ගෙයින් ගෙට ගොස් දරුවන්ට ඉංග්‍රීසි උගන්වමින් වාහන ජාවාරමක නිරත වූ බව කියන කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. චතුර ලෙස ඉංග්‍රීසි කතා කළ හැකි ඇය වාහන කුලියට ගෙන ඒවා විවිධ පුද්ගලයින්ට විකුණා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකාක බව කියමින් යැයි පොලිසිය පවසයි. පානදුර පොලිස් කොට්ඨාශ බුද්ධි අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව කරන ලද විමර්ශනයකින් පසු ඇය අත්අඩංගුවට ගනු ලැබ සිටියි. කුලියට ලබාගත් රුපියල් කෝටියකට වඩා වැඩි වටිනාකමක් සහිත සැප වාහන හතරක් ද සොයාගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටියුෂන් ගුරුන්සේ වෙස් වලාගෙන එන උදවිය හොඳටම දන්නවා ලේසියෙන්ම ඔවුන්ට රවට්ටා පුළුවන් වැඩිය සමාජ ආශ්‍රයක්, දැනුමක් තේරුමක් නැති සමහර ගෘහිනියන් කියලා. ළමයින්ගේ ඉගෙනීම සම්පුර්ණයෙන්ම නෝනාට භාර වුන පවුල් වලට මේ හොරුන්ට ටියුෂන් දෙන මුවාවෙන් ලේසියෙන්ම රිංගා ගන්න පුළුවන්. සැමියාටත් නෝනා සොයාගත්ත ටියුෂන් ගුරා ගැන සොයන්න වෙලාවක් නැහැ. ඉතින් මේ වංචාකාරයන් ඕවයින් උපරිම ප්‍රයෝජන ගන්නවා. (නදී)
ඉස්සර කාලේ වගේ නොවෙයි දැන් මේ ගැහණු.පුදුම විදියට අපරාධ වලට යොමු වෙලා තියෙන්නේ (බ)
අපරාධකරයනේ පෙන්වන්න ඕන, පොලිසිය පෙන්නලා වැඩක් නැහැ. නැත්නම් අායෙත් වෙන ජිල්මාට් එකක් දායි. අපරාධ සොරකම් නවත්වන්න නම් එ්කයි කරන්න ඕන. (බ)
අපරාදේ වාහන ගත්තු අයගේ මුදල් වතුරේ වහනයක් ගන්නකොට හොයල බලල ගන්න ඕන. (බ)
වැරැද්ද වැරැද්දමයි. ඒත් මට නම් මේවා සාමාන්‍ය වාහන (නි)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා ....... (නි)
හැඳි මිටට වඩා දිග කපටි නුවණක් (නි)
ඇල්ටෝ කාර් එකකුත් කෝටියක් වටිනා සැප රියක්ද හැබැටම??? (බ)
පානදුර පැත්තේ ගෑනු කෙනෙක්ට කාන්තා ළමා කාර්‍යාන්ශයේ නඩු කීපයක් තියෙනවා ගැහැනු ළමයි අපයෝජන සම්බන්ධ. ඒ ගෑනු කෙනාත් පානදුර ඒත් මෙයාද කියා සොයා බලන්න. එක්සත් ජාතීන් වැඩසටහනේ වැඩ කරන්නේ කියලා, රැකියා දෙන්නම් කියලා රවටනවා. හැදුනුම්පත් දෙක තුනක් තියෙනවාත. හරියට නම නැති හින්දා කියන්න බෑ ඒ කෙනාමද කියලා. දැන් අවුරුදු 10 කට විතර ඉස්සර ඒ සිදුවීම මම දන්න කෙනෙක්ට වුනේ. ඒ ගෑනු කෙනාටත් හොඳට ඉංගීරිසි පුලුවන්. පව් ටියුෂන් ළමයි (නදී)
"ගැහැණු මොළේ හැඳි මිටේ දිගයි" කිවුවේ අපේ ආච්චිලාගේ කාලේදී. (නි)
