බිනර පොහොය යෙදී ඇති ඉරිදා සඳ වෙනත් පුන් පොහෝ දිනවලට වඩා සියයට 17ක් විශාලත්වයෙන් වැඩි සහ සියයට 30ක් දීප්තියෙන් වැඩිපුර දිස්වන බව ඇමෙරිකානු නාසා ආයතනය පවසයි. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ වසර 30ට පසුව වීම ද විශේෂත්වයකි. එලෙස සඳ දර්ශනය වනවිට හඳුන්වන්නේ සුපර් මූන් යනුවෙනි.
රාත්‍රී කාලයේ දී වඩාත් දීප්තියෙන් බබලන චන්ද්‍රයා මතට අලුයම කාලයේ දී පෘථිවියේ හෙවනැල්ල වැටීම හේතුවෙන් චන්ද්‍ර ග්‍රහණයක් ඇතිවන බවත් තාරකා විද්‍යාඥයෝ කියති. මේ චන්ද්‍ර ග්‍රහණය පැයකුත් විනාඩි 11ක කාලයක් උතුරු හා දකුණු ඇමෙරිකාවට, යුරෝපයට, අප්‍රිකාවට, බටහිර ආසියාවේ කොටසකට නැගෙනහිර පැසිෆික් ප්‍රදේශයට පෙනෙන බව නාසා ආයතනය කියයි. එම චන්ද්‍ර ග්‍රහණය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට ලැබෙන්නේ නැත.
මෙවැනි සුපිරි සඳක් මෙයට පෙර 1910, 1928, 1946,1964 හා 1982 වර්ෂවල දී දිස්වී ඇති බව ද තාරකා විද්‍යාඥයෝ කියති.
සඳ පෘථිවිය වටා ගමන් කරණ මාර්ගය ඉලිප්සාකාර වීම හේතුවෙන් මෙලෙස සුපිරි සදක් දර්ශනය වෙයි. සුපිරි සඳ දක්නට ලැබෙන්නේ චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරණ පුන් පොහෝ දිනක දී ය.
චන්ද්‍රයා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරණ බැවින් රාත්‍රී කාලයේ දී පෘථිවියේ වඩදිය තත්ත්වය වඩාත් උස්ව ඇතිවිය හැකි බැවින් බියට පත්නොවන ලෙස ද තාරකා විද්‍යාඥයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු හැදෙන සඳ (අ)
සඳ තනිවෙලා අහසේ හිරු තනි වෙලා ...(අ)
'ඈත් වූ සඳ මගෙ සරා සඳ' (නි)
සඳ මිදුලට එනවා....(බ)
සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුනේ ....(බ)
සඳ මිදුලට එනවා ..ඇගේ වත සිහිවෙනවා ...(බ)
සඳ සාක්කි කියාපුදෙන් හිරු සහතික ලියාපුදෙන් තරු දිවුරු පොරොන්දු නාමෙන්.. (බ)
සඳේ තනියට තවත් තරුවක් - ඔබේ තනියට මගෙන් ලිපියක් (නි)
එදා මට ඔබ සරා සඳ විය - කවි ඇසින් දුටු සොඳුරු පියකරු... අඳුරු හද ගැබ එකලු කරමින් - උදාවිය ගිරි ශිඛර සිරසේ...... මෙදා මට ඔබ සැබෑ සඳමය - විදු ඇසින් දුටු ලොවය විසකුරු... ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසළ ගැවසේ..... (නි)
සඳ මාමා සිනාසිසී ලොවට එළිය ගෙනාවා... (නි)
ඉර සඳ උලාකන ලෝකයා... (නි)
මුවාවුණා සඳක් සිනා සලා... (නි)
"ඇයිද පුන් සඳ පමා වෙලා .තරු හා වියෝ වෙලා මගේ වරදට සමා වෙලා එන්න සිනා සලා........." (අ)