නුවරඑළිය නගරය සමීපයෙන් තවත් ලෝකාන්තයක් වැනි තැනක් හඳුන්වාදීමට නුවරඑළිය මහ නගර සභාව සැරැසෙයි.
හොර්ටන් තැන්න වනෝද්‍යානය මෙතෙක් හඳුනාගෙන ඇති ලෝකාන්තය නකල්ස් කඳු වැටියේ පිටවල පතනේ ද ලෝකාන්තය වැනි තැනක් ඇත.
හෝර්ටන් තැන්නේ පරිසර ලක්ෂණ වලට සමාන පරිසරය නුවර එළිය,සඳතැන්න,සීතා එළිය, ප්‍රදේශයේ පිහිටා ඇතැයි කියති.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරකින් පිහිටි මෙම ස්ථානයට නුවර එළියේ සිට පැය පැය භාගයකට වඩා අඩු කාලයකින් ළඟා විය හැකියි.
නුවර එළිය ,සීතා එළිය බීජ අර්ථාපල් ගොවි පළ ඔස්සේ වැටී ඇති මාර්ගයේ යෑමේදී මෙම නව සුන්දර පරිසර පද්ධතිය පිහිටා ඇත. එහි ළඟා වීම සඳහා මාර්ගය ද සකසා අවසන් කොට තිබේ.
අඩි 7500ට ඉහළ බිමක සිට අංශක 360ක ප්‍රමාණයකට සියලුම වටපිටාව දර්ශනය වන මෙම ස්ථානයේ සංචාරක මධ්‍යස්ථානයක්ද ඉඳි කැරෙයි.
මේ සුන්දර පරිසර පද්ධතිය සමීපයට ගිය විට වැලිමඩ සානුව ඇතුළු බදුල්ල බණ්ඩාරවෙල ප්‍රදේශ සම්පුර්ණයෙන්ම මනස්කාන්ත අයුරින් පෙනේ.
පිතුරුතලාගල,හග්ගල,කිකිළියාමාන කඳු පන්ති ඉතාම පැහැදිළිව පෙනෙන මෙහි ගෝනුන් ,මුවන් මෙන්ම කඳුකර කුරුලු වර්ග රැසක් දැකිය හැකිය.
නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා සඳතැන්න නව හෝටන් තැන්න බවට පත් කිරීමට වෙහෙසෙයි.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සඳතැන්නෙත් ලෝකාන්තයක්
නෆ්හාන් Wednesday, 05 February 2014 03:54 PM
පින්තූරයෙ ඉන්නෙ ගෝනුන්ද? මුවන්ද? කඳුකර කුරුලු වර්ගද? (දී)
චාන්දනී Wednesday, 05 February 2014 04:01 PM
අපේ ශ්‍රී ලංකාව හරිම සුන්දර රටක් (දී)
මොහමඩ් Wednesday, 05 February 2014 04:23 PM
ෂා නියමයි..(දී)
සුජේව පද්මකුමාර Wednesday, 05 February 2014 04:47 PM
නුවරඑළිය නම් දැන් මුඩුක්කුඑලිය වේගෙන එනවා. ඉදිකිරීම් කිසිම ප්‍රමිතියකට නැහැ. වැව රව්මේ එක වැසිකිළියක්වත් නැහැ. අලුත් තැනවත් හරියට හදනවානම් හොඳයි. (දී)
සනත් ඉන්දික ඉතාලිය Wednesday, 05 February 2014 05:25 PM
සොබා සවුන්දර්යය හොමොටම දැකගන්න සලස්වන එක හොද වැඩක් එත් අපේ අමන මිනිස්සු එකත් වනසල දමන එකගන ගැන කනගාටු වෙන්න තම අවසානේ වෙන්නේ .මොකද ඔය වගේ අලුතින් හඳුන්වල දුන්න ගොඩක් ස්ථාන අද අපේ මිනිස්සු වනසල තියෙන්නේ මේ ස්ථානයට එසේ නොවේවා කියල පාර්ථනා කරනවා පින්තුර ටික දැක්කම ආසාවේ බැහැ (අ)
ලෙස්ලි එම් විජේසිංහ Wednesday, 05 February 2014 05:28 PM
හෙටම එතනට යන්න ගහින් අරක්කු බිලා එතනම බෝතලය පොළේ ගහලා ම කැම කාලා පලාස්ට්ක් කොළ බෝතල එතනම දලා එන්න (අ)
ආස්ඩ් Wednesday, 05 February 2014 05:29 PM
එහෙනම් ගෝන්නු ටිකත් ඉවරයි මේක හරි කාලකන්නි වැඩක් (අ)
ගයන් Wednesday, 05 February 2014 05:47 PM
මනම් ඔය හොර්ටන් තැන්න කියන නමට කිසිසේත්ම කැමති නැහැ ශ්‍රී ලාංකිකයෙක් විදියට. එකට හේතුව පර සුද්දෙක්ගේ නමක් දන්නේ අය අපේ තැන් වලට? මහා එලිය කියන නම ඉතාම කදිම නමක් අපේ ලෝකන්තෙට. හොර්ටොන් කියන පර සුද්ද ලෝකාන්තයේ හිටපු අලින් ඔක්කොම මාරුව කියල අහල තියනවා. (අ)
අප්පුහාමි Wednesday, 05 February 2014 06:10 PM
ඉවරයි මේ තැනත්...... අනිච්චාවත සංකාරා!!!!!!!!! (අ)
සම්පත් කහවත්ත Wednesday, 05 February 2014 07:32 PM
නුවරඑළිය නගරාධිපති මහින්ද කුමාර දොඩම්පේගම මහතා දක්වන උත්සාහය අනෙකුත් නගරාධිපති මහත්වරුන් ද ආදර්ශයට ගනිවී කියලා විශ්වාස කරනවා (දිල්)
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 05 February 2014 08:13 PM
කැලේ කපල ගොඩනැඟිලි හදන්නේ නැතුව මොන කරත් කමක් නැහැ පරිසරය විනාස නොකර ඒවාට තියෙන විදිහටම තියෙන්න දෙන්න . (දිල්)
කවෙන්ග Wednesday, 05 February 2014 08:33 PM
බලන්න එන අයගෙන් පරිසරය ආරක්ෂා කරන්න උපරිම පියවර ගන්න. පැල ගලවාගෙන යාම, කසල බැහැර කිරීම සහ ස්වභාව ධර්මයට හානි කිරීමට උපරිම දඩුවම් ලබා දෙන්න. නැත්නම් මේවා මේ විදිහට තියෙන්නේ බොහොම ටික දවසකි.(දී)
රත්නායක ආරච්චිගේ Thursday, 06 February 2014 11:02 AM
අනේ අර උඩ බලන් ඉන්න අර පස් දෙනාට නම්,, ස්වභාව ධර්මයේ අගය තේරුම් ගිහින් වගේ?(නදී)
නන්දන පනාගොඩ මිලානෝ Thursday, 06 February 2014 03:16 PM
අපි නම් මෙහෙ කීප විටක්ම ගියා...නමුත් දන්නා කීප දෙනෙක්ට විතරයි කිව්වේ පරිසරයේ ආරක්ෂාව ගැන හිතලා. කවුරු ගියත් කමක් නැහැ පරිසරයට ආදරයක් නැති ආත්මාර්ථකාමී අය නම් පලාතට වද්දා ගන්න එපා. (නදී)
චමී Thursday, 06 February 2014 03:29 PM
04 වෙනි එක දැක්කම මම හිතුවෙ පාර්ලිමේන්තු කටයුතු ඉවර වෙලා කට්ටිය එනව කියලා.(නදී)