වසර 12කට පෙර ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සිහිකිරීම සඳහා අද (26) රටපුරා විවිධ වැඩසටහන් සංවිධානය කැර තිබිණි.
මගීන් 1500කට අධික පිරිසක් සමග උදම් රලට පැරෑලිය තෙල්වත්තේදී අසුවූ දුම්රියේ එන්ජිම අදත් යළි මාතර බලා ධාවනය කරමින් එදින මියගිය පිරිස් සිහිපත් කැරිණි. 2004 දෙසැම්බර් 26 වැනිදා මාතර දුම්රිය ධාවනය කළ රියදුරාත් සහායකයාත් මියගිය අතර ජීවිතය බේරාගත්තේ ප්‍රධාන නියාමක ඩබ්ලිව්.කරුණාතිලක මහතා පමණි. ඔහු සුනාමි සැමරුම සඳහා අද එක්ව නොසිටියේය. ඔහු අසනීපයෙන් පසුවන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා කීවේය. ගිය වසරේ සුනාමි සැමරුමට එක්වූ ඔහු සංවේදී ස්වරූපයෙන් පැවසූයේ එදා කුඩා දරුවකු බේරාගෙන සුනාමි ස්මාරකය අසල තැබූ බවයි. එම දරුවා ගැන ඉන්පසු තොරතුරක් නොලැබුණු බව ඔහු කියයි. තෙල්වත්ත පැරෑලියේ දී අඩු ගණනේ දුම්රියේ ගමන් කළ 1500කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.
2004 දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් ගණනාවක ලක්ෂ ගණනකගේ ජීවිත හා දේපොළ අහිමි කරමින් සුමාත්‍රා දූපත්හි ඇතිවූ භූ කම්පනය හා සුනාමි තත්ත්වය එදා මෙදාතුර මෙරටට ඇතිවූ දරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙස සැලකේ.
තෙල්වත්ත පැරැලියේ සහ ප්‍රදේශ රැසක සුනාමියෙන් මියගිය පිරිස සිහි කරමින් ඔවුන්ගේ ඥාතිහු ආගමික වතාවත් සිදුකොට පුෂ්පෝපාහාර දැක්වූහ.
2004 දෙසැම්බ්ර් 26 වැනිදා සුනාමියේදී යාපනය ,මඩකලපුව,මාතර,හම්බන්තොට, වැනි ප්‍රදේශ රැසක මෙන්ම පැරැලියේදී කොළඹ සිට මාතර බලා ගිය දුම්රිය සුනාමියට හසුව විශාල පිරිසක් මිය ගියහ. සුනාමියෙන් මියගිය ගණන 50000කට අධිකය.
සුනාමියෙන් මියගිය අය සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවයක් ද පැවැත්විණි.
ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා
ඡායාරූප - සනත් ගමගේ
ඡායාරූප- ජව්ෆර් කාන්












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විපතක් යළි කිසිදිනක නොමවේවා! (නි)
ස්වභාව ධර්මය කියන්නේ අපට පෙනෙන දෙවියන්. එයට අපි හැමෝම යටයි. මෙවන් විපතක් නැවත කිසි දිනක නොවේවා! (නි)
මෙවන් විපතක් යළි කිසිදිනක නොමවේවා. මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා (බ)