සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටින්කරින් කොන්ත්‍රාත්තුවක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දෙදෙනකුගේ උවමනාව ඉන්දියා සමාගමකට දීමට සූදානමක් ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
මෙය ටින්කරින් නොකර අලුත්වැඩියා කරණ ලෙස ඉහළින් උපදෙස් ලැබී ඇතත් එම උපදෙස් ක්‍රියාත්මක නොකර ටින්කරින් කිරීමට මේ දෙදෙනා උත්සාහ කරන බව ද දැනගන්නට තිබේ. වෙනත් රටවල නවීකරණ වලදී පිපිරීම් කටයුතු සිදුවන බැවින් මෙය ටිංකරින් කිරීම සුදුසු බව ඔවුන් කියා ඇතැයි කියති.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයකු කීවේ කුමන චෝදනා කළත් ඩෙන්ටර් පටිපාටියෙන් බැහැරව කිසිවක් නොකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අවුරුදු 16ක් වෙනවා ඉතාලියේ. තවම එක විනාඩියක් විදුලිය ගියේ නැහැ. වතුර බිල්, ගෑස්, විදුලි බිල් වැඩිවෙනවා මිනිස්සු දන්නෙත් නැහැ. කවදාවත් මිනිස්සු පෙළපාලි උද්ඝෝෂණ මොකුත් කරන්නේ නැහැ. එහෙම ගත්තට මිනිසුන්ට දෙන පහසුකම් ප්‍රමාණය අති විශාලයි. අපේ රටේ මේ පහසුකම් එකක්වත් නැහැ. දවසගානේ උද්ඝෝෂණ. ගන්න බදු ප්‍රමාණයෙන් ලංකාව දිව්‍ය ලෝකයක් කරන්න පුළුවන් (නි)
දැන් ඉතින් සමහරුන්ට කියන්න බැරියැ ඉන්දියාවට දුවන්නම දුන්නා කියලා. (නි)
අපේ රටේ සමහර රාජ්‍ය ආයතනවල අයට ඉන්දියාව නැතුව කිසිම දෙයක් කරගන්න බැරුවා වගෙයි. කුට්ටි හම්බවෙනවා නම් මොකෝ ඉතින්. මෙවැනි නිලධාරීන් සිටිනකම් රටක් දියුණු කරන්න බැහැ. ඔවුන් දොට්ට දමලා, ආයතන වලටත්, රටටත් වැඩක් කරන්න පුළුවන් අය ඉක්මනින්ම ගත්තොත් හොඳ නැද්ද? (නි)
කමක් නැහැ. ඔක්කොම දැන් ඉන්දියාව කියන විදියටනේ කරන්නේ. (නි)
මම ඉන්නේ ලංකාවෙන් පිට. මම ඉන්න රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා. මොකද ඉන්දියාවත් එක්කම ළඟින් පිහිටා තිබෙන නිසා. මේවගේ දේවල් වෙනකොට අපි ඉන්දියාවට ගැති මිනිස්සු බවට ඉබේටම පත්වෙනවා. (නි)
ලංගම වේරහැරට කළ විනාසේම මේගොල්ලෝ ඕකටත් කරනවා , සේවකයෝ බුද්ධිමත් එයාලට ඇහුම්කන් නුදුන්නොත් බොහොම ඉක්මනටම තෙල් අධිකාරියත් එයාලම ගන්නවා (බ)
මැගී ඔයාගේ කතාව සහතික ඇත්ත.. මම ඉන්නෙත් ලංකාවෙන් පිට. මෙහෙ ඉන්න ඉන්දියන් කාරයෝ ඉන්නේ හරියට අපි උන්ගේ රටේ උන් කියල හිතාගෙන..(බ)
ඇයි ලංකාවේ මේවට පහසුකම් නැද්ද? (ර)