සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ලිහිල් කිරීමටත් තවත් සිසුන් සිව් දෙනකුගේ පන්ති තහනම ගැන අභියාචනා කිරීමට ඉඩ දීමටත් ගත් තීරණය නිසා දින 59ක් තිස්සේ සබරගමුව විශ්ව විද්‍යාලයයේ සිසුන් පැවැත්වු විරෝධය අද (31) අවසන් කළ බව විද්‍යාලයයේ වැඩබලන උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා කීය.
මහා ශිෂ්‍ය සංගම ඇතුළු සෙසු ශිෂ්‍ය සංගම් නැවත පිහිටුවීම සහ විශ්ව විද්‍යාලයයේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම යන ඉල්ලීම්වලටද විශ්ව විද්‍යාල පාලනාධීකාරියෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු නිසා විරෝධය අවසන් කළ බව සබරගමුව විශ්ව විද්‍යෘලය සුරැකිමේ සංවිධානයේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සුවවීමක්ද? හොඳයි ආයෙත් පන්ති එන්න ඉඩදුන්නා කියමුකෝ. ඊළඟට අල්ලාගනීවි අර පළවැනි වසරේ ළමයි ටික. නවක වදය කියලා දෙන්න පුළුවන් දස වද ටික දීලා ආයෙත් වැඩ පටන්ගනීවි. (නි)
මේ වීරයන්ගේ දෙමාපියන් සල්ලිකාරයන් වෙන්න ඇති. අවුරුදු ගණන් සරසවියට වයස්ගත වෙනතුරු ඒ අය නඩත්තු කරන්න හැකියාව තිබෙනවා ඇති. නමුත් අර බොහොම අමාරුවෙන් දරුවන්ට උගන්නලා සරසවියට එවපු දෙමාපියන් බලා ඉන්නේ තමන්ගේ දරුවා නියමිත කාලේදී ඉගෙනීම හොඳින් කරලා රැකියාවක් සොයාගෙන තමන්ව පවුල් බරෙන් නිදහස් කරනතුරු. මම කියන්නේ කරුණාකරලා ඒ ළමයින්ටවත් පාඩුවේ ඉගෙනගන්න ඉඩදෙන්න. (නි)
මේ රටේ මෙච්චර ප්‍රශ්න තිබෙනවා. අරෙහේ නාය ගිහින් මිනිස්සු පණ පිටින් වැළලිලා. ජීවන වියදම අහස උසට. දෙමව්පියන්ගේ දාඩිය මහන්සියයි, මිනිස්සුන්ගේ බදු සල්ලියි, අනෙකුත් සරසවි සිසුන්ගේ කාලයයි ඔක්කොම නාස්ති කරන්න මේ ගොල්ලන්ව හුරතල් කර කර ඉන්න. (නදී)
මෙතනට පරිපාලනයක් අවශ්‍යත් නැහැ. උගන්නන්න කථිකාචාර්ය වරු අවශ්‍යත් නැහැ. අනධ්‍යයන සේවකයන් අවශ්‍යත් නැහැ. මේ අයටම ඔක්කොම භාර දෙන්න. ඇයි රටේ හැමෝටම වඩා උගත් බුද්ධිමත් කට්ටිය කියල නේ කියන්නේ. අනිත් වැඩත් මේ ගොල්ලන්ටම කරගන්න කියන්න. නැති නම් ගෙවල් වලින් කට්ටිය ගෙනල්ල උගන්න ගන්න කියමු. (නදී)
ඡන්දයක් ලංවෙන්න ඕනේ බොරුවට හරි ප්‍රශ්න විසඳෙන්න. (නදී)
මේක කලින් කළා නම් හැමෝටම හොඳයි නේද? (නි)
මම නම් හිතන්නේ එය තවමත් සුවනොවූ බවයි (නි)
ශිෂ්‍යන්ගේ අරගල නැත්තම් ඔය සරසවි ටිකත් විකුණලා දාලා, විශ්ව විද්‍යාල කඩ ටිකක් පටන්ගන්නවා. මේ අරගල නිසයි නිදහස් අධ්‍යාපනය ඔහොමහරි තියෙන්නේ. (නි)
