හයිබ්‍රිඩ් රථයකින් හා යතුරුපැදිවලින් මහ අම්බලන්ගොඩ නිවසකට කඩා වැදුණු පිරිසක් එහි සිටි 6 දෙනකු කපා කොටා තුවාලකොට අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.

අම්බලන්ගොඩ ධර්මාශෝක සහ දේවානන්ද දෙවිදුහල් අතර සුනිල සංග්‍රාමය නැරඹීමට පැමිණ සිටියදී කකුල පෑගුණැයි යැයි කියන සිද්ධියක් මීට හේතුව බවත් නිවැසියන් දෙදෙනකුගේ ප්‍රතිප්‍රහාරයෙන් මැරයන් දෙදෙනකුද තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. හයිබ්‍රිඩ් රියටද අලාබ හානි සිදුවී ඇත.

අත්වැරදීමකින් කකුල පෑගුණු බවත් ඊට එම පුද්ගලයා සමාව ඉල්ලා සිටි බවත් කියති.

තුවාලකරුවන් ‍රෝහල්ගත කර ඇති අතර එම රියෙන් පළා ගිය බව කියන දෙ‍දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.