ගංවතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ කඩවත සිට කොට්ටාව දක්වා ගමනාගමන පහසුකම් අද (17) පෙ.ව. 10.00 සිට ප.ව.10.00 වන තුරු නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. තද වැසි නිසා ගමනාගමනයට දැඩි බාධා සිදුවී තිබීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇත.
මේ අතර වතුර පිරීම නිසා අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම වසා දැමූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
නැවත බදාදා පෙරවරු 6 සිට රාත්‍රී 10 දක්වා කඩවත සිට කොට්ටාව දක්වා අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද අධිවේගී මාර්ග එපා කියන්නේ. රටකට හොඳ මාර්ග පද්ධතියක් හදන එක පාලකයින්ගේ වගකීම. ඒක එහෙමයි කියලා ඕවා හදන මුවාවෙන් ජනතාවගේ මුදල් මංකොල්ලකන එකයි වැරදි. පහුගිය කාලේ ඕවාට ගත්ත ණය සල්ලි වලින් මුළු ලංකාවේම පාරවල් හොඳට හදන්න තිබුණා. (නි)
චන්න වගේ තවමත් යහපාලනය දැනුන නැති අය ඉන්නවා. දැන් බෝක්කුවක් හදාගන්න පුලුවන් වුණාද? ණය වෙලා තියෙන්වා කියලා දන්නවා නම් ඔච්චර පෙරේතකමට නොගෙන ඉන්න තිබුනානේ. නිකම් බොරු බයිලා වලට අපි අහුවෙන්නේ නැහැ (නි)
ඊයෙ අවසානයට මම කියපු දේ අද ඔප්පුවෙලා. අධිවේගී පාරට පිංසිදු වන්නට කොළඹ හා ගම්පහ කඩුවෙල හරහා විශාල ගංවතුරකකදි වුණත් යා කෙරෙනව....ඔය ටිකම මදිද ? මෙ අධිවේගී පාරෙ වටිනාකම ඔප්පු කරන්න මේ සුවිශාල ගංවතුරේ ගම්පහ දිස්ත්‍රික්කය කොළඹ හා සම්බන්ද කිරීමට ඇතෙතේ දැන් විකල්ප දෙකයි. 1 පැලියගොඩ පාලම 2 කඩවත සිට දකුණු අධිවේගි මාර්ගය..(බ)
චන්න කියන්නේ මොළය ටිකක් අඩු කෙනෙක් කියලා හිතාගන්න පුළුවන්. දැන් මේ රට යන්නේ මොන පැත්තටද කියලා හිතාගන්න බැරි තොත්ත බබෙක් (නි)
නිසි පුහුණු නඩත්තුවක් නැති නිසා කළ සංවන්ධනය ගළවා කඩාදාන්න විතරයි පුළුවන් (නි)
අධිවේගී මාර්ගයේ දිගටම ගමන් කරන්නන්ට මේ ගංවතුර බාධාවක් නැහැ. නමුත් කඩුවල අවට ගංවතුර නිසා එතනින් පිටවෙන්න බැහැ. (නි)
චීන්නු එක්ක අපේ අය එකතුවෙලානේ ඕවට පිඹුරුපත් හැදුවේ. නමට නම් අධිවේගී (නි)
දැන් ඉන්න අයට උතුර දකුණ හොයාගන්න බැරුව ඉන්න එකේ කොහෙද රටක් පාලනය කරන්නේ (නි)
කවුරු මොන බොරු කයිවාරු ගැහුවත් අන්තිමට මේ රටට වැදගත්වෙන්නේ මහින්ද කළදේවල් පමණයි (නි)
ලීල් සිරිවර්ධන, අධිවේගී මාර්ගයක වටිනාකම ගැන කියන්න ඔච්චරටම හිතන්න ඕනෑද? ඕක දෙකේ පන්තියේ ළමයෙකුටත් වැටහෙන දෙයක්නේ. පසුගිය රජය පැවති සමයේ තමයි අපි කාටත් ප්‍රයෝජනවත් මේ අධිවේගී මාර්ග හැදුවේ. ඕක කියන්න ඔච්චර තටමන්න ඕනෑ නැහැ. හිටපු ජනාධිපතිතුමා ඇතුළු පැවති රජයට අපගේ ගෞරවනීය ස්තුතිය! (නි)
ලීල් මහත්තයට මේවා තේරුනාට රටේ වැඩිමනක් ජනතාවට මේවා තේරෙන්නේ නැහැ. තේරුම්ගන්න තරම් පින් කරලා නැහැ. සංවර්ධනය වචනයකට සීමාවෙලා තියෙන්නේ එනිසයි (නි)
රටටම දේව කෝපයක් වැදිලා වගෙයි (නි)
කඩුවෙල පිටවීම හදන කාලේ වැස්සක් තිබෙන්න නැතුව ඇති මයෙ හිතේ. (ම)
මට හිතේ දැන් ඒවා නඩත්තු කරන්න කට්ටිය නැතුව ඇති. (ර)
කඩුවෙල යට වීමට හේතුව අවට වතුර බැසයාමට පහසුකම් සලසා නොමැතිකම හදපු එක විවෘත කළා විතරයි. අවට පස් සහ කසල ඉවත්කර නඩත්තු කිරිම නොකිරීම ප්‍රධාන හේතු. (අ)