මං හිතන්නේ වැරදි ආදර්ශයක්..විනයක් නැති ආයතනයකට පැවැත්මක් නැහැ..මොවුන්ට බය වෙලා විනය නීති හකුලා ගන්නවානම් ඉදිරියේදී මේ සරසවියේ තත්වය තව තවත් අගාධයට යාවි..කරුණාකර අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා කරන සරසවියේ විනය නීති වලට අනුගත නොවන ඉගෙනීම දෙවනුවත් දේශපාලනය පළමුවත් කරන සියලු සිසුන් අනෙකුත් සිසුන්ගේ යහපත සහ සරසවියේ යහපත උදෙසා ශිෂ්‍ය භාවය අහෝසි කර සරසවියෙන් නෙරපා දමන්න..නැතිනම් මොවුන් වෙනුවෙන් මහජන බදු මුදල් නාස්ති නොකර සරසවිය වසා දමන්න..(අ)
මං හිතන්නේ විනයක් නැති ආයතනයකට පැවැත්මක් නැහැ. මොවුන්ට බයවෙලා විනය නීති හකුලාගන්නවා නම් ඉදිරියේදී මේ සරසවියේ තත්වය තව තවත් අගාධයට යාවි. කරුණාකර අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා කරන, සරසවියේ විනය නීතිවලට අනුගත නොවන, ඉගෙනීම දෙවනුවත් දේශපාලනය පළමුවත් කරන සියලු සිසුන් අනෙකුත් සිසුන්ගේ යහපත සහ සරසවියේ යහපත උදෙසා ශිෂ්‍යභාවය අහෝසිකර සරසවියෙන් නෙරපා දමන්න. නැත්නම් මොවුන් වෙනුවෙන් මහජන බදු මුදල් නාස්ති නොකර සරසවිය වසා දමන්න. (නි)
රෝහිත මහත්තයෝ, ශිෂ්‍ය ව්‍යාපාරය කොහොමත් පැරදිලා නැහැ. පරදින්නේත් නැහැ. ඒකට ඉතිහාසය සාක්ෂි දරනවා. ඔයාගේ ළමයෙක් හිටියා නම් මේකෙන් ඉගෙනගන්න බාධාවක් වෙන්න ඇති. ඒත් සමස්ත අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඔවුන් විඳින දුක කියලා නිමකරන්න බැහැ (නි)
අනේ අම්මපා මේ වගේ ශිෂ්‍යයෝ. විශ්‍ව විදයාල තුල දේශපාලනය සම්පූර්ණයෙන්ම තුරන් කර දැමිය යුතුයි. මේ අය ඇත්තටම රටට වැඩ දායී විදියට අධ්‍යාපනය කරනවද කියන එක සැක සහිතයි. මේ විදියට බොරු උද්ගෝෂණය කරන අතරේ. වෙනත් ආයතනවල වෙනත් පාඨාමාලා හදාරන අය ඉහලට එනවා. දැන් ගොඩක් පෞද්ගලික ආයතනවල රැකියා කරන අය දිහා බලපුවම එ්ක හොඳට පෙනෙනවා. පාලකයෝ නෙමෙයි විශ්‍ය විද්යාල වලට වල කපන්නේ. ශිෂ්‍යයෝම තමයි වල කපාගන්නේ. අද විශ්‍ව විදයාල වලින් එන අයගේ ඉංග්‍රීසි දැනුමත් ගොඩක් අඩුයි. එ් නිසා එයාලට අනිත් අයත් එක්ක තරඟයක් දෙන්න වෙලා තියනවා. (නදී)
රෝහිත විශ්ව විද්‍යාලයක් දැකලවත් තියනවද? රටේ උගත්ම පිරිසට අපහාස කරන්න එපා. (නදී)
අපේ දුප්ප්ත් කෙල්ලන්ට කොල්ලන්ට ඉගෙනගන්න නම් අනිවාර්යෙන්ම සටන් කරන්න වෙනවා. ඒ අය සටන් කරන්නේ අපේ අනාගත පරම්පරාව ගැන හිතලා (නදී) ape duppath kellanta kollanta igena gannanam aniwa satan karanna wenawa. Un e satan karanne un gana witharak hithala newei. Issarahata oyalage lamainta hondata igena gannai un ehema satan wadinne. Oya eka therum ganna.
