යාපනයේ සිට අධි සුඛෝපභෝගී බසයකින් කොළඹට කේරළ ගංජා කිලෝ 13 1/2 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන ආ බස් රියදුරකු හා සහායකද කනගරායන්කුලමේදී අත් අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බලකාය එම බසයද සැකකරුවන් දෙදෙනාද කනගරායන්කුලම පොලිසියට බාර දුන්නේය. පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.කේ.ආර්.ඒ.පෙරේරා මහතාට ලැබුණු ඔත්තුවක් අනුව ක්ෂණික මාර්ග බාධකයක් පනවා වැටලීම කර ඇත.
යාපනයේ සිට කේරළ ගංජා කොළඹ හා වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම සඳහා මෙවැනි බස් යොදාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසයි. ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 ක් පමණ වෙතියිද පොලිසිය පවසයි. ඉන්දියාවේ කේරළයේ සිට මුහුදින් ගංජා ගෙන එතියි පොලිසිය සැක කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු පිරිසක් විසින් කරනු ලබන නොහොබිනා වැඩ නිසා ආරක්ෂක අංශ වලටත්, සාමාන්‍ය ජනතාවත් අසීරු තත්වයකට මුහුණ පාන්නට ඉදිරියේදී සිදුවෙයි (නදී)
සමහර රටවලත්, ප්‍රාන්ත අතර ධාවනය වන විශාල ට්‍රක් රථ යොදා ගන්නවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට. (නදී)
ඇයි කේරල ගංජා, තණමල්විල ඒවා හොඳ නැද්ද? (නදී)
මේ බස් එක කෙලින්ම ගාල් කරන තැන දන්නවනේ. අල්ලපු පොලිසියේ මහත්තුරුන්ට අදම ස්ථාන මාරු. (නදී)
නොහැකියාවට, හොරකම, වංචාව, දුෂණයට ඉහලම තැන ලබාදෙන ලෝකයේ නොබිදිය හැකි වාර්තාව ලංකාව තබල තියෙන්නේ. බාගෙට බාගේ දුන්නම හරි (නදී)
මෙවැනි බස් රාජසන්තක කළ යුතුය (නි)
පොලිස් විශේෂ කාර්ය බලකායට ප්‍රණාමය! රට විනාශ කරනවාට දැඩි දඩුවම් දිය යුතුය. බසයද රාජසන්තක කළයුතුය (නි)
ධම්ම, තණමල්විල ඒවා හොඳ වුණාට ඒවා වවන්නයි, පොලිසියෙන් රැකගන්නයි, වතුර දමන්නයි, කම්කරු කුලියයි ගෙවාගෙන දුක් විඳිනවට වඩා "බයින් ඇන්ඩ් සෙලින්" පහසුයි. (නි)
කොහොමත් මේ වගේ වැඩ වලට යොමුවෙන්නේ සුපිරි අයම තමයි (නි)