විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව ඉදිරියේ දී සාකච්ඡාවට ලක් කිරීමේ වරදක් නොදකින බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
බොරැල්ල වනාතමුල්ල සහස්‍රපුර දී ආරම්භ වූ “ සමෘද්ධි පොළ” විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
එම පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙක් යටතට ගෙන ඒමේ සූදානමක් නැතැයි කී ඇමැතිවරයා කෙසේ වුවත් විශේෂ විධිවිධාන පනත පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකළ බවද සඳහන් කළේය.
‘‘විශේෂ විධිවිධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙකුට දෙන්න හදනවා කියලා එහෙම යෝජනාවක් නැහැ. ඒත් සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මත, යම් යම් දෙපාර්තමේන්තු, ආයතන හරහා කෙරෙන වැඩ සුමානයක්, දෙකක් ඇතුලත ඉක්මනින් කරවගන්න පුළුවන් වෙන විදිහේ ආයතනයක් හදලා ඒක ආමාත්‍යවරයෙකු යටතට පත් කිරීමේ යෝජනාවක් ඇවිත් තිබුණා. ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළේ නැහැ. මොකද මේ ගැන පළාත් සභා සමඟ කථා කළ යුතුයි, පළාත් සභා බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලපානවා ඒ වගේ සුපිරි ඇමැතිධූරයක් හදන්න ගියොත්. ඒක අනුමත නොවුනා කියන්නේ අපි කැමැති නැහැ කියන එකනේ. ඒක අපි කල් තිබ්බා. නැවත ඒ ගැන සාකච්ඡාවට බඳුන් වුණත් එහි වරදක් නැහැ‘‘ යැයි ද දිසානායක මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි, මම නම් මොවුන්ට බෙර ගහනවට විරුද්ධ නැහැ. මම විරුද්ධ බෙර පදයටයි. ගහන්න ඕනෑ මළබෙර පදය මිසක් මඟුල් බෙර පදය නෙමෙයි. අපිට නින්ද යන්නේ හරියට එදාට තමයි (නි)
හැමදාම වුණේ බලයට කුලල් කාගන්න එක. දැන්වත් ඕක නවත්වලා තුලනාත්මක සංවර්ධනයක් ඇතිකරන වැඩපිළිවෙළකට කෙටි කාලයකට හෝ ඉඩදිය යුතුයි (බ)
කතා නොකළත් වරදක් නෑ මහජනයා පරාද කරපු දෙස්පාලුවෝ පත්කළ එක තමයි වරද (බ)
මේ කතා අහලා අහලාම දැන් එපාවෙලා (නි)
තමන්ගේ ඇමතිකමේ වරප්‍රසාද ආරක්ෂා වෙනවා නම්, සුපිරි ඇමති කෙනෙක් පත් වුණත් කමක් නැහැ ,නේද ඇමතිතුමෝ.? (අ)
පින් ඇමතිවරුන් සුපිරි ඇමතිලා ගැන කියවනවා. (අ)
මෙයාලගේ කටවල් නිසා ඉන්න දේශපාලන පක්ෂය ටික ටික පිරිහිලා අන්තිමට පරදිනවා. චන්ද්‍රිකාට වුණෙත් ඒක. දැන් කරන්න තිබෙන හොඳම වැඩේ මෙයාලව රැස්වීම්, මයික්‍රෆෝන් වලින් ඉවත් කරලා තබන එක (නි)
එස්.බී හිතන් ඇත්තෙ ඒ ඇමතිකම එයාට දේවි කියල (අ)
ලංකා දේශපාලනයෙන් බිහිවුන ජරාම සතා මොකාද කියල මම මේ කල්පනා කරන්නේ ? (බ)
ප්රධාන පක්ෂ දෙකේ ලොක්කෝ දෙන්නම ඉස්සෙලා කිවුවේ ඇමති මණ්ඩලය ලොකුය අඩු කරනවා කියල , දැන් කතා කරනවා තව සුපිරි අැමතිලා පත් කරන්න , අපට තව මෙගා අැමැතිලා ඕනේ කියල ඊළඟට කියාවි ගිගා අැමැතිලා ඕනේ කියල , (බ)
මම නම් කැමතියි සුපිරි ඇමති කෙනෙකු පත්කරනවාට. ඒ වගේම එම පදවිය ඔබතුමා වැනි නිර්දෝෂී, අවංක, ජනතාහිතවාදී කෙනෙකු වෙනවා නම් තවත් කැමතියි. ඔබතුමා වැනි අහිංසක කෙනෙකු එම පදවිය සඳහා අපි හදවතින්ම බලාපොරොත්තු ඇතුව බලාසිටින්නෙමු. (නි)