කව්රුත් අන්තිමට එකයි. එදා ඉදන්ම රට පාලනය කරන්නේ තරුණයෝ තමයි. පාර්ලිමෙන්තුවේ වැඩිපුර ඉන්නෙත් විශ්ව විද්‍යාලයට ගිය අය තමයි (නදී)
කතා කරන්න දන්නේ නැති ඇමති කල වරදට දඬුවම් දෙන්නේ නැද්ද ? අට්ටාලය කඩපු පොලිසියට දඬුවම් නැද්ද (නදී)
රෝහිත, ඔබ සමඟ මමත් එකඟ වෙමි. විශ්ව විද්‍යාල වල ඉගැන්වීමට බාධාකරන අයට යටවීමට අවශ්‍ය නැත. පාරේ ඉන්න අයට එහෙමම ඉන්න කියලා අනිත් අයට උගන්වන්නයි තිබුනෙ. (නි)
ශිෂ්‍ය සංගමය දිනාගත් සටන කොහොමහරි දිනාගත්තා කියමුකෝ. දැන් තිබෙන සටන තමයි අමාරු. කොහොමහරි උපාධි සහතිකය ගන්න එපායැ. (නි)
රෝහිත මහත්මයා, කරුණාකරලා ඔහොම හිතන්න එපා. මේ ළමයින්ගේ ජිවිත පරදුවට තියලා ඒ අය සටන්කළේ අනාගත පරපුර වෙනුවෙන්. මෙහෙමවත් ළමයි සටන්කළේ නැත්නම් මේ නිදහස් අධ්‍යාපනය නැතිවෙලා ගොඩක් කල් (නි)
රෝහිත වැස්සකටවත් ඉස්කෝලයකට ගිහිල්ලා නැද්ද ?නැත්නම් තේරෙන්න එපාය ඉල්ලීම් වල සාධාරණත්වය, අවසන් මොහොතේ හරි ඉටුකරන්න තීරණය කරන්න ඇත්තේ ඒ නිසානේ.(අ)
සත්‍යපාල , මෙගොල්ලා දන්නේ රටින් ඉල්ලන්න විතරයි වගේනේ, කවද්ද රටට යමක් තමන්ගෙන් වෙන්නේ,?නාකි වෙනකම් ගෙදර ඉන්න දෙමව්පියන්ට බරක් වෙලා උද්ගෝෂණ කර කර රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කන එක බොහොම සාධරනයි. (අ)
සත්‍යපාල, අනුන්ගේ උගත්කම් ගැන ප්‍රශ්න කරන්න පෙර මේ අය උගතුන් ලෙස කරන්නේ කුමක්ද කියන්න (නි)
අන්තිමට මේ සරසවියෙන් පිටවෙන කෙනෙකුට රස්සාවක් ගන්න බැරිවෙන තත්වයක් දැන් තියෙන්නේ. එතැනට ගිය වෙලාවේ සිට වැඩ කෙසේවෙතත් ඉල්ලීම් පටන්ගනීවි. (නි)
මහත්තයෝ, ඔයාලගේ දරුවන්ටත් ඒ සල්ලි වලින් ඉගෙනගන්න නිදහස් අධ්‍යාපනය කියලා එකක් ඉතුරු කරන්නයි මේ කෑගහන්නේ. (නි)
මෙයාලගේ ඉල්ලීම් ඉෂ්ට වුණා නම් ඒ ඇති. අරෙහෙ රටේ නායගිහින් මිනිස්සු නැතිවෙලා. වෙනත් රටවල ඔහොම විපත් වුණාම විතරක් නෙවෙයි ස්වේච්ඡාවෙන් සරසවි සිසුන් සමාජ සේවයේ යෙදෙනවා. අපේ උදවිය දන්නේ අනෙත් අයගේ උගත්කම ගැන ප්‍රශ්න කර කර ඉගෙනීම පැත්තකට දාලා හැම කෙනෙක්ගෙම කාලේ කන්න විතරයි. ඔය අය විතරක් නෙමෙයි, මේ රටේ තවත් මිනිස්සු ඉන්නවා. (නි)
හපොයි ! දැන් මේ ගොල්ලෝ කියයි අන්න දැක්කද අපි දින්නා, දේශපාලඥයන් අපිට බයවෙලා අපේ ඉල්ලීම් දුන්නා කියලා. කරන්න තිබුනේ දවස් 59 ක් බැරිනම් 559 ක් කරන්න කියලා ඉගෙනගන්න ඕනේ ළමයින්ට ආරක්ෂාව ඇතුව උගන්නන්න සළස්වන එකයි. නැතිනම් අර අය කවදාවත් කිසිම පාඩමක් ඉගෙන ගන්නේ නැහැ.(ර)
ජය වේවා.! රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ ජවයට. (ර)
ඔය ලෙඩේ නිට්ටාවට සුවවෙලා නැහැ. කවදාවත් ඕක හොඳවෙන එකක් නැහැ කියලා හිතෙනවා (නි)
