සඳ මත පා තැබූ 11 වැනියා මෙන්ම අවසන් පුද්ගලයා ලෙස ද සැළකෙන ජෙන් සර්නන් මහතා සදුදා (17) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 82 වැනි වියේ පසු විය. සර්නන් ඇමෙරිකාවේ නාවික හමුදා නිලධාරියෙක් ද, ගගනගාමියෙක් ද, ඉංජිනේරුවෙක් ද විය.
අමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවේ කපිතාන්වරයකු ලෙස කටයුතු කළ ඔහු ගගණගාමියකු ලෙස තෙවරක් අභ්‍යවකාෂය තරණය කර තිබේ. අභ්‍යවකාෂය තරණය කළ දෙවැනි ඇමෙරිකා ජාතිකයා ද මෙන්ම අභ්‍යවකාෂය තරණය කළ ලෝකයේ තෙවැනියා ද ජෙන් සර්නන් ය. ඔහුට පෙර අභ්‍යාවකාශය තරණය කළේ රුසියා ජාතිකයකු වන ඇලෙක්සි ලියෝනෝව් සහ ඇමෙරිකා ජාතිකයකු වන එඩ් වයිට් ය.
ජෙන් සර්නන් 1963 වසරේ දී නාසා ආයතනයට තුන් වැනි කණ්ඩායම යටතේ තෝරා ගත් 14 දෙනාගෙන් කෙනෙකි.
නියමුවකු ලෙස 1966 වසරේ ජූනි මාසයේ දී පළමු වරට අභ්‍යාවකාශයට ගිය ඔහු පැය දෙකයි මිනිත්තු හතක් ජෙමිනි 9ඒ අභ්‍යවකාශ යානයෙන් පිටත රැඳී සිටියේය.
1969 මැයි මාසයේ දී ඇපලෝ 10 අභ්‍යවකාශ යානයෙන් ඔහු දෙවැනි වරටත් අභ්‍යවකාශය තරණය කළේය. ගේන් තෙවැනි වර අභ්‍යවකාශය තරණය කළේ ඇපලෝ 17 යානයේ අණ දෙන්නා ලෙස 1972 දෙසැම්බර් මාසයේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් හරක්. චාමික මල්ලියෝ මට දුක උඹලා වැන්නවුන් නිසා අපේ රටට යන දසාව. මේක අපේ චින්තනයේ අධ්‍යාපනයේ වරද ලොක්කෝ දැන්වත් ඇහැ ඇරලා බැලුවනම් (බ)
රටට ලෝකයට වැඩදායී පුද්ගලයින් එකිනෙකා අප අතරින් සමුගන්නවා! (නි)
සමහර අය අදහස් දාන්නේ හරියට බල්ලා ගැන ලියන රචනාව මැක්කාගෙන් අවසන් කරනවා වගේ. (නි)
එරංග, අපිට මරණයෙන් බේරෙන්න බැරි නිසා මොකුත් නොකර ඔහේ බලන් ඉමු එහෙනම්... මදිපාදුවට ලෝක බැංකුවෙන් ණයට කමු... එරංග පුතේ කියන දෙයක් මාතෘකාවට අදාලව කියන්න. (ර)
කෝ දෙශපාලකයෝ? (ර)
"නමුත් රුසියානු රජයේ නිල ප්‍රකාශක වැල්මිදීර් මාර්කින් නිල වශයෙන් ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලලා දැන් වසර ගණනක් වෙනවා. නමුත් පරික්ෂණයක් නැහැ නේද? එ් කියන්නේ ඒ ඉල්ලීම බොරු කියන එක නේද" පුදුමයි ඔබ අයින්ස්ටයිගේ සාපේක්ෂතාවාදය බොරුයි නොකිව්වා. (නි)
දහම්, බුදුන් තමන්ගේ බුද්ධියෙන් විචාරකර පිළිගන්න කියපු එක එම කතා වස්තුවට පමණයි. එ්ක හැම තැනකටම පොදු දෙයක් නොවෙයි නේද. තමන්ගේ බුද්ධි මට්ටමට අනුව ලෝකය තේරුම් ගන්න ගියොත් හොඳට හිටීවි. (නි)
චාමික, ඕවා ගණන් ගන්නෙපා. මේ අය තාම ඉන්නේ ගෝලාකාර ලෝකයක. පැයට කිලෝමීටර් 1000 කරකැවෙන ෆොටෝෂොප් වලින් හදපු ලෝකයක. ඉතින් කොහෙද ඔයා කියන එක මේ ඉස්කෝලෙන් සහ විශ්ව විද්‍යාල වලින් මොළ හෝදපු අයට තේරෙන්නේ (නි)
අැයි මතක නැද්ද එක රාජ්‍ය නායිකාවක් කිව්වා හඳෙන්හරි හාල් ගෙනත් දෙනවා කියලා. එ් කියන්නෙ අැමරිකන් කාරය හඳට යන්නත් ඉස්සර හඳේ ඉන්න අය වී වගා කරනවා කියලා අපේ රට පාලනය කරපු අය දැනගෙන ඉඳල තියෙනවා. (ර)
ජිවිත වල හැටි එහොම තමයි.(හේ)
චාමික ලෝකය ගෝලාකාර බව පිළිගන්නවද? හලෝ ඇමරිකන් කාරයෝ හැන්දට නොගියානම් ඒබව කාටත් කලින් ලෝකෙට කැගහල කියන්නේ රුසියානුවෝ. (බ)
දහම් එක එයාගේ චින්තනයේ වරද අපටත් ලැබුනේ ඒ අධ්‍යාපනයම තමයි. නමුත් අපි තර්කානුකූලව හිතනවා. (බ)
ජෙන් සර්නන් මහතා ඔබට මගේ ආචාරය. සඳ මත පා තැබීම මට කෙලින්ම බලපාන දෙයක් නොවේ නමුත් එම ගමනට අදාලව ඇතිවුන තාක්ෂණික දියුණුව අපි කෙලින්ම බුක්ති විදිනවා. කුඩා පරිගණක කුඩා කැල්කුලේටර් සඳට යාමට ගත් උත්සාහයේ අපවින්දින ප්‍රතිපල වලින් ඉතා සුළු කොටසක් . (හේ)
ඇයි ඉන්පසුවට කිසිවෙකුටවත් ඒ හපන්කම කරන්න බැරිවුණේ? (නි)
චාමික හරි. අනුන් කරන දේවල් ගැන පම්පෝරි ගහන අය තමා ඔය බමුණු, දහම්, මොහාන් වගේ අය (නි)
ඇමරිකාවේම ජීවත්වන විද්‍යාඥයින් පවා සඳ තරණය සැකයට භාජනය කරද්දි ලංකාවේ සමහරුන්ට මේවා සක්සුදක් සේ හරිම පැහැදිලිලු. (නි)
මෙතන ගොඩ දෙනෙක් චාමිකට හරහට කතා කරනවා පමණයි. අශිකා හෝ දහම් හෝ චාමික අහලා තියෙන ප්‍රශ්නයට උත්තරයක් කියලා නැහැ. නමුත් මීට වසර කිහිපයකට පෙර සඳ මත පා තැබූ වීඩියෝවේ මුල් පිටපත් නැතිවූ බව නාසා ආයතනය පිළිගත් බවත්, ඊටත් පෙර සඳෙන් ගෙනා යැයි පැවසු සෑහෙන පාෂාණ තොගයකුත් නැති වූ බවටත් නාසා ආයතනයම ප්‍රකාශ කළබවට වාර්තා තිබෙනවා. මේවා වෙන්න පුළුවන් සිද්ධිද නැද්ද කියා ඉතින් අපට හිතාගන්න තමා වෙන්නේ. නමුත් චාමික අසා ඇති ප්‍රශ්න දෙකටම නාසා ආයතනය ඔවුන්ගේ ක්‍රමය විස්තර කර ඇති ලිපි වල උත්තර තිබෙනවා. ප්රශ්නය නම් මෙය වෙන කාටවත් මේ වනතුරු කරන්න බැරිවීමයි. (නි)
ලක්ෂිලා නිකන් කට අැරගෙන බලාඉන්නවා. අනේ මෙහෙමත් මෝඩයින් ඉන්න රටක්! මේ රට දියුණු කරන්න කලින් මේ ලක්ෂිලා වගේ අයව අල්ලලා ඉස්කෝලේ යවලා හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනෑ (නි)
සඳ මත මිනිසෙකු පා නොතැබූ බවට විශ්වාසකරන්නන් ඉදිරිපත් කරන ප්‍රබල විද්‍යාත්මක තර්ක අපට ලෙහෙසියෙන් බැහැරකළ නොහැක. එකල තාක්ෂණය අනුව මිනිසෙකුට ප්‍රබල විකිරණ වලට මුහුණදෙමින් සඳේ ඇවිද, නැවත පොළවට ඒම සහ ඉතා කුඩා මතකයක් සහිත පරිගණකයක් සහිත යානයකින් සජීවී දර්ශන සඳේ සිට එසැණින් පොළවට එවීම විශ්වාසකළ හැකිද? (නි)
