කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය හරස්පාරට නුදුරින් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී අද (28) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයකට යටවීමෙන් බස්නැවතුම්පලේ සිටි අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය බස්නැවතුම්පොලේ සිටි දෙදෙනා යටකරගෙන ගොස් කොට්ටන් ගසක හැපී නතර වී ඇති බවත් අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
කොළොන්නාව සිට සම්මන්තුරේ දක්වා ගමන් කරමින් තිබු මොටර් රථය ගසේ හැපී දැඩි අලාබහානි සිදුවී ඇති අතර එහි ගමන් ගත් හයදෙනෙකුගෙන් යුත් පවුලේ සාමාජිකයන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැති බව පොලීසිය පවසයි.
රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස්, මෙවැනි රියදුරන් පුම්බලා තියන්න එපා. වැඩ දන්නා හින්දා නෙමෙයි, වැඩ පෙන්වන්න ගිහින් (නි)
අනේ හැබෑට මෙහෙමත් රියදුරෝ? (නි)
දැන් දවසකට අනතුරු කීයක් සිද්ධ වෙනවද? ජීවිත කීයක් නැතිවෙනවද? (හේ)
අපේ අයට වාහනයක් ගත්තම ඉගෙලෙන්න හදනවා.(හේ)
කෙසේ කොතන වුවත් සැප රිය පැදවූ අයගේ බලපත්‍රයට මිනිසුන් මරන්න අවසර නොමැත. (හේ)
මේකේ අන්තිම ප්‍රතිපලය මරුන මිනිසුන් විසින් වාහනයට බලයෙන් පැන මරුන විදියට තීරණය වේවි, වාහනයේ රියදුරා නඩුවෙන් නිදහස් වෙවී ලොකු සල්ලි කුටියක් ලොයෙර්ස්ලට දීලා (හේ)
අන්තිමට තාරක කිවූ දේ එලෙසම සිදුවේවි. අපි නොදන්නා පොලිසිය? (නි)
මාර සැප රියක් ..(හේ)
ඔය බෆිර් එකට ඉස්සරහා තියෙන යකඩ බාර් එකත් තහනම් (අ)
වේලාව තමයි.(හේ)
වෙලාව නෙමේ ජයරත්න මේ "ඉන්දියන් " වසංගත වලට යන්න පුළුවන් උපරිම වේගයක් තියනවා පිස්සට කඩුව අහු වුනා වගේ මේව ස්පීඩ් කළොත් අනිත් වාහන වගේ කන්ට්‍රෝල් නැහැ තිරිංග එහෙමත් හොඳම නැහැ ( මම දන්නේ නැහැ ඇත්තටම මෙතෙන්දි උනේ මොකද්ද කියල නමුත් අර කිව් විදියේ ඒවා හැප්පුන හුගක් අවස්ථාවල සිද්දවෙලා තියෙන්නේ ඕක ) (බ)
මගේ තාත්තා මියගියෙත් රථ වාහන අනතුරකින් .නමුත් ඔහු මට රිය ධාවනය පුරුදුකරන්න කලින් කීවේ අනතුරකින් නැතිවෙන ජීවිත වලට වග කියන්න පුලුවන්නම් (ඒ කෙනාගේ පවුල නඩත්තු කරන්න පුලුවන්නම් දරුවන්ට පියෙක් අම්මලට තාත්තලට පුතෙක් වෙන්න පුලුවන්නම් ) පමණක් පාරේ අසිහියෙන් යන්න කියල .වරදක් කරලා අපි සමාව ගත්තට ඒ වැරැද්ද හදන්න බෑ (බ)
වැඩ දන්නා හින්ද යන්තම් ගහකට අල්ල ලා නවත්ත ගත්තා. (අ)
මොහුට රිය පුහුණුවක් නොමැති බව හොදට පේනවා..(බ)