රුපියල් කෝටි තුනක් පමණ වටිනා රත්තරන් බිස්කට් හයක් සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙක් සහ එම රන් තොගය ගුවන්තොටුපොළෙන් පිටකිරීමට සහය දුන් බව කියන ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු සේවකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
වයස අවුරුදු 40 ක් පමණ වු ඉන්දීය ජාතිකයා මෙරටට නිතර නිතර යන එන ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි. ශ්‍රී ලාංකිකයා මීගමුවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්නට් වල බර කිලෝග්‍රෑම් හයකි.
ඉන්දීය ජාතිකයා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 304 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවය කරන ශ්‍රී ලංකික සේවකයෙකුට ඉතා රහසිගත ලෙස මෙම රන් තොගය බාර දී ඇත.
ඔහු මෙම රන් කැබලි සපත්තු වල සහ කලිසම් සාක්කුවල සගවාගෙන ගුවන්තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වෙද්දී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.
රේගුව විසින් ප්‍රශ්ණ කිරීමේදී ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ සිංගප්පුරුවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රන් කැබලි ශ්‍රී ලංකාවට ගෙන යාම සඳහා ලබා දුන් බවත් තමන් කොමිස් මුදලක් බලාපොරොත්තු වෙන් මෙලෙස රැගෙන ආ බවයි.
ශ්‍රී ලාංකික තරුණයා පවසා ඇත්තේ තමන්ද කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් මෙලෙස ක්‍රියා කළ බවයි.
නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිෂාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීන් විසින් දීර්ඝ කාලයක සිට කළ විමර්ශනයනකින් අනතුරුව මෙම වැටලීම සිදු කොට ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එම් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක, රත්න කුමාර සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නිෂාන් ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ? එල්ටිටී යෙන් අල්ල ගත්තු ගොඩටම එකතු වෙනවද?
දෙන දෙවියෝ හොම්බට ඇන අැනම දෙනවා කියන්නේ ඕකට තමයි. කාටද ආඩම්බර...(නදී)
ඔය අල්ල ගන්න රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න. (නදී)
මගේ කරේ තිබුන ලොකු රත්තරන් මාලය දාගෙන ලංකාවට ගියෙත් බොහොම බයෙන්.මොන දහන් ගැටයක් දාල හරි රාජ සන්තක කරාවිද කියන බියෙන්. (දී)
මේ ඕකෙන් එකක් දෙන්න බැයිද (දී)
ඕකෙන් එකක් දෙන්න බැරිද? (දී)
ලක්ෂපාන ඔබ කියන කතාව සහතික ඇත්ත පොලිසිය සොයන මිනීමරුවෙක් අපරාදකාරයෙක් අපිළඟ බසයක වාඩිවෙලා ගියත් අපි දන්නේ නැහැ, පළාතේ හිටියත් අපි දන්නේ නැහැ ඔත්තුවක් දෙන්න. එමනිසා මෙසම්බන්දව නීතිමය ගැටළුවක් තිබෙනවානම් එය ඉවත් කර අපරාද කරුවන්ගේ චායාරූප ප්‍රසිද්ද කරනවානම් හොඳයි. අනික් රටවල, ඇමරිකාවේ, කරනවානම් ඇයි අපට බැරි? නීතිඥ මහතෙක් මෙය කියවනවානම් බැරි ඇයි කියා අපට විස්තර කරන්න (දී)
"දෙන දෙවියෝ හොම්බට ඇන අැනම දෙනවා කියන්නේ ඕකට තමයි. කාටද ආඩම්බර." ඔය කීවේ අල්ලපු නිලදාරී ගැන නේද? මටහිතුන (දී)
කොමිස් ....කොමිස්...රේගුවටත් කොමිස්... රජයටත් කොමිස් ... ජනතාවට කොකිස්....! (දී)
අද ලංකාවේ උඩ ඉඳල පහලටම වැඩ කරන්නේ කොමිස් වලට බව අපි කවුරුත් දන්නා දෙයක් නේ. (දී)
මෙය සංවිදාත්මකව කල දෙයක් වෙන්න පුළුවම්.බයක් නැතිව කරන්න ඇත්තේ පල පුරුද්දක් උඩයි. (දී)
මෙහෙමත් මොළ කාරයෝ ඉන්නවානේ (දී)
ඇල්ලූ අයගේ ඡායාරූපයකුයි, රත්තරන් වල එකකුයි, හොරු දෙන්නගේ එකකුයි දැම්මා නම් ඇති. බමුණු කියන කතාව ඇත්ත. හොරු අපි ළඟ හිටියත් දන්නේ නැහැ. (නි)
කීයක්හරි හොයාගන්න බැලුවත් මේ කට්ටිය නිසා ඒකත් බැහැනේ (දී)
මේ වගේ මහා පරිමාන වංචා නීති විරෝදී වැඩ කරන උදවිය කොහොම හරි නීතියේ හිලක් සොයාගෙන බේරෙන අවස්ථාත් තියනවා. ඊළඟට තව නම මාරු කරගෙන හරි කොතැනක හරි සේවයට එක් වෙනවා. ඩියුටි ෆ්‍රී එකේ වැඩ කල කෙනාගේ ඡායාරුපයක් පල කරනවා නම් හොඳයි. එතකොට මීට කලින් කරපු දේවල් වුනත් අහු වෙන්න ඉඩ තියනවා ..මහජනතාව වැදගත් තොරතුරු දෙන්න ඉදිරිපත් වුනොත්. (නදී)
හොරකමක්,මිනීමැරුමක්,දුෂණයක් , කරපු කෙනාගේ පින්තුරයක් ඵලකරන්න හැකියාවක් තිබෙනවා නම් ඒ හොරකම හෝ අපරාදය අල්ලපු කෙනාගේ පින්තුරයට වඩා දහස් ගුනයක් වටිනවා. මොකද මුලු රටටම,ලෝකයටම අපරාධකාරයෝ බලාගන්න හැකියාවක් මින් ලැබෙන නිසා. අපරාදකාරයොත් ටිකක් විතර බයවෙයි අපරාදයක් කරන්න විලි ලැජ්ජාවක් තියෙනවා නම්. (නදී)