IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


සිනමාවට වැඩිපුර කැමති විනූ

2016-05-20-ENT-12

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ චිත‍්‍රපට චාරිකාවේ 20 වැනි සිනමා කූටප‍්‍රාප්තිය "පත්තිනි" මේ දිනවල ඉහළ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර මද්දේ තිරගත වනවා. දකුණු ඉන්දියානු තමිල්නාඩු ප‍්‍රාන්තයේ අදටත් වන්දනාමාන කරන මේ උතුම් ස්ත‍්‍රිය කන්නගී ලාංකික අප හඳුන්වන්නේ පත්තිනි දේවිය නමින්. පත්තිනි දේවිය පිළිබඳව ජන සාහිත්‍යයේ කථා වෘතාන්ත රාශියක් තිබෙනවා. ඒ අතුරින් කන්නගී කෝවලන් ආදර කථාව ඔබට නුහුරු දෙයක් නෙමෙයි.

කන්නගී කෝවලන් ආදර කථාවේ කන්නගී කෝවලන්ට පණ වගේ ආදරේ කළත් කෝවලන් ආදරේ කළේ මාධවීට. මාධවී කෝවලන් අසීමිත ආදරය නිසාවෙන්ම එහි සංකේතයක් උපදිනවා. ඒ තමයි මණිමේඛලා කුමරිය. පත්තිනි සිනමා පටය හරහා මණිමේඛලා ලෙස අප හමුවට සමීප වන්නේ විනු සිරිවර්ධන.

 

විනු මොනවද අලූත් විස්තර.....

අනේ.... මම ගල්ගමුවේ රූගත කිරීමවලට ඇවිල්ලා ඉන්නේ....

 

මට විනාඩියක් දෙන්න පුළුවන්ද? ඊළඟට මගේ සීන් එක.

 

විනු ටිකක් විතර කාර්යය බහුලයි. කොහොම වුණත් ‘‘නිසල දිය සුලි’’ ටෙලිනාට්‍ය රූගත කිරීම් අතරතුර සඳැල්ල වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කරන්න ඇය අමතක කළේ නැහැ. අපි ඇයව මේ විදිහට කථාබහට එකතු කරගත්තේ පත්තිනි හරහා ඔබ හමුවට එන මණිමේඛලා ගැන කථාකරන්න.

 

‘‘පත්තිනි’’ ඔබේ කීවෙනි සිනමා නිර්මාණයද?

පත්තිනි කියන්නේ මම රංගනයෙන් දායකවුණු දෙවන සිනමා නිර්මාණය. මගේ පළමු චිත‍්‍රපටය සුගත් සමරකෝන් මහතාගේ ඇහැලේපොළ කුමාරිහාමි චිත‍්‍රපටය.

 

පත්තිනි’’ සිනමා පටය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මගේ රංගන ජීවිතේ විශාල වෙනසක් කළ චිත‍්‍රපටයක් ලෙස තමයි මම පත්තිනි දකින්නේ.

 

විනූව අපි වැඩිපුර දකින්නේ පුංචි තිරයෙන්. සිනමාවට එන්න ඔබට පාර කැපෙන්නේ කොහොමද?

මම වැඩිපුර දකින්නේ පුංචි තිරයෙන් වුණාට රංගන ජීවිතේ වැඩිපුරම කැමැත්ත තිබුණේ සිනමාවට. ඒ අතුරින් ලොකු ආසාවක් තිබුණා ඓතිහාසික සිනමා නිර්මාණයට දායකවෙන්න. ආරාධනා ලැබුණු චිත‍්‍රපට බොහොමයක් අතුරින් ඇහැලේපොළ කුමාරිහාමි චිත‍්‍රපටයට රංගනයෙන් දායක වුණේ ඉතාම ආසාවෙන්. ඊට පසුව ආරාධනා ලැබුණු දෙවන සිනමා නිර්මාණය ‘‘පත්තිනි’’

 

පත්තිනි හරහා එන මණිමේඛලාගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

සුනිල් සර් මාව මුලින්ම දැකලා තිබුණේ ඇහැලේපොළ කුමාරිහාමි චිත‍්‍රපටයේදී. එතනදී මණිමේඛලා කියන චරිතයට මාව සුදුසුයි කියලා එතුමට හිතුනලූ. මම හිතනවා මණිමේඛලා චරිතයට මා තුළින් කුමක් හෝ විශේෂත්වයක් එතුමා දකින්න ඇති කියලා.

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි දැවැන්ත චරිතයක් සමග නවකයෙක් විදිහට ඔබට වැඩ කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

සුනිල් සර් වැනි දැවැන්තයෙක් සමග වැඩ කරන්න ලැබීම මගේ ජීවිතේ මම ලබපු විශාල භාග්‍යයක්. එතුමා තුළින් මා ලබාගත් දැනුම සුවිශාලයි. ඇත්තටම එතුමා අධ්‍යක්ෂවරයෙකුට වඩා අපිට හොඳ ගුරුවරයෙක් වුණා. මම නවක පරපුරේ රංගන ශිල්පිණියක් විදිහට එතුමා මාව මේ චරිතයට තෝරාගැනීම මා ලැබූ වාසනාවක්.

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ චරිතයට ඔබට ආරාධනා කරපු වෙලාවේ දැනුන හැඟීම කොයිවගේද?

