IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සපත්තුවෙන් කෝටි තුනක රන් පනී

රුපියල්  කෝටි තුනක් පමණ වටිනා රත්තරන්  බිස්කට්  හයක්  සිංගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස  මෙරටට රැගෙන ආ  ඉන්දීය ජාතිකයෙක්  සහ එම රන් තොගය ගුවන්තොටුපොළෙන් පිටකිරීමට  සහය  දුන් බව කියන ගුවන්තොටුපොළ තීරු බදු රහිත සාප්පු  සේවකයෙක්   කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද  අත් අඩංගුවට ගනු ලැබීය.

වයස අවුරුදු 40 ක්  පමණ වු ඉන්දීය ජාතිකයා මෙරටට නිතර නිතර යන එන ව්‍යාපාරිකයෙකු බව රේගුව කියයි. ශ්‍රී ලාංකිකයා මීගමුවේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු රන් බිස්නට්  වල බර කිලෝග්‍රෑම් හයකි.

ඉන්දීය ජාතිකයා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 304 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවය කරන ශ්‍රී ලංකික සේවකයෙකුට ඉතා රහසිගත ලෙස මෙම රන් තොගය බාර දී ඇත.

ඔහු මෙම රන් කැබලි සපත්තු  වල සහ කලිසම් සාක්කුවල සගවාගෙන  ගුවන්තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වෙද්දී අත් අඩංගුවට ගත් බව රේගුව කියයි.

රේගුව විසින් ප්‍රශ්ණ කිරීමේදී  ඉන්දීය ජාතිකයා පවසා ඇත්තේ සිංගප්පුරුවේදී කිසියම් පුද්ගලයෙකු විසින් මෙම රන් කැබලි ශ්‍රී ලංකාවට ගෙන යාම සඳහා ලබා දුන් බවත් තමන් කොමිස් මුදලක් බලාපොරොත්තු වෙන් මෙලෙස රැගෙන ආ බවයි.

ශ්‍රී ලාංකික තරුණයා පවසා ඇත්තේ තමන්ද කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් මෙලෙස ක්‍රියා කළ බවයි.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  නිෂාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ සහ සහකාර රේගු අධිකාරී  නුවන් අබේනායක යන නිලධාරීන් විසින් දීර්ඝ කාලයක සිට කළ විමර්ශනයනකින් අනතුරුව මෙම වැටලීම සිදු කොට ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ  උපදෙස් මත නියෝජ්‍ය  රේගු අධ්‍යක්ෂක ඩී.එම් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක,  රත්න කුමාර සහ  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන  නිෂාන් ජයසිංහ, හසන්ත ගුරුගේ  සහ සහකාර රේගු අධිකාරී නුවන් අබේනායක යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

සපත්තුවෙන් කෝටි තුනක රන් පනී

ටිකිරි බංඩා Friday, 13 June 2014 09:22 PM

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අල්ල ගන්න රත්තරන් ටොන් ගානට මොකද වෙන්නේ? එල්ටිටී යෙන් අල්ල ගත්තු ගොඩටම එකතු වෙනවද?

:       0       0

ටිකිරි Friday, 13 June 2014 09:23 PM

දෙන දෙවියෝ හොම්බට ඇන අැනම දෙනවා කියන්නේ ඕකට තමයි. කාටද ආඩම්බර...(නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 13 June 2014 09:25 PM

ඔය අල්ල ගන්න රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න. (නදී)

:       0       0

තිලක් - ඩුබායි Saturday, 14 June 2014 12:20 AM

මගේ කරේ තිබුන ලොකු රත්තරන් මාලය දාගෙන ලංකාවට ගියෙත් බොහොම බයෙන්.මොන දහන් ගැටයක් දාල හරි රාජ සන්තක කරාවිද කියන බියෙන්. (දී)

:       0       0

aඅනුෂ්ක Saturday, 14 June 2014 12:23 AM

මේ ඕකෙන් එකක් දෙන්න බැයිද (දී)

:       0       0

අනුෂ්ක ගජසිංහ Saturday, 14 June 2014 12:25 AM

ඕකෙන් එකක් දෙන්න බැරිද? (දී)