සකුන්තලා, මම හිතන්නේ මම දන්නවා ඒ සතා කව්ද කියලා. මම නිකන් ඔයාට ඉඟියක් දෙන්නද? ඔය නිකන් මුහුණ එම්බාම් කරලා වගේ ඉන්න කෙනෙක් ගැන නේද කියන්නේ (නි)
ඔක්කොම එකයි. දිනුවත් සැප පැරදුනත් සැප. මොවුන්ට ඡන්දෙ දෙන අපියි මෝඩයෝ (නි)
අබයගේ කතාව මමත් අනුමත කරමි. සුපිරි අැමති කෙනෙක් පත්කරනවා නම් ඔබතුමා වැනි වැඩිම මනාපයෙන් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වුණ, වාචාලකම් නොදොඩන නිතර කෙළින් ප්‍රතිපත්තියක සිටින, බොරු නොකියන, තම වාසියට පක්ෂ මාරු නොකරන, ජනතා මුදල් අවභාවිතා නොකරන කෙනෙකුට දිය යුතුය. මේ ඔක්කොම සුදුසුකම් ඇත්තේ ඔබට පමණි. කරුණාකර මේ සුපිරි අැමතිකම භාරගෙන රට බේරාගන්න. නැත්නම් දුකට පත් ජනතාව විරෝධතා පවත්වා මහපාරේ ගිනිතබාගෙන ජිවිත නැතිකර ගන්නවා ඇත (නි)
සමහරු ඡන්දයෙන් පැරදිලා පාර්ලිමේන්තුවේ පස්සා දොරින් ඇවිල්ලා දැන් වීර චරිත රඟපානවා. අනේ අනිච්චං! (නි)
මහජනයාගේ ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළ කිසිම කෙනෙකුට මේ ගැන කතාකරන්න කිසිම සුදුසුකමක් නැහැ. (නි)
මම මේ දහඅතේ කල්පනා කරන්නේ මේ අය මේ පත්තර වල යන අදහස් එහෙම බලන්නේ නැද්ද කියලා. මොකද වැරදිලාවත් මේ අදහස් දැක්කොත් බඩ කපාගෙන මැරෙන්න හිතෙයි. එ්ත් එහෙම වෙන්නේත් කොහොමද? එයාලගේ ලැජ්ජා නහරය කපලනේ තියෙන්නේ (නි)
පටන්ගන්නේ එක සුපිරි අැමති කෙනෙක්ගෙන්. අන්තිමට ඡන්දෙ කිට්ටු වෙනකොට මුළු ඇමති මණ්ඩලයම එකා දෙන්නා සුපිරි කරනවා. ඔය සුපිරි අයට වරප්‍රසාද දෙන්න වෙන්නේ අර වැඩි කරපු බදු වලින් නේද? මේකද යහපාලනය? (නි)
ජයන්ත, ජනතාව ප්‍රතික්ෂේප කළත් පාලකයන් ඔවුන්ව පිටුපස දොරෙන් ඇතුළට ගන්න නිසා කිසිම බයක් නැත
පළාත් සභා අැමතිලා, රාජ්‍ය අැමතිලා, විෂය භාර අැමතිලා, කාර්යභාරයක් නැති අැමතිලා, ජ්‍යෙෂ්ඨ අැමතිලා, සුපිරි අැමතිලා... ලංකාව වෙන්න ඇති තිබෙන භුමි ප්‍රමණය අනුව ලෝකයේ අැමතිලා වැඩිම රට. ජනාධිපතිවරණයට කලින් කිවුවේ අැමතිලා අඩු කරනවා කියලා. දැනට ලංකාවේ අඩු එකම අැමතිකමකි. එනම් මැතිවරණ පොරොන්දු මතක් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ඇමතිකමයි (නි)
සෙනවි, ඔබ හරි. එයා හිතන්න ඇති එ්කත් එයාට දෙයි කියලා (නි)
සුපිරි ඇමතිකමක් උතුරු පළාත් සභාවට අනාගතයේදී ලැබුනොත් තත්වය කෙසේවෙයිද? (නි)
පුංචි රටක් පාලනයට මේ තරම් ඇමතිවරු සිටින ලෝකයේ එකම රට ලංකාවයි. දැන් ඒකත් මදි වෙලා. කනවා කියලා මෙහෙම කන්න එපා. අපාගත වේවි. (නි)
අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහලා/දඩ පිට දඩ ගහලා මොනවද මේ කරන්න යන්නේ?මේකද යහපාලනය කියලා අපි අදහස් කළේ? ලැජ්ජයි,දුකයි,ඇඬෙනවා. (නි)
මේ ගඳ ගහන ඕජස් ගලන දේශපාලන අනාථයෝ ටික 2020දි අතුගාලා දාලා ජවිපෙට රට බාරදෙමු (බ)
දේශපලාකයින්ව මෙහෙම බෙර වයා පෙරහරේ ගෙනියන හීන මානසිකත්වයෙන් අපේ නිලධාරීන්වත් මිදිලා නැහැ. කොහොමද රටක් දියුණුවන්නේ. වහල්බවින් මිදෙන්න. හොරු පළවාහරිමු. ජවිපෙට රට බාරදෙමු. (නි)