IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැප රිය බස්නැවතුම්පලේ දෙන්නකු යට කරයි

කොළඹ   නුවර ප්‍රධාන  මාර්ගයේ නානුඔය  දුම්රිය හරස්පාරට නුදුරින් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී  අද (28) පෙරවරුවේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයකට යටවීමෙන් බස්නැවතුම්පලේ සිටි අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වේගයෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය බස්නැවතුම්පොලේ සිටි දෙදෙනා යටකරගෙන ගොස් කොට්ටන් ගසක හැපී නතර වී ඇති බවත් අනතුරින් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

කොළොන්නාව සිට සම්මන්තුරේ දක්වා ගමන් කරමින් තිබු  මොටර්  රථය ගසේ හැපී දැඩි අලාබහානි සිදුවී ඇති අතර එහි ගමන් ගත් හයදෙනෙකුගෙන් යුත් පවුලේ සාමාජිකයන් කිසිවකුටත් තුවාල සිදු වී  නොමැති බව පොලීසිය පවසයි.

රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇත.

vlcsnap-2015-09-27-21h01m26s249 vlcsnap-2015-09-27-21h02m21s28 vlcsnap-2015-09-27-21h03m36s37



අදහස් (0)

සැප රිය බස්නැවතුම්පලේ දෙන්නකු යට කරයි

හේවාවිතාරණ Monday, 28 September 2015 06:01 PM

ඩයස්, මෙවැනි රියදුරන් පුම්බලා තියන්න එපා. වැඩ දන්නා හින්දා නෙමෙයි, වැඩ පෙන්වන්න ගිහින් (නි)

:       0       0

රාජේන්ද්‍ර Tuesday, 29 September 2015 12:02 AM

අනේ හැබෑට මෙහෙමත් රියදුරෝ? (නි)

:       0       0

එරික් Monday, 28 September 2015 08:27 AM

දැන් දවසකට අනතුරු කීයක් සිද්ධ වෙනවද? ජීවිත කීයක් නැතිවෙනවද? (හේ)

:       0       0

අසිත Monday, 28 September 2015 08:44 AM

අපේ අයට වාහනයක් ගත්තම ඉගෙලෙන්න හදනවා.(හේ)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 28 September 2015 08:47 AM

කෙසේ කොතන වුවත් සැප රිය පැදවූ අයගේ බලපත්‍රයට මිනිසුන් මරන්න අවසර නොමැත. (හේ)

:       0       0

තාරක Monday, 28 September 2015 09:31 AM

මේකේ අන්තිම ප්‍රතිපලය මරුන මිනිසුන් විසින් වාහනයට බලයෙන් පැන මරුන විදියට තීරණය වේවි, වාහනයේ රියදුරා නඩුවෙන් නිදහස් වෙවී ලොකු සල්ලි කුටියක් ලොයෙර්ස්ලට දීලා (හේ)

:       0       0

පිටිගල Monday, 28 September 2015 09:51 AM

අන්තිමට තාරක කිවූ දේ එලෙසම සිදුවේවි. අපි නොදන්නා පොලිසිය? (නි)

:       0       0

බෙනට් Monday, 28 September 2015 09:57 AM

මාර සැප රියක් ..(හේ)

:       0       0

දිසානායක Monday, 28 September 2015 10:22 AM

ඔය බෆිර් එකට ඉස්සරහා තියෙන යකඩ බාර් එකත් තහනම් (අ)

:       0       0

ජයරත්න Monday, 28 September 2015 10:56 AM

වේලාව තමයි.(හේ)

:       0       0

ජයලත් Monday, 28 September 2015 11:17 AM

වෙලාව නෙමේ ජයරත්න මේ "ඉන්දියන් " වසංගත වලට යන්න පුළුවන් උපරිම වේගයක් තියනවා පිස්සට කඩුව අහු වුනා වගේ මේව ස්පීඩ් කළොත් අනිත් වාහන වගේ කන්ට්‍රෝල් නැහැ තිරිංග එහෙමත් හොඳම නැහැ ( මම දන්නේ නැහැ ඇත්තටම මෙතෙන්දි උනේ මොකද්ද කියල නමුත් අර කිව් විදියේ ඒවා හැප්පුන හුගක් අවස්ථාවල සිද්දවෙලා තියෙන්නේ ඕක ) (බ)

:       0       0

සංජීව Monday, 28 September 2015 11:20 AM

මගේ තාත්තා මියගියෙත් රථ වාහන අනතුරකින් .නමුත් ඔහු මට රිය ධාවනය පුරුදුකරන්න කලින් කීවේ අනතුරකින් නැතිවෙන ජීවිත වලට වග කියන්න පුලුවන්නම් (ඒ කෙනාගේ පවුල නඩත්තු කරන්න පුලුවන්නම් දරුවන්ට පියෙක් අම්මලට තාත්තලට පුතෙක් වෙන්න පුලුවන්නම් ) පමණක් පාරේ අසිහියෙන් යන්න කියල .වරදක් කරලා අපි සමාව ගත්තට ඒ වැරැද්ද හදන්න බෑ (බ)

:       0       0

ඩයස් Monday, 28 September 2015 11:54 AM

වැඩ දන්නා හින්ද යන්තම් ගහකට අල්ල ලා නවත්ත ගත්තා. (අ)

:       0       0

ෆාරා Monday, 28 September 2015 02:03 PM

මොහුට රිය පුහුණුවක් නොමැති බව හොදට පේනවා..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site