:       0       0

බමුණු Saturday, 14 June 2014 03:51 AM

ලක්ෂපාන ඔබ කියන කතාව සහතික ඇත්ත පොලිසිය සොයන මිනීමරුවෙක් අපරාදකාරයෙක් අපිළඟ බසයක වාඩිවෙලා ගියත් අපි දන්නේ නැහැ, පළාතේ හිටියත් අපි දන්නේ නැහැ ඔත්තුවක් දෙන්න. එමනිසා මෙසම්බන්දව නීතිමය ගැටළුවක් තිබෙනවානම් එය ඉවත් කර අපරාද කරුවන්ගේ චායාරූප ප්‍රසිද්ද කරනවානම් හොඳයි. අනික් රටවල, ඇමරිකාවේ, කරනවානම් ඇයි අපට බැරි? නීතිඥ මහතෙක් මෙය කියවනවානම් බැරි ඇයි කියා අපට විස්තර කරන්න (දී)

:       0       0

බමුණු Saturday, 14 June 2014 03:52 AM

"දෙන දෙවියෝ හොම්බට ඇන අැනම දෙනවා කියන්නේ ඕකට තමයි. කාටද ආඩම්බර." ඔය කීවේ අල්ලපු නිලදාරී ගැන නේද? මටහිතුන (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 13 June 2014 04:15 PM

කොමිස් ....කොමිස්...රේගුවටත් කොමිස්... රජයටත් කොමිස් ... ජනතාවට කොකිස්....! (දී)

:       0       0

ලුම්බිණි Friday, 13 June 2014 04:15 PM

අද ලංකාවේ උඩ ඉඳල පහලටම වැඩ කරන්නේ කොමිස් වලට බව අපි කවුරුත් දන්නා දෙයක් නේ. (දී)

:       0       0

උදයකාන්ත Friday, 13 June 2014 04:56 PM

මෙය සංවිදාත්මකව කල දෙයක් වෙන්න පුළුවම්.බයක් නැතිව කරන්න ඇත්තේ පල පුරුද්දක් උඩයි. (දී)

:       0       0

ටානියා Friday, 13 June 2014 04:58 PM

මෙහෙමත් මොළ කාරයෝ ඉන්නවානේ (දී)

:       0       0

ගීතිකා Saturday, 14 June 2014 06:58 AM

ඇල්ලූ අයගේ ඡායාරූපයකුයි, රත්තරන් වල එකකුයි, හොරු දෙන්නගේ එකකුයි දැම්මා නම් ඇති. බමුණු කියන කතාව ඇත්ත. හොරු අපි ළඟ හිටියත් දන්නේ නැහැ. (නි)

:       0       0

ග්ලුමන් Friday, 13 June 2014 05:22 PM

කීයක්හරි හොයාගන්න බැලුවත් මේ කට්ටිය නිසා ඒකත් බැහැනේ (දී)

:       0       0

චාන්දනී Saturday, 14 June 2014 07:42 PM

මේ වගේ මහා පරිමාන වංචා නීති විරෝදී වැඩ කරන උදවිය කොහොම හරි නීතියේ හිලක් සොයාගෙන බේරෙන අවස්ථාත් තියනවා. ඊළඟට තව නම මාරු කරගෙන හරි කොතැනක හරි සේවයට එක් වෙනවා. ඩියුටි ෆ්‍රී එකේ වැඩ කල කෙනාගේ ඡායාරුපයක් පල කරනවා නම් හොඳයි. එතකොට මීට කලින් කරපු දේවල් වුනත් අහු වෙන්න ඉඩ තියනවා ..මහජනතාව වැදගත් තොරතුරු දෙන්න ඉදිරිපත් වුනොත්. (නදී)

:       0       0

ලක්ෂපාන Friday, 13 June 2014 08:14 PM

හොරකමක්,මිනීමැරුමක්,දුෂණයක් , කරපු කෙනාගේ පින්තුරයක් ඵලකරන්න හැකියාවක් තිබෙනවා නම් ඒ හොරකම හෝ අපරාදය අල්ලපු කෙනාගේ පින්තුරයට වඩා දහස් ගුනයක් වටිනවා. මොකද මුලු රටටම,ලෝකයටම අපරාධකාරයෝ බලාගන්න හැකියාවක් මින් ලැබෙන නිසා. අපරාදකාරයොත් ටිකක් විතර බයවෙයි අපරාදයක් කරන්න විලි ලැජ්ජාවක් තියෙනවා නම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site