සුපිරි වාහන රැසක බැටරි 69ක් සහ විදුලි ජනක යන්ත්‍ර ඇතුළු රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කොට කලක් තිස්සේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු සහ බැටරි අලවිසැලක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කටුනායක පොලීසිය කියයි.
කටාන බටපත්තල පදංචිව සිටි තිදෙනෙක් එසේ අධික මිලැති වාහන බැටරි දෙකක් ගලවා සොරකම් කොට යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදි අත්අඩංගුවට පත්ව ඇත. කටුනායක පොලිස් මුර සංචාරක ජීප් රථය දැක සැකකරුවන් පලා යාමට උත්සාහ කළ බවත් හඹා ගොස් ඔවුන් අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd