IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සපුගස්කන්ද ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් වෙයි

(අංජුල මහික වීරරත්න)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් සියයට 25ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව රජය කියයි.

අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක් පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

 



අදහස් (4)

සපුගස්කන්ද ඛනිජ තෙල් සංස්ථාවෙන් වෙන් වෙයි

sachithra Tuesday, 19 March 2024 11:15 AM

රටේ තියෙන සම්පත් සියල්ල විකුණාගෙන කාපල්ලා. ඉන්ධන පිරිපහදු කරපුවා ගෙන්වනවාට වඩා බොරතෙල් ගෙන්වලා පිරිපහදු කරන්න බැරිද. ඒ්කෙන් නිෂ්පාදන බොහොමයක් ගන්න පුළුවන්. හෙරාකන්න බැරි නිසා වෙන්න ඇති පිරිපහදු කරපුවා ගෙන්වන්නේ.

:       8       23

Sunil Tuesday, 19 March 2024 12:14 PM

කෑමෙන් හොඳ කෑම... විකුණගෙන කෑම..

:       0       0

Lalla Tuesday, 19 March 2024 01:07 PM

පිරිපහදුව ජනාකීර්ණ ප්‍රදේශයෙන් ඉවත්ව යා යුතුයි. වෙන රටවල පිරිපහදු ජනශුන්‍ය ප්‍රදේශවල පිහිටු වන්නේ. 1969 කාලේ සපුගස්කන්ද කැලෑ ප්‍රදේශයක්. දැන් තදාසන්න නාගරික ප්‍රදේශයක්...!

:       0       0

Dewa Tuesday, 19 March 2024 01:46 PM

බැරි කාලේට අපිවත් කීයකට හරි විකුණලා බලයේ ඉදපල්ලා

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site