IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුපිරි සඳ පැයක් සැඟවෙයි

බිනර පොහොය යෙදී ඇති ඉරිදා සඳ වෙනත් පුන් පොහෝ දිනවලට වඩා සියයට 17ක් විශාලත්වයෙන් වැඩි සහ සියයට 30ක් දීප්තියෙන් වැඩිපුර දිස්වන බව ඇමෙරිකානු නාසා ආයතනය පවසයි. මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ වසර 30ට පසුව වීම ද විශේෂත්වයකි. එලෙස සඳ දර්ශනය වනවිට හඳුන්වන්නේ සුපර් මූන් යනුවෙනි.

රාත්‍රී කාලයේ දී වඩාත් දීප්තියෙන් බබලන චන්ද්‍ර‍යා මතට අලුයම කාලයේ දී පෘථිවියේ හෙවනැල්ල වැටීම හේතුවෙන් චන්ද්‍ර‍ ග්‍ර‍හණයක් ඇතිවන බවත් තාරකා විද්‍යාඥයෝ කියති. මේ චන්ද්‍ර‍ ග්‍ර‍හණය පැයකුත් විනාඩි 11ක කාලයක් උතුරු හා දකුණු ඇමෙරිකාවට, යුරෝපයට, අප්‍රිකාවට, බටහිර ආසියාවේ කොටසකට නැගෙනහිර පැසිෆික් ප්‍රදේශයට පෙනෙන බව නාසා ආයතනය කියයි. එම චන්ද්‍ර‍ ග්‍ර‍හණය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට ලැබෙන්නේ නැත.

මෙවැනි සුපිරි සඳක් මෙයට පෙර 1910, 1928, 1946,1964 හා 1982 වර්ෂවල දී දිස්වී ඇති බව ද තාරකා විද්‍යාඥයෝ කියති.

සඳ පෘථිවිය වටා ගමන් කරණ මාර්ගය ඉලිප්සාකාර වීම හේතුවෙන් මෙලෙස සුපිරි සදක් දර්ශනය වෙයි. සුපිරි සඳ දක්නට ලැබෙන්නේ චන්ද්‍ර‍යා පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරණ පුන් පොහෝ දිනක දී ය.

චන්ද්‍ර‍යා පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරණ බැවින් රාත්‍රී කාලයේ දී පෘථිවියේ වඩදිය තත්ත්වය වඩාත් උස්ව ඇතිවිය හැකි බැවින් බියට පත්නොවන ලෙස ද තාරකා විද්‍යාඥයෝ කියති.

 



අදහස් (0)

සුපිරි සඳ පැයක් සැඟවෙයි

සංජීව Saturday, 26 September 2015 01:56 PM

පිස්සු හැදෙන සඳ (අ)

:       0       0

ශාන් ජේ.එම්.පී Saturday, 26 September 2015 02:52 PM

සඳ තනිවෙලා අහසේ හිරු තනි වෙලා ...(අ)

:       0       0

ඈන් Saturday, 26 September 2015 03:01 PM

'ඈත් වූ සඳ මගෙ සරා සඳ' (නි)

:       0       0

රොෂාන් Saturday, 26 September 2015 04:54 PM

සඳ මිදුලට එනවා....(බ)

:       0       0

මැගී Saturday, 26 September 2015 05:21 PM

සඳේ ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුනේ ....(බ)

:       0       0

තිසා Saturday, 26 September 2015 05:24 PM

සඳ මිදුලට එනවා ..ඇගේ වත සිහිවෙනවා ...(බ)

:       0       0

පාර්වතී Saturday, 26 September 2015 05:27 PM

සඳ සාක්කි කියාපුදෙන් හිරු සහතික ලියාපුදෙන් තරු දිවුරු පොරොන්දු නාමෙන්.. (බ)

:       0       0

ලිවේරා Saturday, 26 September 2015 07:16 PM

ස‍ඳේ තනියට තවත් තරුවක් - ඔබේ තනියට මගෙන් ලිපියක් (නි)

:       0       0

ධම්මික Saturday, 26 September 2015 08:14 PM

එදා මට ඔබ සරා සඳ විය - කවි ඇසින් දුටු සොඳුරු පියකරු... අඳුරු හද ගැබ එකලු කරමින් - උදාවිය ගිරි ශිඛර සිරසේ...... මෙදා මට ඔබ සැබෑ සඳමය - විදු ඇසින් දුටු ලොවය විසකුරු... ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ ඔබද අද මා අසළ ගැවසේ..... (නි)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Sunday, 27 September 2015 01:12 PM

සඳ මාමා සිනාසිසී ලොවට එළිය ගෙනාවා... (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 27 September 2015 12:20 AM

ඉර සඳ උලාකන ලෝකයා... (නි)

:       0       0

රවී Sunday, 27 September 2015 01:03 AM

මුවාවුණා සඳක් සිනා සලා... (නි)

:       0       0

සොපි Saturday, 26 September 2015 12:42 PM

"ඇයිද පුන් සඳ පමා වෙලා .තරු හා වියෝ වෙලා මගේ වරදට සමා වෙලා එන්න සිනා සලා........." (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site