අද (30) නිකුත්වූ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ තරිඳු නිර්මාල් වික්‍රමසිංහ සිසුවාය.
දෙවැනි ස්ථානය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ නවංජනා ජයවර්ධන හිමිකරගෛන ඇත.
තෙවැනියට වැඩිම ලකුණු ලාභින් අතර කොළඹ විශාඛා, ගම්පහ රත්නාවලී සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් වේ.
3 වැනි ස්ථානය
අමාෂි නිවර්තනා - කොළඹ විශාඛා විද්‍යාලය
නුවනි නෙත්සරණි - රත්නාවලී බාලිකා විද්‍යාලය . ගම්පහ
හංසපානි අබේසිංහ - මහාමායා බාලිකා විද්‍යාලය. මහනුවර
4 වැනි ස්ථානය
රුවනිකා හේමසිංහ - විශාඛා විද්‍යාලය. කොළඹ
5 වැනි ස්ථානය
දිව්‍යාංජලී උත්තරා රාජපක්ෂ - දේවි බාලිකා විද්‍යාලය. කොළඹ
6 වැනි ස්ථානය
රංසික ලසන් ගුණසේකර - තර්ස්ටන් විද්‍යාලය. කොළඹ
දිලිනි සඳුනිකා පළිහක්කාර - සුජාති විද්‍යාලය. මාතර
අංජන රුචිරංග මදුරසිංහ - මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලය.
තෙවැනි ස්ථානයක් හිමි කරගත් අමාෂි නිවර්තනා
දෙව්නි රුවන්තිකා සේමසිංහ
ඡායාරූප - ඉෂාන් සංජීව
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාපෙළ විශිෂ්ටයා නාලන්දයෙන්
ධර්මසේන Tuesday, 31 March 2015 03:59 AM
මේ පාර ඔක්කොම කොළඔට. කොළඔට කිරි ගමට කැකිරි. මරු නේ. (ස)
අජිත් Monday, 30 March 2015 01:19 PM
ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් සමඟ ඉදිරි විභාගත් ජයගන්නට වාසනාව උදාවේවා !!! (නි)
සුනිල් පෙරේරා Tuesday, 31 March 2015 04:33 AM
දුවේ , පුතේ ඔබ අප රටේ අනාගතය ජය කෙහෙළි නංවන මේ රටේ ජීවනාලිය. ඔබ සියලු දෙනාටම සහ ඔබට අකුරු කල ගුරුවරු සියලු දෙනාටම තෙරුවන් සරණ පතමි. (ස)
අනුරුද්ධ ලියනගේ Monday, 30 March 2015 02:00 PM
පර්ත් නුවර ආදි නාලන්දීයයන්ගෙන් ඔබට සුභ පැතුම්! (නි)
දුමින්ද Wednesday, 01 April 2015 08:27 AM
ධර්මසේන, එදා ගමට කිරි-වෙනස නොමැත (බ)
වීකී Thursday, 02 April 2015 10:14 AM
මේ පුතාලට ආශීර්වාද කරන අතරම.. අපේ ග්‍රාමීය පුතාලට මේපාර ලොකු අවාසියක් සිදුවී ඇති පාටයි.. සල්ලි ඕනවෙයි ඉගෙන ගන්න මීට පස්සේ.. මේක හොඳ සලකුණක් එ්ක සනාථ කරන්න. (ස)
සමන් Friday, 03 April 2015 12:34 PM
වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් ඔක්කොටම! හරි ආඩම්බරයි.මේ අයගේ පවුල් වල විස්තරත් දානවා නම් හොඳයි අපිට දැනගන්න (නි)
නිමල් Monday, 30 March 2015 09:09 AM
ඔබට සුබ අනාගතයක් සමග ඉදිරි විභාගත් ජයගන්නට වාසනාව උදාවේවා (බ)
වටකැටිය Monday, 30 March 2015 11:03 AM
අපගේ උණුසුම් සුබ පැතුම්. ඔබට සුබ අනාගතයක්. (ස)
රවිඳු වටකැටිය Monday, 30 March 2015 11:06 AM
නාලන්දා මෑණියන්ට ඔබ ඉමහත් ආඩම්බරයකි. ඔබට ජය. (ස)
චන්දන Monday, 30 March 2015 11:36 AM
නවංජනා දුව, ඔබට සුබ පැතුම්! (නි)
අවන්ති Monday, 30 March 2015 11:49 AM
ආඩම්බරයි. හදවතේ නැඟෙන සතුට කියන්න වචන නැහැ.මේ අපේ රටේ අනාගතයයි. තබන හැම පියවරක්ම වාසනාවන්ත වේවා! (නි)
තුසිත් Monday, 30 March 2015 11:58 AM
නවංජනා දියණිය, ඔබ සිරිකුරුස විදුහලට පමණක් නොව මුළු රටටම ආඩම්බරයක්. (නි)
පිටබැද්දර ජයා Monday, 30 March 2015 12:20 PM
මගේ නංගිගේ පුතාත් සමත්.හැම දරුවෙකුටම සුබ පතනවා! (නි)