ඇයි මේ පැමිණිල්ල ඔප්පුකර වරදකරු වනතුරු ඉවසන්නේ නැත්තේ?අපේ අය ප්‍රවෘත්තියක් දුටු පමණින් ආවේගශීලී වෙලා ගරහනවා. මෙය සම්මතයෙන් පිටපැනීමක් (නි)
කුලීවාහන රෙජිස්ටර් කිරීමෙන් අපරාධ වළක්වා ගත හැක. (නි)
කොහොමද ගැහැණු නුවණ? (නි)
තමන්ගේ නොවන සැප වාහන 4ක් එක්ක අත්අඩංගුවට ගත්තාට පසුවත් වරදක් ඔප්පු වෙනතුරු ඉන්නලු. මම අදයි දන්නේ අපේ රටේ බවලතුන්ට පෙර පින් පලදීලා මාතලීගේ දිව්‍ය රථය පරාද වෙන්න සැප වාහන පහළ වෙනවා කියලා. (නි)
මැදිවියේ ගැහැණු ඉන්නවා මිනිසුන්ගෙ කණින් රිංගලා මේ වගේ වැඩ කරනවා කිසිම හිරිකිතක් නැතුව. මොවුන්ව හම ගහනන් ඕනෑ. දැන් උසාවි ගියාම අඬලා ගැහැණුකම ඉස්සරහට දාලා බේරෙන්න බලයි. (නි)
මෙහෙමත් ගැහැණු? කිසිම සමාවක් බුරුලක් නොදිය යුතුයි. අනේ අර වාහන අයිති අයට සහ ගත් අයට දෙන්නේ මොන ගින්දරක්ද කියලා හිතුවද මෙයා. (නි)
අද ඉන්න සමහර අම්මණ්ඩිලාට ඕනෑ එක රැයින් කෝටිපතිනියෝ වෙන්න. දුප්පත්කමට කරන හොරකම් නෙමෙයි මේවා. මේවා ඇවිල්ලා නැහැදිච්චකමට කරන මහා හොරකම්. ගැහැණියෙක් කියලා දඬුවම අඩුකරන්න නම් එපා. (නි)
කොළලඹට නුදුරු අපේ පැත්තෙත් ඉන්නවා ටියුෂන් කරන ගැහැණු කෙනෙක්. සතියට දවසක් දෙකක් තමයි පන්ති කරන්න යන්නේ. අනෙක් හැමදාම රෙදි සාප්පු වලයි, සුපර් මාර්කට් වලයි මෙයාව ඕනෑ වෙලාවක දැකගන්න පුළුවන්. ජීවත්වෙන්නේ මහා බැංකු අධිපතිනිය වගේ. මොන හොර ජාවාරම් කරනවද කියලා දෙවියො තමයි දන්නේ. (නි)
අයියෝ ලංංකික කාන්තාවනි,. කන්න නැත්නම් හිඟා කන්න. මේ වගේ හොර වැඩ කරන්න එපා. මෙහෙම කළාම ලබන ආත්මෙත් අතේ සතේ නැතුවම තමයි ඉපදෙන්නේ. මේවා මේ කන්න අඳින්න නැතුවට කරන හොරකම් නම් නෙමෙයි. සුපිරි වෙන්න කරන මහා පරිමාණ හොරකම්. (නි)
"ඉංග්‍රීසි කතා කළ හැකි" පමණින් රැවටෙන්න එපා. සමහර ගෘහනියෝ දරුවට ඉංග්‍රීසි උගන්වන්න එන කෙනාට වැඳගෙන ඉන්නේ. හැමදේම කියනවා. උපදෙස් ගන්නවා. මේ වගේ හොර කාන්තාවෝ එයින් ප්‍රයෝජනය ගන්නවා. විශේෂයෙන් ටියුෂන් කරන්න ගෙදරට වද්දගන්න එපා හරියට අඳුන්නනේ නැති කාන්තාවන්ව. අද කාලේ ගැහැණු පිරිමි භේදයක් නැහැ. මේ වගේ අය දරුවොත් විකුණලයි පස්ස බලන්නේ. (නි)
කලින් පළවුණේ පෝය දවසෙ පන්සල් වලට ගිහින් නඩු කියන්න සල්ලි සම්මාදමේ ගිය මැදිවියේ බවලතියක් ගැනත් ලංකාදීපයේ. මේ එයාගේ අක්කාද කොහේද? මේ වගේ කාන්තාවෝ රට වටේම වැහිවැහැලා. බොහොම කල්පනාවෙන් වැඩ කළයුතුයි. නැත්නම් අපිවත් විකුණනවා මේ බවලත්තු ටික (නි)
