IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැපයුම් සහ උරුමයන් සඳහා වන උත්තරීතර කමිටුව ප්‍රජාවන් 27 ක් සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

0050

 

දේශීය ප්‍රජාවන් සමග සහයෝගීතාවය ශක්තිමත් කරගැනීමට සහ 2022 ෆිෆා ලෝක කුසලානය සඳහා ප්‍රජාවන් තුළ උනන්දුවක් ඇති කොට ඔවුන්ව ඒ සඳහා සහභාගි කරවා ගැනීම ඉහළ නංවා ගැනීම සඳහා සැපයුම් සහ උරුමයන් සඳහා වන උත්තරීතර කමිටුව විසින් 
කටාර් හි වෙසෙන විවිධ ජාතීන්ට අයත් ප්‍රජාවන් 27 ක් සමග අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීය.

0093
මෙම අවස්ථාවට ඒ ඒ ප්‍රජාවන් නියෝජනය කරමින් නියෝජිතයන්, තරගාවලිය පැවැත්වෙනස්ථාන පිළිබඳව විධායක අධ්‍යක්ෂ ඝානිම් අල් කුවාරි සහ සැපයුම් සහ උරුමයන් සඳහා වන උත්තරීතර කමිටුවේ ප්‍රජා සහභාගිත්ව කළමනාකරු කාලීඞ් අල් ජුආමිලි යන මහත්වරුන්ද සහභාගි වූහ.


“ඔබ සියලු දෙනාටම අද රාත්‍රියේදී සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. ඔබ ආවේ කොහි සිටද? ඔබේ වයස කීයද? හෝ ඔබේ ජීවන වෘත්තිය කුමක්ද? කියන කාරණා මෙතැනදී වැදගත් වෙන්නේ නැහැ. ඔබ ජීවත් වන්නේ කටාර් රාජ්‍යයේ නම් ඔබත් අපේ ගමනේ කොටසක්. අපේ අරමුණ කරා යාමට අපට හැම ප්‍රජාවකගේම වගේම හැම කෙනෙකුගේම සහාය අවශ්‍ය කරනවා. රටවල් 50 කට වැඩි ගණනක් නියෝජනය කරමින් සේවකයන් 500 කට වඩා වැඩි පිරිසක් අපට සිටියත්, ඒ හැම දෙයක්ම අපට තනිවම කරන්නට බැහැ” යැයි එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමැතූ අල් ජුආමිලි පැවැසීය.


“ලෝක කුසලානය කියන්නේ හුදෙක් රටවල් 32 ක තරග 64 ක් සමගින් මාසයක් පුරා පැවැත්වෙන පාපන්දු සැණකෙළියක් පමණක් නෙමෙයි. එය කටාර් සහ මැද පෙරදිග කලාපයේ පරම්පරා කිහිපයකට කල්පවත්නා උරුමයක් ඉතිරිකර තබන දෙයක්” යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය.


කටාර් හි යෝජිත ක්‍රීඩාංගණ හයේ ඉදිකිරීම් කටයුතු  නොකඩවා සිදුවන අතරතුර විවිධ ප්‍රජාවන් සහ බලපෑම්කරුවන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් 2022 ෆිෆා ලෝක කුසලානය හරහා කටාර් රාජ්‍යයයට මෙන්ම මැදපෙරදිග කලාපයටම මතකයේ රැඳෙන උරුමයක් ලැබෙන පරිදි ලෝක විශේෂඥයන් හරහා විවිධ ප්‍රජාවන්ට නායකත්ව පුහුණුව සහ නිපුණතා සංවර්ධනයක් ලබාදීමට සැපයුම් සහ උරුමයන් සඳහා වන උත්තරීතර කමිටුව බලාපොරොත්තු වෙයි. 


මෙම ගිවිසුමේ ඊළඟ පියවර වන්නේ ප්‍රජා නියෝජිතයන් සමග නිතිපතා රැස්වීම් පවත්වමින් ව්‍යාපෘතිය ගැන ඔවුන් යාවත්කාලීන කිරීමයි. එසේම 2022 ලෝක කුසලාන ව්‍යාපෘතිවලට සම්බන්ධව සිටින පිරිස් හමුවිය හැකි පරිද්දෙන් ප්‍රජා නියෝජිතයන්ව තරග පැවැත්වෙන ස්ථාන වෙත රැගෙන යාමටද සැපයුම් සහ උරුමයන් සඳහා වන උත්තරීතර කමිටුව බලාපොරොත්තු වෙයි.



අදහස් (0)

සැපයුම් සහ උරුමයන් සඳහා වන උත්තරීතර කමිටුව ප්‍රජාවන් 27 ක් සමගින් අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site