සරබගමු සරසවි සිසුන්ගේ පඹහින්න අට්ටාලය පසුගිය ඔක්තෝබර 11 වැනි දා වෙඩි තැබීයැයි සැකපිට සරසවි අනධ්‍යයන සේවකයෝ දෙදෙනෙක් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මීට පෙර අත්අඩංගුවට ගත් පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සරබගමු සරසවි සිසුන්ගේ පඹහින්න අට්ටාලය පසුගිය ඔක්තෝබර 11 වැනි දා වෙඩි තැබීයැයි සැකපිට සරසවි අනධ්‍යයන සේවකයෝ දෙදෙනෙක් අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මීට පෙර අත්අඩංගුවට ගත් පස් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය අවුරුදු 20 ක 25 ක ඔයවගේ කැගහපු කට්ටිය දැන් ඉන්නවා ඇත්තේ රජයේ හොද තනතුරු වල හරි දේශපාලනයේ හරිනේ. එයාලගේ අරමුණ උනේ මේ රට හරිමගට ගන්නනේ, එමනිසා පුද්ගලික අංශයේ නැතුව ඇති සුලුකොටසක් ඇරෙන්න. එත් කෝ මේ රටේ වෙච්ච කිසිම වෙනක් නැනේ ඔය කැගහපු කට්ටිය ලොකුතනතුරුවලට ආවකියල. (ර)
ඇත්තටම දැන් මේ අට්ටාල ප්‍රශ්නය ඉක්මනට විසඳ ගත්ත නම් හොඳයි. මේ සරසවියේ ඉගෙන ගන්න උවමනාව තිබෙන ළමයින්ට වත් ඒ වැඩේ කරගන්න ඉඩ සලසලා. මේවා ලෝකය හිනස්සන විහිලු. (දිල්)
ඇත්තටම මේ ළමයින්ගේ දෙමව්පියන් ට මේ ගැන වගකීමක් තිබෙනවා. ඉගෙන ගන්න සරසවියට ආපු ගමන් දැන් මගේ ළමයා හරිම උගතා කියලා එයාට උපදෙස් දෙන්න තත්ත්වයක මම නැහැ කියලා හිතා ගන්නවද මන්දා .ඉඳහිටවත් ළමයා ඉගෙන ගන්න ඇවිත් මොනවද කරන්නේ කියලා සොයල බැලුවොත් නරකද ?(හේ)
හරිම සතුටුයි. (ස)
සබරගමුව මුදා නොගත් ප්‍රදේශයක්ද? ඔය බොරුවට දඟලන අය ගහල එලවන්න ඕන. දෙමාපියොත් එක්කම.තාම එකෙක් මලේ නැහැ ජාත්‍යන්තරයට ගෙනියන්න. (ස)
සෑම උසස් අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටම ස්ථිර අට්ටාලයක් අටවා දෙන ලෙස උපවාසවල වටිනාකම දන්නා නිවාස ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු. එවිට අවශ්‍යය අයට අවශ්‍යය වෙලාවක පැමිණ උපවාස කල හැක. (ස)
අනේ ඔව් . ගහල දෙමු අට්ටාලයක්. අපි ගෙවන බදු සල්ලි වලට අමතරව සම්මාදමක් කරලා හරි ඒක කරලා දෙමු. එතකොට ඉල්ලීම් විතරක් නෙවෙයි ගර්ල් ෆ්‍රෙන්ඩ් තරහ වුනත් ඇවිත් කාට කාටත් බැරිය ඕකේ නැගිලා හැමෝටම පේන්න උපවාස කරන්න. මේ රටේ අනිත් මිනිස්සුන්ට පිස්සු නැති නිසා හොඳයි. (අ)