මං හිතන්නේ වැරදි ආදර්ශයක්. විනයක් නැති ආයතනයකට පැවැත්මක් නැහැ. මොවුන්ට බය වෙලා විනය නීති හකුලා ගන්නවානම් ඉදිරියේදී මේ සරසවියේ තත්වය තව තවත් අගාධයට යාවි. කරුණාකර ඉගෙනීම දෙවනුවත් දේශපාලනය පළමුවත් කරන අනෙකුත් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා කරන සරසවියේ විනය නීති වලට අනුගත නොවන සියලු සිසුන් අනෙකුත් සිසුන්ගේ යහපත සහ සරසවියේ යහපත උදෙසා ශිෂ්‍ය භාවය අහෝසි කර සරසවියෙන් නෙරපා දමන්න. නැතිනම් මොවුන් වෙනුවෙන් මහජන බදු මුදල් නාස්ති නොකර සරසවිය වසා දමන්න. (ර)
මට නම් එක එක්කෙනාගේ අදහස් වලට උත්තර දෙන්න උවමනාවක් නැහැ. ඔවුන් හිතන හැටි ගැන මට වැඩක් නැහැ. තේරෙන අය තේරුම් ගනීවී. මට නම් මෙතන අසාධාරණයක් වෙලා තියෙනවා ඒක ජයග්‍රහණය කරලා තියෙනවා කියලා තේරෙනවා. මමත් දරුවෝ ඉන්න, විදේශයක සේවය කරන කෙනෙක් විදියට හා රටට විදේශ විනිමය උපයන කෙනෙක් විදියට නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා (නි)
ලැම්බෝගිනි ෆෙරෙර්රි,පොර්චේ කාර් 7-8 ක් ගුවනින් ගෙන්වා දෙන්න කියලා නෙමෙයි මේ දරුවන් ඉල්ලන්නේ. ලංකාවේ අයට කොහොම තේරුම් කරන්නද මන්දා (නි)
අද රටේ උද්ඝෝෂණ නොකර කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. (නි)
ඔතන නිධන්ගත රෝග විතරක් නෙමෙයි පිළිවෙලකට ඉගෙනගන්න ළමයින්ටත් බාධාකරන වසංගත රෝගත් තිබෙනවා. (නි)
රට භාර දෙන්න පුලුවන් උනේ මීට දශක ගනණකට කලින් සරසවියෙන් පිටවුන උගතුන්ට. එහෙම නැතිව දැන් ඒවායින් පිටවෙන අයට පුද්ගලික කොම්පැනියක රස්සාවක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වේවිද දන්නේ නැහැ. දෙනවා නම් අන්න අර යාපනේ සරසවියේ සිසුන්ට තමයි. හවසට එළවලු කොටුවල වැඩ කරන ගමන් බයිසිකල් වලින් හැතැක්ම ගණන් ඉගෙනීමට යමින් එමින්, දෙමව්පියන්ගේ තුට්ටු දෙක නාස්ති නොකර , මහජනයාට වදයක් නොවී ඉගෙන ගන්නවා. (නදී)
ඉගෙනගන්න ඕනෑ ළමයෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. මේ ගොල්ලන්ට රට භාරදුන්නොත් එක දවසකින් රට ආපස්සට හරවාවි. ඇයි ඉතින් රස්සාවකට ගිය ගමන් වැඩ කරන්නත් කලින් එතන පඩිය වැඩිකරන්න කියලා මහා උද්ඝෝෂණයක් පටන් ගනීවි. ඊළඟට අත්‍යවශ්‍ය සේවා ඉඳලා ඔක්කොම කඩාකප්පල් කරාවි. ඊට වැඩි දෙයක් ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
ඔය සරසවියෙන් එළියට එන සමහර අයව හරියන්නේ ආණ්ඩුවේ කන්තෝරුවල ස්ට්‍රයික් කරන්න තමයි (නි)
අපේ රටේ සරසවි ශිෂ්‍යයින් නඩු කියාගෙන පන්ති වර්ජන කරගෙන ඔහොම යමුකෝ. මේවාට උඩගෙඩි දෙන අයත් ඉන්නවානේ. (නි)