2017-01-06-ent-23

අද අප කතා කරන්නේ ආදරේ සුවඳ අරන් නාට්‍ය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඉන්න සෙනෙත් එක්ක. සෙනෙත් ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන ඉන්නේ අපිට ඉන්න දක්ෂ ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර.

 

විශ්ව කොහොමද ආදරේ සුවඳ අරන් නාට්‍යයට සම්බන්ධ වුෙණ්?

2017-01-06-ent-24ලක්ෂ්මන් පුෂ්පකුමාර මහතා මීට කලිනුත් මට කිහිප අවස්ථාවකදීම කතා කරලා තිබ්බා. නමුත් මගේ තිබ්බ කාර්යබහුලකම නිසා යන්න බැරි වුණා. ඊට පස්සේ අමිල අබේසේකර හරහා නැවත මට කතා කළා මේ ආදරේ සුවඳ අරන් නාට්‍යට සම්බන්ධ වුෙණ් කියලා. එහෙම තමා සම්බන්ධ වෙන්නේ.

 

සෙනෙත් චරිතය ගැන කතා කළොත්?

මෙහි මම කරන්නෙත් පෙම්වතාගේ චරිතයමයි. හැබැයි ඉතින් සුපුරැදු පෙම්වතාට වඩා පොඩි වෙනසක් තියෙන චරිතයක්.

 

කොහොමද තිසුරිගෙන් ලැබෙන සහයෝගය?

ඉතාම හොඳ අවංක සහයෝගයක් ලැබෙනවා.

 

ඔය දෙන්නා එකට වැඩකරන කීවැනි නිර්මාණයද මේ?

අපේ දෙවැනි නිර්මාණය

 

තිසුරි එක්ක වැඩ කරන්න ලේසිද?

ඉතාම ලේසියි. අවංක හොඳ කැපවීමක් තියෙන කෙනෙක් තිසුරි කියන්නේ. ඉතින් වැඩ කටයුතු කරන්න හරි පහසුයි.

 

දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචර ලැබෙනවා. මට පෞද්ගලිකව මගේ චරිතයට ප්‍රතිචාර ලැබෙනවා වගේම තමා පොදුවේ නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නම් ඇත්තටම සතුටුයි.

 

රූගත කරද්දී සිදු වූ අමතක නොවන සිදුවීමක්?

අපි හරි සතුටින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ නිසා සියලු සිදුවීම් අමතක නොවන සිදුවීම් කියලා කිව්වොත් හරි.

 

විශ්වට අනුව තිසුරි කියන්නේ දක්ෂද ජනප්‍රියද නැත්නම් අහිංසක කෙනෙක්ද?

එකෙන්ම දක්ෂ නිළියක්‌

 

තිසුරිගේ දකින හොඳ ගතිගුණ?

විශේෂයෙන්ම විනය ඇති කෙනෙක්. ඒක තමා මම දකින හොඳම ගුණාංගය.

 

වෙනස් වුණොත් හොඳයි කියලා හිතෙනදේ?

එහෙම දේවල් නැහැ. ඔය ඉන්න විදිය හරිම හොඳයි

 

අවසාන වශයෙන් ප්‍රේක්ෂකයින්ට මොකක්ද කියන්න තියෙන්නේ?

තව ඉස්සරහට ලොකු වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ තරම් කාලයක් නැරඹුවා වගේම දිගටම නරඹන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.

 

2017-01-06-ent-22
2017-01-06-ent-21
2017-01-06-ent-20