අනේ අම්මපා අපේ රටට වෙන වැඩක් නැද්ද මේ අට්ටාලයක් ගැන වද වෙනවා ඇරෙන්න ? රටේ ඕන තරම් වෙනත් වැදගත් ප්‍රශ්න තිබෙනවා. අර බෝම්බ පිපිරෙන කාලයේ මේ අට්ටලකාරයෝ කොහෙද හිටියේ ? යන්තම් රටේ නිදහසක් ඇවිල්ල ඔලුව ඉස්සුවා විතරයි. නිදහස් අධ්‍යාපනය දඩ මීම කරගෙන, ඉගෙන ගන්න කෙනෙකුටවත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. (ර)
මෙයාල මෙහෙම අට්ටාල වලට වෙලා කෑ ගැහුවේ නැත්නම් ඔයාලට මෙහෙම කොම්මෙන්ට් කරන්නවත් වෙන්නේ නෑ. (ර)
දැන් මොකද්ද මේ විහිලුව ? රටේ වෙන තැනක කිසිම අනවසර ඉදිකිරීමක් බැහැ. දුප්පත් මිනිහෙක් පාර අයිනේ පෙට්ටි කඩයක් දාගෙන බඩට කන්න රස්සාවක් කලත් ඒක කඩනවා. එහෙම තියෙද්දී මේ අට්ටාලයක් අල්ල ගෙන මැරෙන්න යනවා. (ස)
මේක හිතා ගන්න බැරි දෙයක්. සාමාන්‍යයෙන් අනධ්‍යයන සේවකයන්ව සරසවි සිසුන් හොඳට අඳුනනවා. ඒ නිසා ඒ අවධානම අරගෙන මෙහෙම වැඩක් කළා කියල හිතන්න අමාරුයි. කාගේ හරි පිටින් මේ කරුමය ගියාද දන්නේ නැහැ. (ස)
අර වෙන් කරන්න කියන 6% කොටසක් වැය කරලා මහවිරු සිසු උපවාස අට්ටාලය කියල කොන්ක්‍රීට් වලින්ම අට්ටාලයක් කට්ටියට විශ්ව විද්‍යාල ඉස්සරහින් හදල දෙමු..එතකොට ඉගෙන ගන්න කැමති එවුන්ට ඇතුලට ගිහින් ඉගෙන ගන්න පුළුවන්..උපවාස කරන එවුන්ට එතනට වෙලා උපවාස කරන්න පුළුවන්..ඊටත් අමතරව ඔය හයෙන් මේ අයට සැම සරසවියකම දේශපාලන මුලස්තානයක් පවත්වාගෙන යන්න ප්‍රතිපාදන වෙන්කරලා පුර්නකාලිනව දේශපාලනය කරන අයට නඩත්තුව සදහා දීමනාවකුත් ලබා දෙමු.. (ස)
ඒ කියන්නේ සරසවි අනධ්‍යයන සේවකයෝ ළගත් තුවක්කු තියෙනවා කියන එක.හැමෝළගම ආයුධ දැන් බලනකොට පොලිසිය නෙමේ වෙඩි තියල තියෙන්නේ (දිල්)
මේ අට්ටාල නඩුව කවදාද ඉවර වෙන්නේ ? සාමාන්‍ය මිනිහෙකුගේ ගෙයක් දොරක් ගිනි ගත්ත නම්, චණ්ඩින් ඇවිල්ලා කැඩුවා නම් මෙහෙම අවධානයක් තිබෙනවද ? (දිල්)
මේ කාලේ කන වැඩේ කවද්ද ඉවරවෙන්නේ ? ඉගෙන ගන්න කෙනෙකුට ඉගෙන ගන්නත් නැහැ. (දිල්)
මේ දේවල් ගැන දෙමව්පියන්ටත් වගකීමක් තිබෙනවා. මගේ දරුවා සරසවියේ . මම මගේ ළමයාට කියල තියෙන්නේ රට හදන්න යන්න කලින් තමන් ඉගෙනීම සම්පුර්ණ කරගෙන ඊට සුදුසු තත්වයකට එන්න කියලා. (දිල්)