරුවෙක් විදියට වැඩ කරන කෙනෙක්. ඔබතුමාලා වගේ අය තවත් ඇති වීම වළක්වන්නයි මගේ ටික කාලයක් හරි වැය කරලා අදහස් දාන්න ගත්තේ. (ස)
බන්දුලගේ කතාව හරියටම හරි (නදී)