දේශපාලනය පිළිබඳ කිසිදු දැනුමක් නැති නළු නිළියන්ට, මාධ්‍යවේදීන්ට නාමයෝජනා දෙනවාට තමන් විරුද්ධ බව හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
කොළ නිල් රතු කණ්ණාඩිවලින් පමණක් නොබලා කුමන පක්ෂයක වුවත් වංචා දූෂණයෙන් තොර බුද්ධිමත් අයට මනාප ලබාදීමට ජනතාව ක්‍රියා කළ යුතු බව ද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනයද වැඩි කළ යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මනාප තුනෙන් එකක් දක්ෂ උගත් තරුණයන්ට ලබාදීමට සියලූදෙනා ක්‍රියා කළ යුතු බව ද සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘මනාප තුනෙන් එකක් තරුණයින්ට‘ යන තේමාව යටතේ කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලංකා තරුණ සංවිධාන ජාලය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා මහත්වරු ද ඊට එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එක්සත් ජාතික පක්ෂයට ලැදි අයෙක්. නමුත් මම මේ ශාන්ත බණ්ඩාර ගැන යම් පැහැදීමක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩක් වයසක අයට වඩා ශාන්ත බණ්ඩාර පරිණතව කථා කරනවා. අගය කළ යුතුයි. මොනවා උනත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ඔහු වගේ අයෙක්ව ඉදිරියට ගැනීම අගය කළ යුතුයි. හැබැයි ඔබ සමග ඉන්නේ නම් හොරු. ඔබ සිටිය යුත්තේ යුඑන්පී එකේ.(නදී)
ඒ විතරක්ම නෙමෙයි, රට ජාතිය ගැන හැඟීමක් තිබෙන, කොන්දක් තිබෙන අයත් වෙන්න ඕනෑ (නි)
මමත් 100% එකඟයි ඔබතුමා සමග (නදී)
දේශපාලකයෙක් වෙන්න තියෙන හොදම සුදුසුකම අවංක වීම , රටට ජනතාවට ආදරය කිරීම. මෙම සුදුසුකම් නැතිව ආචාර්ය පට්ටම් තිබුනට වැඩක් නැහැ. සමහර උගත් දේශපාලකයෝ තමාගේ උගත් කම අහුනොවෙන විදිහට හොරකම් කරන්න යොදාගන්නවා. (අ)
යුද්ධය අවසන් වුණු දවස අමතක ඇමැතිවරුන්ට නාම යෝජනා දෙනවාට අපිත් විරුද්ධයි. (අ)
ජයන්ත දන්නේ නැද්ද? උතුරු පළාතේ මාධ්‍ය සේවයේ යෙදී සිටියදී ලොකු හොරකමකට චෝදනා ලත් අයෙකුත් මෙවරත් ඡන්දෙට සන්ධානෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. (අ)
100% එකගයි ඔබතුමා සමග .(හේ)
ක්‍රිඩකයන්ටත් නාම යෝජනා ලබා නොදිය යුතුයි.(හේ)
වැඩි දෙනෙකුගේ අදහසත් එයමය. (නි)
බොරුකාරයන්ටත් එපා! (නි)
උක්කුන් පුතා උක්කුන් බිබී ම ඉන්න ඔය මොනවද දන්නේ. (අ)
නමුත් අත්දැකීම් වලින් පිරිපුන් අය ඉන්නවා,දැනුම නැති (නි)
සුදුස්සන් කවුද කියලා මහජනතාව තීරණය කරාවි (නි)
ඉස්සර හිටිය නළු නිළියෝ වගේ නෙමෙයි, දැන් අය අන්තයටම පිරිහිලා.එයාලට සැපට ඉන්න ආදායම් මාර්ගයක් නැතිවෙනකොට හොඳම දේ තමා දේශපාලනයට රිංගලා මහජන මුදලින් ජීවත්වෙන එක (නි)
ඉතාමත් වටිනා අදහසක්. අපි ඔබ සමඟයි (නි)
හැමෝටම කියන්න තියෙන්නේ ඡන්දය ඉල්ලන එක ඕනෑම මනුස්සයෙකුගේ අයිතිවාසිකමක්. ඡන්දය දෙන නොදෙන එක අපේ වැඩක්.කාලය නාස්ති නොකර ගිහින් මිනිසුන්ට සේවය කරන්න (නි)
මෙතැනදී අවශ්‍ය වෙන්නේ තමන් දරන සමාජ තනතුර කුමක් වුවත්,තමන්ගේ උගත්කම සහ දේශපාලනය ගැන හැදෑරීමක් හෝ මනා පළපුරුද්දක් තිබීමයි (නි)
නවරත්න මහත්තයෝ, ඔබතුමාගෙ කතාව හරියට හබල තිබුණට ඔරු පදින්න දන්නෙ නැති කෙනෙකුට ගඟ හරහා ඔරු පදින්න ඉඩ දෙන්න කියනවා වගේ කතාවක්නෙ ! (නි)
හොරුන්ට, කුඩුකාරයින්ට ඡන්දය දෙන්න එපා (නදී)
ඇයි නළු නිළියන්, පුවත්පත් කලාවේදීන් බුද්ධිමත් නැද්ද? ගරු කාදිනල්තුමා මේකට හොඳ පිළිතුරක් දී තිබුනා අද. (නි)
වයස හතලිහ පැනපු අයට කියන්නේ තරුණයෝ කියලද ? (නදී)
දේශපාලකයන්ගේ දැන් අලුත්ම සෙල්ලම අරයට මෙයට ජන්දය ඉල්ලන්න දෙන්න එපා කීම. මෝඩයෝ, ජන්දය ඉල්ලීමට ඕනෑම කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා වගේම ජන්දය දැමීම රටේ පුරවැසියන්ගේ අයිතිය. එ්කටත් විදින්නද හදන්නේ? (නදී)
කියන දේවල් ඔක්කොම හරි.(හේ)
ඔතන ඉන්න කීදෙනෙක්ට සුදුසුකම් තියෙනවාද?(හේ)
එජාප යේ හිටපු ගාමිණී පොන්සේකාත් බුද්ධිමත් නැද්ද? පරිණත නැද්ද? නීතිවේදියෙක් උනාට හිතන්නෙ නැතිව කරපු අමනෝඥ කතාවක් (නදී)
රත්තරන් කතාව. (නදී)
ඕනෙම කෙනෙකුට ඡන්දෙට ඉල්ලන්න අයිතිය තියෙන බව ඇත්ත. නමුත් නළු නිලියෝ, ක්‍රීඩකයෝ වගේ අය පර්ලිමෙන්තුවට ආව කියල ජනතාවට සෙතක් නැහැ. එයාල දන්නා දේශ පාලනයක් නැහැ එන්නේ සල්ලි හම්බ කර ගන්න විතරයි. (නදී)