පිළියන්ද මකුළුදූව සුපිරි වෙළඳසලකින් චීස් පෙට්ටි හා කිරි ටින් සොරාගත් ගැහැණුන් දෙදෙනකු එහි සීසීටීවී දර්ශන ආධාරයෙන් හඳුනාගෙන රුපියල් 50000කට අධික භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.

ත්‍රී රෝද රියකින් හතර දෙනකු පැමිණ ඇති බවත් තිදෙනකු වෙළඳසලට  ඇතුළුවී ඇති බවත් කාන්තාවන් දෙදෙනා රාක්කවල තිබූ චීස් පෙට්ටි හා කිරි ටින් සොරාගෙන ඇඳුම් තුළ සඟවා ගන්නා අයුරුත් වෙළඳසලෙහි ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවත් ත්‍රී රෝද රියේ අංකය ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් කියති.

එක් සැකකාරියක් දිවයිනේ ලියාපදිංචි අපරාධකාරියක් බවද පොලිසිය කියයි. මෙම පිරිස මොරගහහේන, පිළියන්දල, හොරණ ඇතුළු ප්‍රදේශ රැසක සුපිරි වෙළඳසල්වලින් භාණ්ඩ හොරකම් කළැයි තොරතුරු ලැබී ඇතැයි පානදුර පොලිසිය කියයි.

DSC07983 DSC07996 DSC08000