අපේ කාන්තාවන් සමහරුන්ට ඕනෑ මොන ක්‍රමයෙන් හරි දරුවාට සුද්දන් පරාද වෙන්න ඉංග්‍රීසි උගන්වන්න. කිසිම වරදක් නැහැ. නමුත් මේ ගෙදරට එන කෙනා ගැනවත් එයාගේ සුදුසුකම් ගැනවත් නිකම්වත් සොයා බලනවාද ? අඩුගානේ යම්කිසි පාසලක උගන්වා පළපුරුද්දක් තිබෙනවා නම් ඒත් කමක් නැහැ. එයින් වාසි දෙකක් තිබෙනවා. එකක් දරුවාට ක්‍රමවත්ව ඉංග්‍රීසි අදාළ විෂය ධාරාවට අනුකූලව උගන්වනවා. අනෙක තමයි මේ තැනැත්තා ඇත්තටම ගුරුවරයෙක්ද ඔහුගේ හෝ ඇයගේ ඉගැන්වීම් හොඳයිද වශයෙන් විපරම් කරන්න පුළුවන්. සමහරු මේ මොනවත් සොයන්නේ නැතුව ඉංග්‍රීසි උගන්වනවා කියා කියපු පමණින් ගෙවල් වලට වැද්දා ගන්නවා. (නි)
අපේ ගමේ පවුලක කාන්තාවට එයාගේ 17 හැවිරිදි දුවට ඉංග්‍රීසි උගන්වා "පොෂ් ' කරගැනීමට පුදුමාකාර උවමනාවක් තිබුණා. ඉතින් ගෙන්වා ගත්තා ගෙදරට වයස 35 ක පමණ ගුරුවරයෙක්. තලත්තෑනි වයසට කිට්ටු විවාහකයෙක් නිසා මාත් එක්කත් කිව්වේ, "ඔය තරුණ හාදයන් සත පහකට විශ්වාස කරන්න බැහැ මේ මාස්ටර් හරිම හොඳ කෙනෙක්" කියලා. දැන් මාසයකට පමණ ඉහතදී කාන්තාවක් ගෙදරටම ඇවිත් මවත් ඉදිරිපිටදී දුවට කම්මුල් පාරක් දීලා , වයසේ හැටියටද වැඩ කියලා බැණ වැදිලා. බලනකොට මේ ටියුෂන් ගුරුවරයාගේ බිරිඳ අතටම අල්ලාගෙන දවසක් කොළඹ ඉඳලා නුවර ගිහින් එහි සවාරි ගසන තරුණිය සහ ගුරුවරයාව. මේවා පමණට වැඩිය ටියුෂන් ගුරුවරුන් විශ්වාස කරන අම්මලාට හොඳ පාඩම්. (නි)
අඩුගානේ යම්කිසි පාසලක උගන්වා පළපුරුද්දක් නැත්නම් ගෙවල් වලට වද්දාගන්න එපා (නි)
ටියුෂන් ගුරුවරුන් ගෙදරට ගෙන්වා ගන්න කලින් අන්වාර්යයෙන්ම පෙර විපරමක් කරන්න. අදාළ සුදුසුකම් තිබෙනවාද ? පිළිගත් පාසලක හෝ ආයතනයක සේවය කර තිබේද ? එසේ නම් ඒ තැනට දුරකතනයෙන් කතා කර අඩු වශයෙන් මේ නමින් කෙනෙක් ඉන්නවද නැද්ද කියල වත් දැන ගන්න. මීට පෙර ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙනගත් තමන් දන්නා කියන අයගේ රෙකමදාරුව ආදිය ඉතා වැදගත්. පත්තරේ දැන්වීම පල කර මාසයකින් ළමයාට සුදු පැටියෙකුට වගේ ඉංග්‍රීසි පුරුදු කරනවා කියපු ගමන් අපේ කාන්තාවන් රැවටෙනවා. ග්‍රාම සේවක සහතිකයක් හරි ඉල්ලන්න . එහෙම නැතිව උගන්වන්න එන කෙනෙක්ව නිකම්ම ගෙට වැද්ද ගැනීම පත්තරේ දැන්වීමකින් ගෙදර වැඩට ගෘහ සේවිකාවක් ලෙස හොරෙක් පත් කර ගැනීමට දෙවැනි නැහැ . (නදී)
