අයුක්තියට අසාධාරණයට සහ දුෂණ වංචා වලට එරෙහිව නැගී සිටින මිනිසුන් ඇගැයීමේ අරමුණින් ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ‘ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ‘ජාතික සුපිළිපන් සම්මාන 2014‘කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
ප්‍රාදේශිය දේශපාලනඥයකු විසින් දණගස්සවා හිංසාවට ලක් කළ සිදු කළ නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් මහත්මියද,දැරණියගල නුරිවතු යායේ වතු අධිකාරීවරයකු ලෙස සේවය කරමින් සිටියදී දුෂණයට,වංචාවට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් ප්‍රාදේශිය දේශපාලකයකුගේ අනු දැනුම යටතේ ඝාතනය වු බව කියන නිහාල් පෙරේරා වෙනුවෙන් ඔහුගේ බිරිය සුනේත්‍රා පෙරේරා මහත්මියද ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වු ජ්‍යෙෂ්ඨ නීතීඥ එල්මෝ පෙරේරා මහතා අතින් ඇගැයුම් සම්මාන ලැබුහ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් රනුග්ගේ මහතා ද මෙම අවස්ථාවට එක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම අගය කලයුතු ක්‍රියාවක්.(හේ)
මේවා අගය කරලා කොමෙන්ට් දාන කට්ටිය කවුරුවත් නැති වෙයි. මොකද අපේ රටේ හැම මිනිහෙක්ම දූෂිතයි.එහෙම අය තමා දූෂිත නායකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ (බ)
අගය කලයුතු වැඩක්. (ර)
මේ වගේ දේවල් වලින් අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් ධෙර්යමත් වෙනවා .අපේ ප්‍රණාමය. (ර)