ඉතාමත් ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවන්නේය යන සුබ ආරංචිය ලැබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දී ඇතැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා අද (26) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලය නැති නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඉදිරියට යෑමට හැකියාවක් නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු එක යහපත් වැඩක් කියනවද? යහපාලනය බලාගෙන ඡන්දෙ දීලා පසුගිය මාස පහක් ජනතාව විඳපු දුකක්. කරපු තරමක් කලේ නොකළ යුතුම වැඩ. උතුරු නැගෙනහිර හමුදා කඳවුරු,වැසීම රණවිරුවන් අත්අඬංගුවට, ඩයස්පෝරා සැණකෙළි, දැවැන්ත ඉදිකිරීම් නවතා රැකියා අහිමිවීම, ආර්ථිකය බිදවැටීම්, මහබැංකු බැදුම්කර වංචා, කොලඹ කානු මාර්ග නැවත අපිරිසිදුවිම, පදික වෙළඳුන් නැවත පාරට දැමීම, ඉන්දියානුවන්ට අපේ රටේ මාළු අල්ලන්නට ඉඩදෙන්නට සුදානම. අැඟ හිරිවැටිලා හිටියේ තව මොන මොන විනාශ කරයිද කියලා. අපි කරපු වරද දැන් හදාගන්න පුළුවන්. (ස)
අපිත් වෙනසක් බලාගෙන දුන්නා. දවස් 158 බලයේ ඉදල නටපු විගඩමක්. අපි හිතුවා මෙයාල මේ රට තව ටිකක් උඩට ඔසවන්න යමක් කරන්නට පුළුවන් කියලා. අන්තිමට රට ගැන ආදරේ කරන අයට දුන්නේ පුදුම මානසික පීඩාවක්. (නදී)
මහමැතිවරනයේදීත් ඔබතුමාලට සුබම සුබ ප්‍රතිපල ලබාදීමට ජනතාවට නුවන පහල වේවා. (නදී)
කොහොමත් ඊළඟ මැතිවරණයෙන් පස්සේ සුබ ආරංචිම තමයි අහන්න වෙන්නේ (නි)
කවදාද ඒක අහන්න ලැබෙන්නේ? (නි)
පාර්ලිමේන්තුවේ බෙරිහන් දුන්න අනාත හොරුන්ට දැන් යන එන මන් නැතිවනවා (අ)
නැතුව නැතුව කිව්වලු (නදී)
අහන්නත් ආසයි. බඩු මුට්ටු ටික ලැස්ති කරගත්තනම් ඉක්මනට පින් පදවි දාල යන්න කාලේ හරි. (බ)
කියන කෙනාට නම් සුබ නැති වෙයි (බ)
ෂා නියමයිනේ! (නි)
2009 දී අපි කොටින්ට පරාද වුණා නම් මොනවා වෙන්න තිබුණද කියලා දැන් අපිට තේරෙනවා (නි)
අපිත් කියන්නේ ඒක තමයි. කරගන්න බැරිනම් විසුරුවලා මැතිවරණයක් තියන්න. ආණ්ඩු කරන්න ශක්තිය තියන අය මිනිස්සු තෝරාගනියි..! (නි)
සමහරුන්ගේ සුබ කාලයත් දැන් ඉවරවේගෙන යනනවා. (නි)
ආණ්ඩුවක් හරියට කරන්න ආණ්ඩුවට ශක්තියක් තියෙන්නේ ඕනේ. පාලනය කරන දෙන්න ගැලපෙන්නේ නැහැ. හරියට ගින්දරයි වතුරයි වගේ කොහොමත් ගැල පෙන්නේ නැහැ. අතීතයේදීත් රණ විරුවන් පාවාදීපු, දැනුත් රණවිරුවන් පවා දෙන අය එලවල නැවත රට බේරාගත් අය පත් කරමු වැරදි හදා ගෙන රට වාසනා වන්ත අනාගතයකට රැගෙනයාමට. (නදී)
ඊයේ කිවුවා නේද 20 සම්මත කරගෙන මිසක් විසුරුවන්නේ ැහැ කියලා? ඒ කියලා තියෙන්නේ එතකොට බොරුද? (නි)
සතුටුයි..ගෙවල් වල කොසු ඉදල් ලෑස්තියි මහත්තයො (බ)
අනේ දැන්වත් පුළුවන් වැඩක් කරගෙන ඉන්න මහත්තයෝ...!!! (බ)