නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි.
හොර්ටන් තැන්න වනෝද්‍යානය මෙතෙක් හඳුනාගෙන ඇති ලෝකාන්තය නකල්ස් කඳු වැටියේ පිටවල පතනේ ද ලෝකාන්තය වැනි තැනක් ඇත.
හෝර්ටන් තැන්නේ පරිසර ලක්ෂණ වලට සමාන පරිසරය නුවර එළිය,සඳතැන්න,සීතා එළිය, ප්‍රදේශයේ පිහිටා ඇතැයි කියති.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරකින් පිහිටි මෙම ස්ථානයට නුවර එළියේ සිට පැය පැය භාගයකට වඩා අඩු කාලයකින් ළඟා විය හැකියි.
නුවර එළිය ,සීතා එළිය බීජ අර්ථාපල් ගොවි පළ ඔස්සේ වැටී ඇති මාර්ගයේ යෑමේදී මෙම නව සුන්දර පරිසර පද්ධතිය පිහිටා ඇත. එහි ළඟා වීම සඳහා මාර්ගය ද සකසා අවසන් කොට තිබේ.
අඩි 7500ට ඉහළ බිමක සිට අංශක 360ක ප්‍රමාණයකට සියලුම වටපිටාව දර්ශනය වන මෙම ස්ථානයේ සංචාරක මධ්‍යස්ථානයක්ද ඉඳි කැරෙයි.
මේ සුන්දර පරිසර පද්ධතිය සමීපයට ගිය විට වැලිමඩ සානුව ඇතුළු බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශ සම්පුර්ණයෙන්ම මනස්කාන්ත අයුරින් පෙනේ.
පිතුරුතලාගල,හග්ගල,කිකිළියාමාන කඳු පන්ති ඉතාම පැහැදිළිව පෙනෙන මෙහි ගෝනුන් ,මුවන් මෙන්ම කඳුකර කුරුලු වර්ග රැසක් දැකිය හැකිය.
නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා සඳතැන්න නව හෝටන් තැන්න බවට පත් කිරීමට වෙහෙසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරයෙ ඉන්නෙ ගෝනුන්ද? මුවන්ද? කඳුකර කුරුලු වර්ගද? (දී)
අපේ ශ්‍රී ලංකාව හරිම සුන්දර රටක් (දී)
ෂා නියමයි..(දී)
නුවරඑළිය නම් දැන් මුඩුක්කුඑලිය වේගෙන එනවා. ඉදිකිරීම් කිසිම ප්‍රමිතියකට නැහැ. වැව රව්මේ එක වැසිකිළියක්වත් නැහැ. අලුත් තැනවත් හරියට හදනවානම් හොඳයි. (දී)
සොබා සවුන්දර්යය හොමොටම දැකගන්න සලස්වන එක හොද වැඩක් එත් අපේ අමන මිනිස්සු එකත් වනසල දමන එකගන ගැන කනගාටු වෙන්න තම අවසානේ වෙන්නේ .මොකද ඔය වගේ අලුතින් හඳුන්වල දුන්න ගොඩක් ස්ථාන අද අපේ මිනිස්සු වනසල තියෙන්නේ මේ ස්ථානයට එසේ නොවේවා කියල පාර්ථනා කරනවා පින්තුර ටික දැක්කම ආසාවේ බැහැ (අ)
හෙටම එතනට යන්න ගහින් අරක්කු බිලා එතනම බෝතලය පොළේ ගහලා ම කැම කාලා පලාස්ට්ක් කොළ බෝතල එතනම දලා එන්න (අ)
එහෙනම් ගෝන්නු ටිකත් ඉවරයි මේක හරි කාලකන්නි වැඩක් (අ)
මනම් ඔය හොර්ටන් තැන්න කියන නමට කිසිසේත්ම කැමති නැහැ ශ්‍රී ලාංකිකයෙක් විදියට. එකට හේතුව පර සුද්දෙක්ගේ නමක් දන්නේ අය අපේ තැන් වලට? මහා එලිය කියන නම ඉතාම කදිම නමක් අපේ ලෝකන්තෙට. හොර්ටොන් කියන පර සුද්ද ලෝකාන්තයේ හිටපු අලින් ඔක්කොම මාරුව කියල අහල තියනවා. (අ)
ඉවරයි මේ තැනත්...... අනිච්චාවත සංකාරා!!!!!!!!! (අ)
නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා දක්වන උත්සාහය අනෙකුත් නගරාධිපති මහත්වරුන් ද ආදර්ශයට ගනිවී කියලා විශ්වාස කරනවා (දිල්)
කැලේ කපල ගොඩනැඟිලි හදන්නේ නැතුව මොන කරත් කමක් නැහැ පරිසරය විනාස නොකර ඒවාට තියෙන විදිහටම තියෙන්න දෙන්න . (දිල්)
බලන්න එන අයගෙන් පරිසරය ආරක්ෂා කරන්න උපරිම පියවර ගන්න. පැල ගලවාගෙන යාම, කසල බැහැර කිරීම සහ ස්වභාව ධර්මයට හානි කිරීමට උපරිම දඩුවම් ලබා දෙන්න. නැත්නම් මේවා මේ විදිහට තියෙන්නේ බොහොම ටික දවසකි.(දී)
අනේ අර උඩ බලන් ඉන්න අර පස් දෙනාට නම්,, ස්වභාව ධර්මයේ අගය තේරුම් ගිහින් වගේ?(නදී)
අපි නම් මෙහෙ කීප විටක්ම ගියා...නමුත් දන්නා කීප දෙනෙක්ට විතරයි කිව්වේ පරිසරයේ ආරක්ෂාව ගැන හිතලා. කවුරු ගියත් කමක් නැහැ පරිසරයට ආදරයක් නැති ආත්මාර්ථකාමී අය නම් පලාතට වද්දා ගන්න එපා. (නදී)
04 වෙනි එක දැක්කම මම හිතුවෙ පාර්ලිමේන්තු කටයුතු ඉවර වෙලා කට්ටිය එනව කියලා.(නදී)