IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැප්තැම්බර් වල ෂාහිඩ්ගේ නිවසට අමුත්තෙක් එනවාලු

2016-05-19-ENT-71

2016-05-19-ENT-70ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ෂාහිඩ් කපූර්ගේ බිරිඳ මීරා රාජ්පූත් මේ වනවිට ගැබිණියක්ව සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ. දින කිහිපයකට පෙර ඉන්දීය සිනමා වෙබ් අඩවියක් වූ "කෝයි මෝයි" වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ සැප්තැම්බර් මාසයේදී ෂාහිඩ් හා මීරාට දාව දරුවා ලැබීමට නියමිතව ඇති බවය. මීරාගේ ඥාතීන් සිටින ඉන්දියාවේ, බැංග්ලෝර් නගරයේ ප්‍රකට වෛද්‍යවරයෙකු වූ මල්වින්දර් සිං කරන ලද පරික්ෂණ වලදී මේ බව හෙළිවී ඇති බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. මේ පිළිබඳව මාධ්‍යය දැනුවත් කරමින් ෂාහිඩ් කපූර් පවසා ඇත්තේ සැප්තැම්බර් මාසයේදී තම උපන් දරුවා වෙනුවෙන් වැඩි කාලයක් වැය කරන්නට බලාපොරොත්තුවෙන් පසුවන බවය. කෙසේ වෙතත්, ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වන "රැන්ගොන්" චිත්‍රපටය ඔක්තෝම්බර් මුල් සතියේදී ප්‍රදර්ශනය වීමට නියමිත අතර, බොහෝ දුරට ෂාහිඩ් එම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවය. ෂාහිඩ් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය වූ "උද්තා පන්ඩාබ්" චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලට සම්බන්ධ වී සිටින අතර, "උද්තා පන්ජාබ්" චිත්‍රපටය ජූනි 17 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.

 



අදහස් (0)

සැප්තැම්බර් වල ෂාහිඩ්ගේ නිවසට අමුත්තෙක් එනවාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site