මින්නේරිය ජාතික වනෝද්‍යානය ඇතුළේ දි ත්‍රීරෝද කේබල් වල පැටලිමෙන් දැඩි තුවාල සිදුවු අලි පැටවුන් දෙදෙනෙකුට වනජිවියෙන් ප්‍රතිකාර ලබාදි නැවත කැලයට මුදා හළ බව වනජිවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.
අලි පැටවුන් ඇල්ලිමට හෝ වෙනත් සතුන්ට ඇටවු උගුල් වල මේ කේබල් පැටලි අලි පැටවුන්ගේ දෙපාවල් කැපි ගඳ ගසන තුවාල සහිතව සිටියදි සපාරි ජිප් සේවකයන් හා පාරසරික හා සංසකෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ සහායෙන් අලි පැටවුන් බේරාගෙන ඇත. පසුගිය 3 දා හා 5 දා දින ප්‍රතිකාර ලබාදි වනයට මුදා හැරි බවත් නැවත එම අලි පැටවුන් නිරික්ෂනය කිරිමේදි එම තුවාල සුව වන තත්වයේ ඇති බවත් ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය පමුදිත දේව සුරේන්දු මහතා කියයි.





![1_ALI_PETAW[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/1_ALI_PETAW1.jpg)
![2_ALI_PETAW[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2_ALI_PETAW1.jpg)
![20150703_165059[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/20150703_1650591.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික වනෝද්‍යානයක උගුල් අටවන්න තරම් කාලකන්නි මිනිසුන් ඉන්නවා නේ. (නදී)
උගුල අටවපු කෙනා මොන තරම් අපරාධයක්ද කරලා තියෙන්නේ. (ර)
අපොයි මේ මොනවාද කරන්නේ.? (ර)
ඔබ හැමදෙනාටම ගොඩක් පිංසිද්ධ වෙන්න ඕනේ. (ර)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. නුඹලා හැමදෙනාටම බොහොමත්ම පිං. (ර)
රැකියාවක් වුනත් පිං ඇති රැකියාවක්. (ර)
මේ උගුල් අටවන්න ඕනේ ගිහින් අර දියවන්නාවේ.(නදී)
නොමිනිස් වැඩක් (නදී)
ඔබලාට බොහෝ පින් (ම)
ඔය සතා විදින වේදනාවම ඔය උගුල අටවපු නරුමයටත් අත් වෙන්න ඕනේ. (බ)
අනේ දෙවියනේ මේක දැක්කම පපුව හෝස් ගාල පිච්චිලා ගියා (ම)
උගුල අටවපු කෙනා මොන තරම් අපරාධයක්ද කරලා තියෙන්නේ. වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. නුඹලා හැමදෙනාටම බොහොමත්ම පිං.
ලොකු පිනක්.! (ර)