බහුතරයක් ළමයින්ගේ අධ්‍යාපනය ටියුෂන් මත පටවන්නේ උසස් අධ්‍යාපනයක් නොලැබූ මව් වරුන් . ඒ මොකද තමන්ට යන්න බැරි වුන තැනට ලමයව කොහොම හරි යවා ගන්න. අනෙක සමහරුන්ට ළමයාගේ ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කියල දෙන්න තරම් වත් දැනුමක් නැහැ. එක්කෝ කම්මැලියි. බොහෝ විට ගෘහිනියන් වශයෙන් ඉන්න මේ සමහර කාන්තාවන්ට හරි හමත් විදියට ටියුෂන් ගුරුවරයෙක් තෝරාගන්නේ කොහොමද යන්න ගැනවත් අවබෝධයක් නැහැ. පුතාගේ පංතියේ යාලුවෙකුගේ අම්ම කියපු නිසා , හිතවතියකගේ දරුවට උගන්වනා නිසා ආදී හේතුවක් ඔවුන්ට හොඳටම ඇති ඔවුනට ඒ ටියුෂන් ගුරුවරයාව ගෙදරට ගෙන්න ගන්න. ස්වාමි පුරුශයන්ටත් වැඩ අධික නිසා ළමයින්ගේ අධ්‍යාපනය නෝනටම භාර වෙනවා. මේ ටියුෂන් ගුරාලා විදියට පෙනී සිටින වංචාකාරයන් හොඳට දන්නවා නිවෙස් වල සාමාන්‍ය ගෘහිනියන් ලෙස කටයුතු කරන, වැඩිය එලියට පහලට යන්නේ නැති, ඒ නිසාම සමාජය ගැන ලොකු අවබෝධයක් නොලැබූ බවලතුන්ගේ කනෙන් රිංගන්න. ඒ නිසා සැමියනුත් කොච්චර කාර්ය බහුල වුනත් නෝනා සොයා ගන්න ටියුෂන් ගුරුවරුන් ගැන සොයල බලන එක අද කාලයේ හැටියට ඇඟට ගුණයි. සමහර පිරිමි ගෙදරට එන ටියුෂන් ගුරුවරයා සුදුද කළුද දන්නේ නැහැ. (නදී)
මම අර කලින් කියපු එක්කෙනත් ටියුෂන් කරනවා කිව්වට කිසිම දවසක කිසිම පාසැලක උගන්නලා නැහැ. නිකාන් ඔහේ ඉංග්‍රිසි පලනවා විතරයි. ඉගැන්විමේ සුදුසකමක් නම් නැහැ. වැඩේ කියන්නේ මේ වගේ අයව ගෙවල් වලට ගෙන්න ගන්න අම්මලාටත් මලපොතේ අකුරක් ඉංග්‍රිසි බැහැනේ. ඒ නිසා මෙයා බොරුවෙන් ඒ අම්මලාව අල්ලාගෙන ඉන්නේ.(නදී)
පිටබැද්දර ඡයා විද්වතා තවම කට ඇරල නැහැ වගේ (නදී)
රජයේ පාසැලක උගන්වා පලපුරුද්දක් නැති “ ටියුෂන් කතවල්” ගැන පරිස්සමින්. මේ අය උගන්වන්න දන්නෙත් නැහැ. සමහර අය ඇත්තටම ඉංග්‍රිසි දන්නෙත් නැහැ. ගෙවල්වල ඉන්න අම්මලා ඉංග්‍රිසි දන්නෙත් නැති නිසා බොරු උගන්නලා සල්ලි කඩා ගන්න අයත් ඉන්නවා. ඒ අතරෙ ගෙවල් වල තොරතුරු හොයාගෙන සොරමුලවල් වලට දිලා ගෙම් දෙන අයත් අද වැහැ වැහැලා. (බ)
චන්ද්‍ර වීරසිංහ, ලංකාවේද ඔයා ඉන්නේ? මෙච්චර කියල තියනවා කුලියට ගත්තු වාහන සමග අත්අඩංගුවට ගත්තේ කියල. අනික අපේ රටේ සමතයකට පත්වෙනකන් මේ ගැණු කෙනාව කොච්චර කල් තියන් ඉන්නද? දන්නේ නැද්ද උසාවි වල නඩු පල වෙන හැටි... මෙයාව හෙට උසාවි එක්ක ගියොත් මේක විසදෙයි තව අවුරුදු 10න් විතර. මේ වගේ අයට උපරිම දඩුවම් දී අනික් අයට මෙවන් දේ කිරීමට ඇති ඉඩ අහුරන්න... මෙයයි අප නීතියෙන් බලාපොරොත්තු වන්නේ (බ)
අයියෝ පෙරේරා මහත්තයෝ ඇල්ටෝ එක විතරක් නොවේ හතරේම වටිනාකම කියල තියෙන්නේ.(බ)
මේ වගේ කපටි ගෑනුන්ට උපරිම දඩුවම් දිය යුතුයි.(හේ)