ඇත්තටම සුනිල් සර් මට මේ චරිතයට කථා කරපු වෙලාවේ හිතේ ලොකු බයක් ඇතිවුණා. එතුමා රටේ අති දක්ෂ ප‍්‍රවීණයෙක්. මම නවකයෙක්. ලොකු චකිතයක් ඇතිවුණා. ඒ වුණත් වැඩ කරගෙන යද්දි එතුමා කොයිතරම් මානුෂීය ගති පැවැතුම් තියෙන හොඳ පුද්ගලයෙක්ද කියලා දැනුණා. සුනිල් සර් නිලය, බලය, දැනුම මේ දේවල් තුළින් ඔලූව උදුම්මවාගත්ත චරිතයක් නෙමෙයි. එතුමා ජීවිතය කියන රංගන පාසලේ මට මුණ ගැහුණු පඬිවරයෙක්. ඒ වගේම පූජා අක්කාගෙන් අරුණි අක්කාගෙන්, උද්දික අයියාගෙන් මණිමේඛලාගේ චරිතය කරන්න මට ලොකු සහයෝගයක් ලැබුණා. පූජා අක්කා එක්ක මම වැඩ කරපු මේ පළමු අවස්ථාව. ඇත්තටම ඇය හරිම නිහතමානී චරිතයක්.

 

මණිමේඛලාගේ චරිතය ඔබට දැනුනේ කොහොමද?

මණිමේඛලාගේ චරිතය පේ‍්‍රක්ෂකයා වෙතට එන්නේ මාධවීගේ සහ කෝවලන්ගේ දියණිය විදියට. නුත‍්‍ර රාජිනි පදවියත් එක්ක ඔවුන් දෙපලට දරුවන් හදන්න බැහැ. නමුත් මාධවී කෝවලන්ට තිබෙන ආදරය නිසාවෙන්ම එහි සංකේතයක් විදිහට තමයි මණිමේඛලා බිහිවෙන්නේ. ජීවිතේ එක් තැනකදී කෝවලන් ඒ කියන්නේ මණිමේඛලාගේ පියාණන් මාධවී (බිරිඳවත්* දියණිය මණිමේඛලාවත් අතහැර යනවා. රජ පෙලපතේ දේවල් එක්ක මාධවී ජීවිතේ ගැන කලකිරිලා බුදු දහම සමග ජීවිතේ ගෙවන්න උත්සාහ ගන්නවා. මවගේ ක‍්‍රියාවන් එක්ක මණිමේඛලත් බුදු දහම වැළඳගන්න තීරණය කරනවා. එතනදී මණිමේඛලා හිතනවා සියලූ සැප සම්පත් අතහැර දාලා සිවුරු පොරවන්න ඕන කියලා.

 

මණිමේඛලා එක අවදියකදී හිස මුඩු කරනවා. හැබැයි මේ චරිතයේදී ඔබ හිසමුඩු කරන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් තිබුණද?

විශේෂ හේතුවක් තිබුණේ නැහැ.

 

හිස මුඩු නොකර චීවරයක් දැරීම තුළින් මණිමේඛලා කියන චරිතයට සාධාරණයක් වුණා කියලා හිතනවද?

ඇත්තටම ඒ පිළිබඳව මම වැඩිය කථා කරන්න කැමති නැහැ. මොකද ඒ චරිතය නිරූපණය කළ යුත්තේ කොහොමද කියලා තීරණය කළේ සුනිල් සර්. එතුමාගේ කැමැත්ත තිබුණා මේ චරිතයට හිස මුඩු කරන්න. නමුත් නිර්මාණයට සාධාරණයක් වන විදිහට සුනිල් සර් චරිතය නිර්මාණය කළා. හිස මුඩු නොකිරීම සුනිල් සර්ට ප‍්‍රශ්නයක් නැත්නම් පේ‍්‍රක්ෂකයාට, විචාරකයන්ට ප‍්‍රශ්නයක් නැතිවේවි කියලා හිතනවා.

 

මේ චරිතයට ඔබේ විශේෂ සූදානමක් තිබුණද?

චිත‍්‍රපටය කරන්නටත් පෙර සිටම මම නිර්මාංශ වුණා. මුලින්ම සිවුර ඇඟට ස්පර්ශ වෙන අවස්ථාවේ සිතට පුදුම සැහැල්ලූවක් දැනුණා.

වෙනදට සෙට් එකේ වැඩිපුරම හිනා වෙලා දඟලන මම එදා සිවුර ඇඟට දාපු අවස්ථාවේ ඇඟට ඉබි යතුරු දාලා වගේ හරිම හික්මීමක් ඇතිවුණා. ඒ වෙලාවේ දැනුන හැඟීම වචනයෙන් කියන්න බැහැ.

 

චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?

ඉතාමත් ඉහළයි. ප‍්‍රවීණයන්ගෙන්, පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර එක්ක ‘පත්තිනි’ මගේ ජීවිතේ ලොකු පිටුවක් පෙරළුවා කියලා හිතෙනවා. ලැබෙන ප‍්‍රතිචාර එක්ක හිතෙනවා මණිමේඛලා චරිතයට මගෙන් සාධාරණයක් ඉෂ්ඨ වුණා කියලා.

 

නදීශා අතුකෝරළ 

sandalla

 

2016-05-20-ENT-11

2016-05-03-ent-53
2016-05-03-ent-56
2016-05-03-ent-57
2016-05-03-ent-59
2016-05-06-ent-53
 



අදහස් (0)

සිනමාවට වැඩිපුර කැමති විනූ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 149 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 294 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 640 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site