ඇන්ඩෘ ගාෆීල්ඩ් කුඩා වියේදී බෙහෙවින්ම ප්‍රිය කළ චරිතයක් තිබුණා. ඒ, ස්පයිඩර් මෑන් නම් වූ වීරයා. කාටුන්වලින්, චිත්‍රපටවලින් දුටු ස්පයිඩර් මෑන්ගේ ඇඳුමට සමානව ඇඳුම් අඳින්නට ඇන්ඩෘ හුරුපුරුදු වුණේ වයස අවුරුදු 3දීයි. වයස අවුරුදු 29ක් වෙද්දී ඇන්ඩෘ "ද අමේසින් ස්පයිඩර් මෑන්" චිත්‍රපටයේ "ස්පයිඩර් මෑන්" ලෙස රඟපෑවා. එම චිත්‍රපටයේම ඊළඟ කොටස වූ "ද අමේසින් ස්පයිඩර් මෑන් - 2" චිත්‍රපටයේ ස්පයිඩර් මෑන් බවට පත්වෙන්නටත් ඔහුට වරම් ලැබුණා. දැන් ඇන්ඩෘ පවසන්නේ කුඩා කාලයේ ස්පයිඩර් මෑන්ව අනුකරණය කරමින් කෙළි සෙල්ලම් කළ තමන්, සිනමා නළුවකු වූ පසුව නිරූපණය කරන්නට ලැබුණු ස්පයිඩර් මෑන් පිළිබඳව තෘප්තිමත් නොවන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