අශිකා,ඔබ ලියන දෙයින්ම මට තේරෙනවා ඔබ මේ මාතෘකාව ගැන නොදන්නා බව. මොකද 1969 වසරේත් ඇපලෝ 11 යානයේ වේගය තත්පරයට 11.25 කිමි. ඒ කියන්නේ ශබ්දයේ වේගය මෙන් 32.4 ක්. සඳට ගල්ගැසූවන් ගැන මා නොදන්නා නමුත්, මා දන්නා සඳට වන්දනාකරන්නන් කොතරම් අහිංසකදැයි මට සිතෙන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන නමුත්, ඉතිහාසය ප්‍රශ්න කරනා අලුත් ගවේෂණාත්මක මත සොයා කියවා තම තර්කනය දියුණු කරගන්නවා වෙනුවට, ගිරවුන් මෙන් පාඩම් කරවන ලද දෙය ගෙඩිපිටින් ගිල එයම මැරෙනකල් වමාරන ඔබ වැනි අය දකිනවිටය. (නි)
මොහාන්, අනුන්ගේ කටවල් වල දාන මසුරන් වලින් නරකද මා කියන මතයට අදාළ විද්වතුන්ගේ පොතක් අරන් කියවලා තමුන්ගේම ඔලුවට මොනවා හරි දාගත්තා නම්. එතකොට සියල්ලදත් අය අතර අඩුතරමේ කිසිවක්ම නොදත් කෙනෙක් නොවීවත් ඔබට ඉන්න පුළුවන්. (නි)
දහම්, නමට අදාළවම කියන්න තියන්නේ බුදුන් දේශනාකළා පරම්පරාවෙන් පැමිණියා කියාවත්, පොතපතක තිබුනා කියාවත්, කිසිවෙකු පැවසූ නිසාවත් පිළිගන්න එපා. එය තමන්ගේ බුද්ධියෙන් විචාරකර පිළිගන්න කියපු එක තමයි. (නි)
බමුණු, ඔබ කියන විදියට රුසියානුවෝ කන්දකට නැගලා ගිරිය කඩාගෙන කෑ නොගහපු එක නම් ඇත්ත. නමුත් රුසියානු රජයේ නිල ප්‍රකාශක වැල්මිදීර් මාර්කින් නිල වශයෙන් ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලලා දැන් වසර ගණනක් වෙනවා. මොස්කව් ටයිම්, ද ඉන්ඩ්පෙන්ඩන් යන පුවත්පත්වල පළවූ ඒ වාර්තා අන්තර්ජාලයෙන් කියවිය හැක. තමාගේ සුපිරි චින්තනය, අධ්‍යාපනය, තර්කානුකූලකම ගැන පම්පෝරි ගැසීමට පෙර අනෙකාගේ අදහස කෙසේවෙතත් අඩුතරමේ තමන් ගැන සිතා බලන්න (නි)
චාමික, නියුට්‍රෝන බෝම්බ හදපු, පරමාණු බෝම්බ හදපු, ශබ්දයේ වේගය මෙන් 3-4 ගුණයක් වේගයෙන් යන ලෝකේ දියුණුම රටේ මිනිස්සු කරන දේවල් අවිශ්වාස කරන්න තරම් බුද්ධියක් නැති ඔයාලා වගේ අය ඉන්න තාක්කල් අපේ රටේ හෙටටත් හඳට ගල් ගහන මිනිසුන් දකින්න ලැබේවි. මේක තමයි සිංහලයෝ ලෝකේ පහුවෙන්න හේතුව. ඔය සුද්දෝ හදපු ගුවන් යානයකවත් ගිහින් නැද්ද? ඔයා කියන්නේ මෙච්චර දශක ගණනාවක් මේ මිනිස්සු ඔයාලා වගේ බොරුවෙන් ජීවත්වුණා කියලද? ඔය හැටි පසුගාමී වෙන්න එපා (නි)
ලක්ෂිලා වගේ අයට කොහෙන්හරි ගෙනල්ලා නිකන් කන්න දෙනවා කිවොත් ඔහේ කටබලියාගෙන ඡන්දෙත් දෙයි ඕනෑ මෝඩයෙකුට. අනේ මන්දා! මේ වගේ අය ඉන්නකම් රටක් දියුණුවේද? (නි)
අශිකා, කටේ මසුරන් දාන වටිනා කතාව? සමහරු හිතාගෙන ඉන්නේ සියල්ල දත් කියල. (බ)
චාමික, අශිකා...මිනිසුන් සදට ගියාද නැතිද, පරමාණු බෝම්බ හැදුවද, නැතිද මොන දේ කළත් නැතත්, උපන් සත්වයන් හට මරණයෙන් නම් බේරෙන්න නොහැකි බව තේරුම් ගන්න. (බ)